Home Tech News Hardware Starlink වෙතින් හදුන්වා දෙන නවතම global roaming පැකේජ
HardwareInternetTech News

Starlink වෙතින් හදුන්වා දෙන නවතම global roaming පැකේජ

Share
blank
Share

SpaceX සමාගමට අයිති satellite internet ලබාදෙන ව්‍යාපෘතියක් තමයි Starlink කියන්නෙ. Starlink මගින් දැනට රටවල් 50කට පමන අන්තර්ජාල සේවා ලබාදෙනව. ඉතින් ඔවුන් අලුතෙන්ම නිකුත් කලා Starlink Roam නමින් ගෝලීය roaming පැකේජ් එකක්. ඔවුන්ගේ සේවාව ඇති ඕනෑම තැනකට Starlink terminal එක රැගෙන ගොස් පරිශීලකයන්ට අන්තර්ජාල පහසුකම විදගන්න පුලුවන්.

SpaceX සමාගම පවසා තිබුනේ මෙම roaming පැකේජ් එක වඩාත් සුදුසු වෙන්නෙ අන්තර්ජාල සම්බන්ධතාව සම්පූර්ණයෙන්ම ලබා ගත නොහැකි ස්ථානවලට ගමන් කරන පුද්ගලයින් සඳහා බවයි. මෙම පැකේජ ලබාගැනීමට නම් මසකට $200 ගෙවීමට සිදුවෙනව.

කොහොමවුනත් Starlink වෙබ් අඩවියේ සදහන් වෙන විදියට මෙම ගෝලීය roaming ලබාගන්න පුලුවන් ඔවුන්ගේ portable terminal සමගයි. එය $599ක් පමන වෙනව. ඒවගේම චලනය වන වාහනයක ඉදන් අන්තර්ජාල සම්බන්ධතාව ලබාගන්න අවශ්‍ය නම් ඒ සදහා $2,500ක High Performance terminal එකක් ලබාගන්න සිදුවෙනව.

Starlink පසුගිය මාසයේදී ගෝලීය රෝමිං පැකේජ ගැන ඊමේල් දැනට සිටින ඔවුන්ගේ පාරිබෝගිකයන්ට යවා තිබෙනව. ඒවගේම දැනට ඉන්දියාව වැනි රටවල් වලට මෙම රෝමිං පැකේජ ලබානොදෙන බව SpaceX සමාගම පවසා තිබුන. ඔවුන් පරිශීලකයන්ට පවසා තිබුනෙ වැඩි ආවරණයක් ලබාදීම සඳහා ඔවුන්ගේ චන්ද්‍රිකා ජාලය ව්‍යාප්ත කිරීමට ක්‍රියා කරන අතරතුර දුර්වල connectivity එකක් තිබිය හැකි බවයි.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...