Home Tech News Ai Personalized AI වැඩසටහන ChatGPT Pulse
AiTech News

Personalized AI වැඩසටහන ChatGPT Pulse

Share
blank
Share

OpenAI සමාගමෙන් දැන් නිවේදනය කරලා තියෙනවා ChatGPT Pulse කියලා අලුත් feature එකක්. මේක අලුත් විදියෙ personalized AI experience එකක්.

Pulse කියන්නේ ChatGPT එක ඔබේ personal assistant වගේ හැසිරෙන feature එකක්. එම සමාගම කියනවා මේකෙන් ChatGPT ඔබ කැමති අකමැති දේවල් තේරුම් ගන්නවා කියලා. සරලවම කිව්වොත්, ඔයාලට පුරුදු questions, interests වගේ හඳුනාගෙන, ඔයාලට ඊට අදාලම තොරතුරු ලබාදෙනවා.

උදාහරණයක් කිව්වොත් ඔයාට නරඹපු චිත්‍රපටයකට සමාන වෙනත් චිත්‍රපටි ගැන දැනගන්න ඕනෙ නම්, Pulse ඔයාලට එවැනි recommendations ලබාදෙනවා. නැත්තම් ඔයා daily work organize කරන්න ChatGPT බාවිතා කරනවා නම්, Pulse ඔයාලගේ routine pattern හොයාගෙන tasks manage කරන්න උදව් කරනවා.

මේ අලුත් AI විශේෂාංගය නිසා දැන් ChatGPT කියන්නෙ නිකන්ම AI chatbot වැඩසටහනක් විතරක්ම නෙවෙයි, ඒක දැන් personalize AI වැඩසටහනක් වෙලා. නමුත් ප්‍රධාන ප්‍රශ්නය තමයි Privacy  සම්බන්ධ ඇතිවන ගැටලුව. OpenAI කියන විදිහට, data handling සදහා ඔවුන් transparency සහ user control කලහැකි විදියට මේක නිර්මානය කර තිබෙනවා.

මේ ChatGPT Pulse කියන්නේ මේකේ පළවෙනි පියවර පමණයි. ඉස්සරහට මේකට තව powerful personalization features නිකුත් වෙයි කියලා හැමෝම බලාපොරොත්තු වෙනවා.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...