Home Tech News මොකක්ද මේ Oracle VirtualBox කියන්නෙ ?
Tech News

මොකක්ද මේ Oracle VirtualBox කියන්නෙ ?

Share
Share

Oracle VirtualBox යනු ඉතාමත් වටිනා, පහසුවෙන් භාවිතා කළ හැකි නොමිලේ ලබාගත හැකි cross-platform virtualization software එකක් වන අතර, එය Windows, Linux, macOS වැනි විවිධ operating systems එකම පරිගණකයකින් Virtually වෙන්ව භාවිතා කිරීමට ඉඩ සලසයි. VirtualBox හරහා virtual machines (VMs) නිර්මාණය කරමින් වෙනත් OS එකක් දැනට පවතින OS එක මත install කළ හැකි අතර, software testing, system experimentation, legacy systems support වැනි කටයුතු සඳහා ඉතාම ප්‍රයෝජනවත් වේ.

Oracle VirtualBox

VM එකකට අවශ්‍ය වන RAM, CPU, storage, network settings වැනි hardware resources ඔබට අවශ්‍ය පරිදි configure කළ හැකි අතර, snapshots ලබා ගනිමින් pause කළ VM එකක් යළි නැවතුන තැන සිට භාවිතා කිරීමද කල හැකිවේ. මෙය මූලිකවම වැදගත් වනුයේ risky software install කිරීමේදී හෝ virus/malware වලින් ප්‍රධාන system එකට බලපෑමක් නැතිව testing කිරීමේදීය. තවද, physical OS එකක් install කිරීමේදී වගේ shutdown හෝ restart වීමක අවශ්‍යතාව නැතිව, ඔබට කැමති වේලාවක pause කර නැවතත් VM එක නැවතුන තැන සිට පවත්වාගෙන යා හැකියි.

නමුත් මෙයට මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය කර එදිනෙදා භාවිතයට යොදාගැනීම නම් එතරම් සාර්ථක නොවේ . උදාහරණයක් ලෙස ඔබට Android games පරිගණකය තුල ක්‍රිඩා කිරීමට අවශ්‍ය නම් VirtualBox ඒ සදහා භාවිතා කිරීමට අදහස් කරන්නේ නම් එය එතරම් සාර්ථක නොවේ.  

VirtualBox යනු open-source software එකක් වන බැවින්, personal සහ commercial භාවිතය සඳහාද බාධාවකින් තොරව නොමිලේම ලබාගත හැකිය. පරිගණක පිලිබද මූලික දැනුමක් ඇති අයෙකුට මෙම මෙවලම පහසුවෙන් භාවිතා කළ හැකි අතර, advanced users ලා සඳහා command-line interface එකක්ද දක්නට ලැබේ. VirtualBox යනු secure, customizable සහ efficient solution එකක් වන අතර, software testing, educational labs, OS compatibility checking වැනි කටයුතු සඳහා ඉතාමත් හොඳම විකල්පයකි.

Share
Written by
Nadun nethmalaka herath

I am an ICT student (after A/L) and a small YouTuber. I enjoy video editing and graphic designing. I have some knowledge about modern technology, and I know tips and tricks for laptops, desktops, and mobile phones. I hope to help you with my knowledge.

Leave a comment

Leave a Reply

Related Articles

මිනිසෙකු හා සමානව සංවාදයේ යෙදෙන ChatGPT 5.1

OpenAI විසින් නිකුත් කළ ChatGPT 5.1 මේ දිනවල ගොඩක් කතාබහට ලක්වෙන AI...

Chat Backup වලට අමතර ආරක්ශාවක් WhatsApp වෙතින්

WhatsApp වෙතින්, දැන් ඔයාලගේ chats ආරක්ශා කරගන්න තවත් විශේෂාංගයක් ලබාදීලා තියෙනවා. දැන්...

අලුතෙන් ආපු ChatGPT Atlas AI Browser එක

OpenAI සමාගම විසින් පසුගියදා ChatGPT Atlas නමින් AI-powered web browser එකක් නිකුත්...

නවතම Galaxy XR Headset එක ගැන දැනගමු

Samsung සමාගම විසින් ඔවුන්ගේ නවතම Galaxy XR headset එක එලි දැක්වුවා. දැනටමත්...