Home Tech News නවතම MSI Intel® B860 සහ H810 Motherboards
Tech News

නවතම MSI Intel® B860 සහ H810 Motherboards

Share
blank
Share

MSI සමාගම Intel® B860 සහ H810 chipsets සඳහාම නිර්මාණය කරන ලද නවතම motherboard පෙළ හඳුන්වා දුන්නා. Performance සහ innovation(නවොත්පාදන) එක්කර, මෙම motherboards විශිෂ්ට විශ්වසනීයත්වයක් සහ පරිශීලක හිතකාමී විශේෂාංග ලබා දෙනවා. මේවා ප්‍රධාන ධාරාවේ පරිශීලකයින්(users), ක්‍රීඩකයින්(gamers) සහ නිර්මාණකරුවන් (creators) දියුණු පරිගණක හැකියාවන් සමඟ සවිබල ගැන්වීම සඳහාම නිර්මාණය කර තියෙනවා.

B860 chipset එක H810 හා සැසඳීමේදී high-performance සඳහා කැපී පෙනෙන තේරීමක් බවට පත් කරමින් වාසි කිහිපයක් ගෙන දෙනවා. එය PCIe 5.0 slot සහ M.2 storage සඳහා සහය දක්වයි, ඉහළ ඉල්ලුමක් සහිත වැඩ සඳහා වේගවත් සහ වැඩිදියුණු කළ කාර්යක්ෂමතාවක් ලබා දෙයි. H810 වලට වඩා වෙනස් ලෙස, B860 chipset එක memory overclocking සඳහා ද ඉඩ සලසනවා, පරිශීලකයින්ට ඔවුන්ගේ පද්ධතියේ performance පිළිබඳ වැඩි නම්‍යශීලීතාවක් සහ පාලනයක් ඒ මගින් ලබා දෙනවා. B860 chipset එකට H810 හි PCIe lanes 16ට සාපේක්ෂව PCIe lanes 24ක් තිබීම නිසා, B860 එක peripherals සහ components සඳහා එහි උසස් bandwidth එක සමඟ performance වල සැලකිය යුතු වර්ධනයක් ලබා දෙනවා.

එහි capabilities තවදුරටත් වැඩිදියුනු කරමින්, chipsets දෙකෙහිම Thunderbolt™ 4 ඇතුළත් කරලාත් තියෙනවා, බාධාවකින් තොර user experience එකක් සඳහා high-speed connectivity සහතික කරනවා. කෙසේ වෙතත්, B860 chipset එක Direct Media Interface (DMI) Gen4 lanes 8ක් දක්වා support කරන අතර, H810 හි lanes 4ට සාපේක්ෂව CPU සහ chipset අතර data transfer capacity දෙගුණ කර තිබෙනවා. MSI හි B860 chipset මත ගොඩනගන ලද motherboards වැඩි performance, කල් පැවැත්ම, සහ බහුකාර්යතාව ලබා දෙමින්,නවීන තාක්ෂණය සොයන සොයන gamers, creators සහ everyday users ලාට තුළ විශ්වාසය ඇති කරනවා.

මෙම latest release එක සමඟ, Intel® non-K desktop processors සමඟින් low-power 35W desktop processors හඳුන්වාදිමද සිදු වුනා, විවිධ අවශ්‍යතා සඳහා ගැළපෙන නව මාදිලි 12ක් users ලාට ලබාදී තියෙනවා. මෙම මාදිලි performance හා energy efficiency කෙරෙහි කැමැත්තක් ඇති සෑම කෙනෙකුටම processor එකක් ඇති බව සහතික කරලා තියෙනවා.

