Home Tech News Hardware මීළගට නිකුත් වීමට නියමිත Exynos 2500 චිප්සෙට් එක පිළිබද තොරතුරු
HardwarePhonesTech News

මීළගට නිකුත් වීමට නියමිත Exynos 2500 චිප්සෙට් එක පිළිබද තොරතුරු

Share
blank
Share

මෑත දිනකදි Samsung සමාගම ඔවුන්ගේ නවතම Exynos 2400 එක එළිදැක්වූවා. ඒ Galaxy S24 series එක සමගයි. මෙම චිප්සෙට් එක අනෙක් සමාගම් වල චිප්සෙට් සමග තරගකල හැකි ලෙස වැඩිදියුනු කර තිබෙනව. දැන් Exynos 2500 චිප්සෙට් එකෙ specifications ඔන්ලයින් දක්වා තිබෙනව.

ඔන්ලයින් සටහන් වලට අනුව Exynos 2400 ලෙසම deca-core (10 cores) CPU එකක්. ඒවගේම ARM Cortex-X5 3.3GHz to 3.2GHz ස්පීඩ් එකක් මෙහි තිබෙනව. මීට අමතරව, එහි 3x Cortex-A730 කෝර් 2.5GHz සිට 2.3GHz දක්වා සහ තවත් Cortex-A730 කෝර් දෙකක් ඇත. Cortex-A520 cores හතරක් ද ඇත. මෙම cores සඳහා වේගය දැනට නොදනී.

Exynos 2500 Samsung Foundry හි 2nd-gen 3nm ක්‍රියාවලි නෝඩය මත නිපදවන බව ද පැවසේ. එය TSMC හි 3nm (N3B) ක්‍රියාවලි තාක්ෂණයට වඩා හොඳ බව වාර්තා වෙනව.

ඉදිරියට එන Snapdragon 8 Gen 4 හි Nuvia නිර්මාණය කරන ලද Oryon CPU මධ්‍යයන් ඇතුළත් විය හැකි බව Qualcomm සමාගම පවසා තිබෙනව. එය TSMC හි වැඩිදියුණු කළ 3nm ක්‍රියාවලි නෝඩය මත ගොඩනගා ඇති අතර, එය CPU ක්‍රියාකාරිත්වයේ නව මිණුම් ලකුණක් සැකසීමට ඉඩ සලසයි.

කෙසේ වෙතත්, නවතම Exynos 2400 මෙම වසරේ ඉතා හොඳින් පවත්වා ගෙන ගොස් ඇති අතර, ලබන වසරේද Samsung විසින් තරඟකාරී චිප්සෙට් එකක් සංවර්ධනය කරනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...