Home Tech News HUAWEIට තව දුරටත් තම chips අවශ්‍ය නොවන බව QUALCOMM තහවුරු කරයි
Tech News

HUAWEIට තව දුරටත් තම chips අවශ්‍ය නොවන බව QUALCOMM තහවුරු කරයි

Share
blank
Share

මුල් ම පෙළේ ඇමරිකානු semi-conductor නිෂ්පාදන සමාගමක් වන Qualcomm සමාගම විසින් තව දුරටත් Huaweiහට තම Processors අවශ්‍යය නොවන බවට තහවුරු කර ඇත. Huawei සමාගමට ඇමරිකානු තාක්ෂණය භාවිතා කිරීමට පනවන ලද සම්බාධක දැඩි වන කලක මෙම නිවේදනය නිකුත් කිරීම විශේෂත්වයකි.

Huawei විසින් විසින් Qualcomm සමාගම විසින් නිෂ්පාදනය කරන 4G චිප්ස් මිල දී නොගන්නා බව Qualcommහි CFO විසින් තහවුරු කිරීම එක්තරා අතකට ගෝලීය තාක්ෂණික භූ දර්ශකයේ සැලකිය යුතු වෙනසක ලක්ෂණ අවධාරණය කරනු ලබයි.

මුල් කාලීන ව Huawei සමාගම තමන්ගේ ම Hisilicon Kirin නමැති chipset නිර්මාණය කළ ද 2019 Huawei දුරකථන නැව්ගත කිරීම Apple සමාගම ඉක්මවා යාමත් සමඟ එල්ල වූ ඇමරිකානු සම්බාධක හමුවේ ඇමරිකානු තාක්ෂණික උපකරණ යොදාගෙන chipset නිර්මාණය කිරීම Huawei සමාගමට තහනම් විය. එබැවින් මුලින් Qualcommහි තරඟකරුවෙකු වූ Huawei සමාගමට පසු ව ඇමරිකානු සීමා කිරීම් යටතේ 5G තාක්ෂණයෙන් තොර 4G මත පදනම් වූ Qualcomm චිප්සෙට් භාවිත කරන්නට සිදු විය. නමුත් Huawei සමාගම පසුගිය වසරේ දී දේශීය ව 5G තාක්ෂණයෙන් බලගැන්වෙන chipset නිර්මාණය කිරීම ආරම්භ කළ අතර මෙය ගෝලීය වශයෙන් තාක්ෂණික මෙන් ම දේශපාලනික, වානිජ අංශයන්හි ද දැඩි අවධානයට ලක්වන්නක් වූයේ Chipset ආදි අර්ධ සන්නායක සම්බන්ධ ඇමරිකානු ඒකාධිකාරයට ද යම්කිසි පහරක් එල්ල වූ බැවිනි.

කෙසේ නමුත් ගිය වසරේ පැමිණි Huawei Mate 60 සහ මේ වසරේ නිකුත් වූ Huawei Pura 70 ජංගම දුරකථන හරහා Huawei සමාගම ඔවුන්ගේ chipset නිර්මාණය කිරීමේ ඇති ශක්‍යතාවය ලෝකය ඉදිරියේ දක්වන්නට විය. මේ හේතුව මත වසර කිහිපයක් බාධක මධ්‍යයේ බටහිර තාක්ෂණය මත දැඩි සීමාකිරීම් මධ්‍යයේ යැපෙමින් සිටි Huawei සමාගම ක්‍රමයෙන් දේශීය ව සංවර්ධනය කළ උපාංග භාවිත කිරීම ඔවුන්ගේ ස්වාධීනත්වය ද ප්‍රකට කරන්නකි. මෙය ඇමරිකානු තාක්ෂණික සමාගම්වලට ද දැඩි තරඟයක් ලබාදීමේ හැකියාව ඇති ශක්තිමත් තාක්ෂණික දැවැන්තයෙකු බිහිවීමේ පූර්ව නිමිති වශයෙන් සැලකිය හැකි ය.

Source :- gizchina

Share

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...