Intel® Core™ Ultra Processors (Series 2) non-K SKUsIntel® Core™ Ultra Processors (Series 2) Low Power SKUs
Intel® Core™ Ultra 9 285Intel® Core™ Ultra 9 285T
Intel® Core™ Ultra 7 265Intel® Core™ Ultra 7 265T
Intel® Core™ Ultra 7 265FIntel® Core™ Ultra 5 245T
Intel® Core™ Ultra 5 245Intel® Core™ Ultra 5 235T
Intel® Core™ Ultra 5 235Intel® Core™ Ultra 5 225T
Intel® Core™ Ultra 5 225 
Intel® Core™ Ultra 5 225F 

MSI සමාගමේ B860 motherboards නිකුතුවත් සමඟ, performance අලුත්ම උසස්ම මට්ටම් වෙත ළඟා වෙනවා. Intel සමාගමේ නවතම desktop processors වල ශක්තිය උපයෝගී කර ගැනීමට නිර්මාණය කල මෙම motherboards, PCIe 5.0 slot සහ M.2, සහ DDR5 memory වැනි නවීන තාක්‍ෂණ සඳහා සහාය දක්වනවා. ශක්තිමත් බල සැපයුම් පද්ධතියක් high-end gaming හෝ high-workloads සඳහා හොද performance සහතික කරයි. නව Click BIOS X පරිශීලකයන්ට සම්පූර්ණ බලය සහ හැකියාව ලබා දෙයි. MSI සමාගමේ Ultra Engine බලයෙන්, මෙම motherboards වල memory design එකක් ඇති නිසා, 9200+ MT/s දක්වා overclocking කිරිමෙ හැකියාවද මෙය සතුයි.

MSI සමාගමේ B860 motherboards, system performance ඉහල දැමීමට නිර්මාණය කරන ලද සංවර්ධිත විශේෂාංග සමඟ පැමිණෙනවා. AI Boost, NPU සමගින් overclocking කිරීම හරහා AI හැකියාවන් වැඩි දියුණු කරලාත් තියෙනවා, එසේම Gaming series එකෙ motherboards, overclocking පහසුකම් සැපයීම සඳහා OC Engine එක අඩංගු වෙලා තියෙනවා. Click BIOS X නව විශේෂාංග Performance Preset සඳහා, Enhanced XMP Memory Profiles, සහ Memory Try It! ඇතුලත් වෙනවා. Gamersලා වෙනුවෙන්ම නිර්මාණය කර ඇති මෙම MSI B860 motherboards කාර්යක්ෂමතාව, වැඩි බලයක් සමඟ එක්වී, next-level පරිගණක අත්දැකීම් සඳහා නවමු වේදිකාවක් සපයාවි.

පරිශීලනයේ පහසුව සෑම විටම MSI සමාගමේ motherboards ප්‍රමුකත්වය වෙලා තියෙනවා වගෙම B860 සහ H810 chipset motherboards මෙම  EZ DIY පහසුකම සහ නවෝත්පාදන සමඟ ලබාදෙනවා. නවීකරණය කළ EZ M.2 Shield Frozr II, M.2 heatsinks ස්ථාපිත කිරීම පහසු කරයි, EZ PCIe පහසුකම නිසා විශාල ග්‍රැෆික් කාඩ්(graphics card) එකක් වුවත් පහසුවෙන් ඉවත් කිරීමට හැකියාව තියෙනවා. EZ Antenna, Wi-Fi connectors ස්ථාපනය සහ ඉවත් කිරීම පහසු කරයි. මෙම පරිශීලක-හිතකාමී විශේෂාංග නිසාම, පරිගණක පද්ධතියක්(computer builds) සෑදීම සහ නවීකරණය කිරීම ඉතා පහසු කරනවා, පරිශීලකයාට ඔවුන්ගේ build එක පහසුවෙන් සැකසීමට හැකියාව ලබා දෙයි.

