intel LOGO එක වෙනස් වෙයි
intel සමාගම තමන්ගෙ 11th Tiger Lake Laptop CPU නිකුත් කිරීමට සමගාමීව අපි කවුරුත් දන්න රවුම් Logo එක වෙනස් කරල. 1968 දි පටන් ගත්තු Logo එක වෙනස් වෙන තුන් වෙනි අවස්ථාව මෙය වෙනව.
1968 සිට 2006 දක්වා වසර 38ක් භාවිතා කරපු Logo එක intel අකුරු රවුමක් ඇතුලෙ තියෙන logo එකක් විදිහට මාරු කරල Logo Relaunch එකක් උනේ 2006 වසරෙදියි. අළුත් logo Re-branding එක සිදු වෙන්නෙ වසර 14කට පස්සෙ. පරණ intel නිල් වර්ණය වගේම Simple “i” අකුර එලෙසම පවත්වාගෙන සම්පූර්ණ Look එකම වෙනස් කරන්න තමයි intel සමාගම උත්සහ කරල තියෙන්නෙ.
මේ Logo refresh එකත් එක්කම intel සමාගමේ Xeon CPU සිට optane memory දක්වා සියළුම Branding වෙනස් වෙනව. ඒ වගේම මේ හරහා තමන්ගෙ අළුත් 11 gen හරහා නව ආරම්භයක් ගැන ඉගි කිරීමක් සිදු වෙනව වෙන්නත් පුළුවන්.