Home Tech News OS iOS 14.5 එක්ක අලුත් උන දේවල්
OSPhonesTech News

iOS 14.5 එක්ක අලුත් උන දේවල්

Share
blank
Share

පසුගිය දිනක Apple සමාගම තමන්ගෙ mobile OS එක වෙන iOS සඳහා වන අලුත්ම update එක iOS 14.5 නිකුත් කරල තිබුනා. මේ එක්ක මේ වගේ වසංගත රෝග තියෙන කාලයක වැදගත් වෙන මුහුණු ආවරණයක් පැලඳ සිටින වෙලාවක තමන්ගෙ iPhone එක unlock කිරීමේ හැකියාව, අලුත් privacy controls, අලුතෙන් හඳුන්වල දුන්න Siri voices වගේම Apple සමාගමේ අලුත්ම product එක වෙන AirTags සඳහාත් සහය දැක්වීම වගේ දේවල් මේ අලුත් update එකෙන් පාරිභෝගිකයන්ට ලැබුනා.

අලුතෙන්ම එකතු උන වඩාත් කැපී පෙනෙන feature එක වෙන්නෙ මුහුණු ආවරණයක් පැලඳගෙන හිටියත් iPhone එක unlock කිරීමේ හැකියාවයි. එසේ කිරීමට iPhone එක සමීපයෙන් pair කරපු Apple Watch එකක් තිබිය යුතු වෙනවා. මේ feature එක ක්‍රියාත්මක වීමට අවම වශයෙන් Apple Watch Series 3 එකක් සහ iPhone X එකක් තිබිය යුතුයි.

iOS 14.5 එක්ක අපිට පුරුදු Siri voice assistant ගෙ කටහඬ වෙනුවට දීල තියන එකතුවෙන් අපිට කැමති කටහඬක් තෝරගන්න අවස්ථාව ලැබෙනවා. මේ විදිහට කැමති කටහඬක් තෝරගන්න iPhone එක මුලින්ම setup කරද්දිම අවස්ථාව ලබාදෙනවා. ඒ වගේම මේ update එකත් එක්ක Siri ට incoming calls, AirPods සහ සහය දක්වන Beats headphones හරහා දැනුම් දෙන්න හැකියාව ලැබිල තියනවා.

මේ අලුත් update එකේ වඩාත්ම කතාබහට ලක්වුනු ආන්දෝලනාත්මක feature එක තමා අලුත්ම App Tracking Transparency settings. මේ වෙද්දි iPhone users ලට හැකියාව ලැබෙනවා එක එක App වලින් කරන Data tracking වලට අවසර ලබා දෙන්න හෝ නොදෙන්න. iOS 14.5 වලින් පස්සෙ users ලට හැකියාව ලැබෙනවා විවිධ Apps, ඒ app එකට අමතරව වෙනත් Apps හෝ Web sites වල දත්තත් ad-targeting සඳහා track කරනවනම් ඒකට අවසර ලබා දෙන්න හෝ නොදෙන්න. මේක Facebook වගේ ආයතන වලට බරපතල පහරක් කියලයි බොහෝ දෙනෙක් සඳහන් කරන්නේ.

මීට අමතරව අලුත් update එකත් එක්ක අලුත්ම emoji එකතුවකුත් හඳුන්වාදෙන්න Apple සමාගම කටයුතු කරල තියනවා. ඒවා skin tones කිහිපයකින්ම බලාගන්න පුලුවන්.

Share

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...