Connectivity එක, MSI B860 motherbords වල විශේෂාංගයක් බවට පත් වූවක් වන අතර, gaming, streaming සහ content creation සඳහා අති වේගවත් networking සහතික කරයි. MAG series එකෙ Intel® Killer™ Wi-Fi 7 සහ Intel® Killer™ 5G LAN අධි වේගයෙන් ක්‍රියා කිරීම  වෙනත් bottleneck ගැටළු නැති කරයි. Performance Preset සඳහා Thunderbolt™ 4 මඟින් අධි වේගවත් 40Gbps data transfer හැකියාවන් තියෙනවා, සහ වැඩි M.2 slots, නවීන පද්ධතියන්ට අවශ්‍යතාව සඳහා උසස් වේගයේ storage සැපයීම සහතික කරයි.

උපරිම performance සහ දිගුකාලීන භාවිතය සඳහා නිර්මාණය කළ MSI සමාගමේ B860 motherbords වල ප්‍රිමියම් අංගවලින් හා නවීන තාප විසඳුම් සමඟින් යුක්ත වේ. විහිදෙන විශාල heatsink සහිතව, gaming grade PCB සහ 60A Smart Power Stages (SPS) සමඟින් 12 power safe VRMs දක්වා, මෙම motherboards, heavy workloads සමඟ පුළුල්ව භාවිතයට හැකි වේ. MSI Z890 chipset එක මෙන්, B860 motherbords වල GPU, AI computing සහ gaming සඳහා Supplemental PCIe Power සපයනවා.

MSI සමාගමේ B860 motherboards නිකුතුවත් සමඟ, MSI සමාගම ප්‍රධාන standard නව මානයකට රැගෙන ඇවිත් තියෙනවා, gamers, creators, සහ business usersලා සඳහා වඩාත්ම විශ්වාසනීය බව සහ වැඩි වටිනාකමක් ඇති අතර, විවිධ පරිගණක අවශ්‍යතා සමග හොඳම ගුණාත්මක තාක්ශනයකින් සමන්විත වෙනවා.

MAG B860 TOMAHAWK WIFI & MAG B860M MORTAR WIFI – Built for Battle, Engineered for Excellence

MAG B860 TOMAHAWK WIFI සහ MAG B860M MORTAR WIFI MSI Arsenal, Gaming වලට හොඳම Performance එකක් ලබා දෙනවා. Gamersලා සඳහාම නිර්මාණය කර ඇති, නවතම B860 series එක, වැඩි features, වැඩි කල්පැත්මක් සහ ගෙවන මුදලට වැඩි වටිනාකමක් ඇති තේරීමක් බවට පත් කරයි.

Black aesthetic සහ green accent එකක් අඩංගු මෙම motherboards, ඕනෑම PC build එකකට සාර්ථකව මුසු කර ගත හැකයි. 12-phase Duet Rail Power System සහ 60A SPS සමඟ ඇති විශාල heatsink එකක්, වැඩි performance ලබා දෙමින්, දැඩි workloads යටතේ පවා විශ්වසනීය භාවිතය සහතික කරයි. Thunderbolt™ 4 සහ M.2 slots මඟින් අවශ්‍ය සියලු connectivity සහ storage options ලබා දේ.

MSI EZ DIY features එක නිසා, පරිගණක පද්ධතියක් ඉතා පහසුවෙන් ගොඩනැගිය හැකිය. EZ PCIe Release, EZ M.2 Shield Frozr II සහ EZ Antenna design ආකාරයෙන්, පළමු වරට පරිගණක සාදාගන්නා(build) අයට පවා system එකක් ඉතා පහසුවෙන් build කරගැනිමෙ හැකියාව ලබා දෙයි.

PRO B860 Series – Sleek Design, Reliable Power

MSI PRO B860 Series එක work සහ business සිට එදිනෙදා වැඩ සදහාම design කරලා තියෙනවා. Sleek silver design එක සහ 12-phase Duet Rail Power System එකක් feature වන අතර, හොද performance එකක් Intel® desktop processor එකක් සඳහා deliver කරනවා.

