Press ESC to close

Starlink වෙතින් හදුන්වා දෙන නවතම global roaming පැකේජ

SpaceX සමාගමට අයිති satellite internet ලබාදෙන ව්‍යාපෘතියක් තමයි Starlink කියන්නෙ. Starlink මගින් දැනට රටවල් 50කට පමන අන්තර්ජාල සේවා ලබාදෙනව. ඉතින් ඔවුන් අලුතෙන්ම නිකුත් කලා Starlink Roam නමින් ගෝලීය roaming පැකේජ් එකක්. ඔවුන්ගේ සේවාව ඇති ඕනෑම තැනකට Starlink terminal එක රැගෙන ගොස් පරිශීලකයන්ට අන්තර්ජාල පහසුකම විදගන්න පුලුවන්.

SpaceX සමාගම පවසා තිබුනේ මෙම roaming පැකේජ් එක වඩාත් සුදුසු වෙන්නෙ අන්තර්ජාල සම්බන්ධතාව සම්පූර්ණයෙන්ම ලබා ගත නොහැකි ස්ථානවලට ගමන් කරන පුද්ගලයින් සඳහා බවයි. මෙම පැකේජ ලබාගැනීමට නම් මසකට $200 ගෙවීමට සිදුවෙනව.

Get Your Site Up with A2 Hosting

කොහොමවුනත් Starlink වෙබ් අඩවියේ සදහන් වෙන විදියට මෙම ගෝලීය roaming ලබාගන්න පුලුවන් ඔවුන්ගේ portable terminal සමගයි. එය $599ක් පමන වෙනව. ඒවගේම චලනය වන වාහනයක ඉදන් අන්තර්ජාල සම්බන්ධතාව ලබාගන්න අවශ්‍ය නම් ඒ සදහා $2,500ක High Performance terminal එකක් ලබාගන්න සිදුවෙනව.

Starlink පසුගිය මාසයේදී ගෝලීය රෝමිං පැකේජ ගැන ඊමේල් දැනට සිටින ඔවුන්ගේ පාරිබෝගිකයන්ට යවා තිබෙනව. ඒවගේම දැනට ඉන්දියාව වැනි රටවල් වලට මෙම රෝමිං පැකේජ ලබානොදෙන බව SpaceX සමාගම පවසා තිබුන. ඔවුන් පරිශීලකයන්ට පවසා තිබුනෙ වැඩි ආවරණයක් ලබාදීම සඳහා ඔවුන්ගේ චන්ද්‍රිකා ජාලය ව්‍යාප්ත කිරීමට ක්‍රියා කරන අතරතුර දුර්වල connectivity එකක් තිබිය හැකි බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *