Lenovo සමාගම විසින් Gaming ලෝකයට එළිදක්වන ලද Legion Go 2 Hand-held ගේමිං PC එක Nintendo Switch හට සමාන කුඩා හා අතේ ගෙන යා හැකි සැලසුමකින් නිර්මාණය වී තිබෙනවා. මෙම උපාංගය සම්පූර්ණයෙන්ම Windows 11 මත පදනම් වී ක්‍රියා කරයි. මෙයින් අදහස් වන්නේ Steam, Epic Games Store, Xbox Game Pass සහ GOG වැනි සියළුම ප්‍රධාන ගේම් Platform වලට මෙමගින් ප්‍රවේශ වීමට හැකි වන අතර, දහස් ගණනක් වූ PC ගේම්ස් මේ මගින් සෙල්ලම් කිරීමට හැකි වීමයි. මෙය සාම්ප්‍රදායික කන්සෝල් ගේම් වලට පමණක් සීමා වී නැති අතර, Players ලාට සම්පූර්ණ PC ගේමිං අත්දැකීමක් මෙම කුඩා උපාංගයකින් ලබා ගැනීමේ අවස්ථාව ලැබේ.
මෙම Legion Go 2 සැබවින්ම Powerful උපාංගයකි.මෙය නවතම AMD Ryzen Z2 ප්‍රොසෙසරයක් සහ RDNA 3 ග්‍රැෆික්ස් වලින් සංයෝජනය වූ උපාංගයකි . මේ මගින් The Witcher 3, Cyberpunk 2077, Elden Ring වැනි AAA ගේම් වල smooth gameplay එකක් ලබා ගැනීමට පුලුවනි. අගල් 8.8 OLED display එකක් තිබෙන මෙයින් ඉතා පැහැදිලි වර්ණ සහ ඉහළ contrast ratio එකක් ලැබෙන අතර, 120Hz refresh rate එක සමඟින් smoothness Gameplay එකක් අත්දකින්න පුලුවන්.
සම්ප්‍රදායිකව ගේම් සෙල්ලම් කිරීමට desktop PC එකක් හෝ gaming laptop එකක් අවශ්‍ය වුවත් දැන් pocket-friendly මෙවැවි Powerful උපාංගයකින් ලබා ගැනීමේ හැකියාව ඔබට තිබෙනවා. විවේකයේදී, ගමන් බිමන් යන විටදී, හාන්සි වී සිටින විට වුවද ගේම් සෙල්ලම් කිරීමේ පහසුව කාර්යබහුල ඔබට වටිනවා. Battery life එකෙන් පැය 6-8ක් පමණ මෙය බලගන්වන්න පුලුවන්, fast charging support සහ external display එකක් සම්බන්ද කිරීමට හැකි නිසා මෙම උපාංගය daily driver එකක් ලෙස භාවිතා කිරීමට කාර්ය බහුල ඔබට ඉතා සුදුසුය. Legion Go 2 සැබවින්ම Handheld gaming revolution එකේ ප්‍රමුඛ පෙළේ උපාංගයක් වනවා නොඅනුමානයි.













Leave a comment