MSI PRO B860-P WIFI සහ PRO B860M-A WIFI, MSI සමාගමෙ EZ DIY philosophy එක follow කරනවා, PC build කිරීම සහ upgrades පහසු කිරීමට practical features ද ඇතුලත්. EZ M.2 Shield Frozr II සහ EZ M.2 Clip II, පහසුවෙන් SSD සවි කරගැනිමට සහ tool-freeව කරන්න හැකියාව තියෙනවා. EZ PCIe Clip II එක නිසා graphics card පහසුවෙන් සවි කරන්නත් ඉවත් කරන්නත් පුලුවන්, pre-installed I/O shield එකෙන් assembly process එක පහසු කරනවා, පළමු වරට පරිගණක සාදාගන්නා අයට පවා system එකක් ඉතා පහසුවෙන් build කරගැනිමෙ හැකියාව මේ නිසා ලැබෙනවා.

මෙම motherboards වල full-speed Wi-Fi 7 සහ 5G LAN connectivity එක එකතු කරලා තියෙනවා, එමගින් වේගවත් networking තහවුරු කරනවා. USB connectivity එක, multiple Type-C සහ Type-A ports ඇතුලත් වන අතර, usersට multiple peripherals, external storage devices, සහ accessories සම්බන්ද කිරීම පහසු කරමින් productivityඑක boost කරනවා. devices එකවර සම්බන්ද කරන PRO Series motherboards එක වැඩ පහසු කරනවා වගෙම, entertainment, සහ content creation සදහා හොද තෙරිමක්.

Project Zero – Redefining PC Building with Innovation & Elegance

B860 motherboards වලට අමතරව, MSI විසින්, “Project Zero” නමින් lineup එක නිකුත් කරනවා, නව නාමාවලියක් එක්ක “PZ” නමින් ලෙස හදුන්වාදෙමින්. “PZ” පවුලට එක්වන තවත් නව Z890 models තුනක් තිබෙනවා: MAG Z890 TOMAHAWK WIFI PZ, TOMAHAWK WIFI PZ WHITE, සහ PRO Z890-S WIFI PZ. මෙම motherboards, clean සහ minimalist PC build එකක් අගය කරන පරිශීලකයන් වෙනුවෙන්ම design කරලා තියෙනවා, ආකර්ශනීය සහ highly functional setups සෑදීමට වැඩි දියුනු කරන ලද customization options ලබා දෙනවා.

මෙමගින් aesthetics සහ ප්‍රයොගිකත්වය මිශ්‍ර කරමින්, MSI build එකක් සෑදීමට පරිශීලකයන්ට ඉඩ ලබා දෙයි. ඉහල performance සහ නව තාක්ශනික connectivity feature එක් කරමින්, MAG Z890 TOMAHAWK WIFI PZ / PZ WHITE සහ PRO Z890-S WIFI PZ, gamers, creators සහ PC enthusiastsලා සඳහාම නිර්මාණය කිරීම ද වැදගත් වේ

MAG Z890 TOMAHAWK WIFI PZ & PZ WHITE – Redefining PC Building with Innovation & Elegance

MAG පලමු වරට Project Zero family එක join කරමින් නව design එකක් අරගෙන පැමිණෙනවා. MAG Z890 TOMAHAWK WIFI PZ සහ PZ WHITE, sleek black සහ silver designs සහිතව, green accents එකක් එක් කරමින්, ඔනැම gaming setup එකකට ආකර්ශනීය ලෙස නිර්මාණය කරලා තියෙනවා. නව back-connect layout එක, ආකර්ශනීයත්වය ඉහල නන්වමින්, MSI සමාගමෙ style එක සහ performance combine කරලා තියෙනවා.

User experience එක වැඩිදියුනු කිරීම සඳහා, “PZ” (Project Zero) series එක, සාම්ප්‍රදායික connectors, motherboard එකේ පිටුපසට ගෙන යමින්, cable management පහසු කරනවා, CPU, DRAM, සහ SSD installation සඳහා front-facing accessibility එක පවත්වා ගෙන තියෙනවා. පහසු භාවිතයත් සහ aesthetics අතර perfect balance එකක් මෙම design එක නිර්මාණය කරලා තියෙනවා. සියලුම “PZ” motherboards, MSI සමාගමෙ signature EZ DIY feature එක් කරනවා, MSI Z890 motherboards වලට මේ innovations එකට එකතු වෙලා, first-time builders සහ experienced enthusiasts දෙදෙනාටම smooth building සහ upgrading process එකක් සහතික කරනවා.

MSI PRO Z890-S WIFI PZ – Streamlined Efficiency Meets Cutting-Edge Innovation

MSI PRO Z890-S WIFI PZ, sleek silver design එකක් සහ නව Project Zero back-connect layout එකක් සමඟ professional motherboards ලබා දෙනවා. හොද cable management එකක් සහ වැඩි දියුනු කරන aesthetics සඳහාම design වුණු, මෙම motherboard advanced connectivity support කිරීමත් වැදගත් කරුනක්, full-speed Wi-Fi 7, Thunderbolt™ 4, සහ PCIe 5.0. Creators සහ professionalsලා සඳහාම නිම කරලා තියෙනවා.2-phase Duet Rail Power System එකක් සමඟ, MSI PRO Z890-S WIFI PZ, demanding tasks පහසුවෙන් handle කරනවා. Extended Heatsink එක හොද cooling efficiency එකක් ලබා දෙමින්, heavy workloads යටතේ හොද thermal performance එකක් maintain කරනවා.

මෙහි full-speed Wi-Fi 7 සහ 2.5G LAN සහිත වීම, කල් පවතින සහ speed networking සහතික කරනවා. Thunderbolt™ 4 port එක I/O panel එකේ data transfer speed එක 40Gbps දක්වා deliver කරනවා එමගින් පහසු device connectivity එකක් ඇති කරනවා. Motherboard එකේ M.2 Shield Frozr සියලු SSD slots සඳහා භාවිතා කරමින්, cool හා efficiently වැඩ කිරීම  තහවුරු කරනවා. එයට අමතරව, EZ Antenna නිසා Wi-Fi antenna install කිරීම  පහසු කරමින්, PC-building process එක පහසු කරනවා. මෙම Motherboard එක, 1 x PCIe 5.0 M.2 slot සහ 2 x PCIe 4.0 M.2 slots යන high-speed options සහිත වෙනවා. MSI PRO Z890-S WIFI PZ ඉහල performance, සහ user-friendly design එක perfectly balance කරලා තියෙනවා.

SignalRGB collaboration

CES 2025 දී නවතම Intel® B860 motherboards සහ නව “PZ” motherboards ප්‍රදර්ශනය කිරීමට අමතරව, MSI, SignalRGB විශේෂාංගය හදුන්වාදෙනවා. මේ නව software එක, MSI motherboards තුළ සියලු RGB සහ ARGB lighting synchronize කිරීම  සහ control කිරීමට userලාට හැකියාව ලබා දෙනවා single app එකක් හරහා. SignalRGB ස්වයංක්‍රීයව RGB සහ ARGB headers detect කරනවා, users ලාට ඔවුන්ගේ lighting customize කිරිම සහ sync කිරීමට පහසුවෙන් අවස්ථාවක් ලබා දෙනවා එමගින්.

ඔබට වැඩිදුර විස්තර පහත ලින්ක්ස් ඔස්සෙ ලබාගන්න පුළුවන්,

MSI GAMING: https://www.msi.com/
MSI Facebook: https://www.facebook.com/MSIGaming
MSI Instagram: https://www.instagram.com/msigaming/
MSI YouTube: https://www.youtube.com/user/MSIGamingGlobal
MSI Twitter: https://twitter.com/msitweets

Share

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...