Home Tech News ඇමරිකාවෙත් තහනම් වෙන WhatsApp
Tech News

ඇමරිකාවෙත් තහනම් වෙන WhatsApp

Share
blank
Share

WhatsApp කියන්නේ ලොකේ ගොඩක්ම ජනප්‍රිය messaging app එකක්. හැබැයි මේ app එකට දැන් ඇමරිකාවේ ලොකුම තහනමක් පැනවිලා තියෙනවා. US House of Representatives එහෙමත් නැත්තන් ඇමරිකාවේ පාර්ලිමේන්තුව, තමන්ගේ රාජ්‍ය උපාංගවල WhatsApp භාවිතය තහනම් කරලා තියෙනවා. ඔවුන් ඒකට හේතුව විදියට කියන්නේ, ආරක්ෂක හේතූන් මත මේ ක්‍රියාමාර්ගය ගත් බවයි.

මේ සම්බන්ධයෙන් ඔවුන් කිව්වෙ මෙහෙමයි: WhatsApp එක user data ආරක්ෂා කරන හැටි සරලව හෝ විවෘතව පැහැදිලි කරල නෑ. stored data encryption නෑ, සහ මෙය භාවිත කරනකොට යම් ආකාරයක අනතුරු තියෙනවා. ඇත්තටම WhatsApp end-to-end encryption තියෙනවා කියන එක හැමෝම දන්න දෙයක්. හැබැයි මෙහි stored data, device එකේ save වෙන දේවල් encrypt වෙන්නෙ නැහැ. ඒක තමයි මේ තීන්දුවේ මුල්ම හේතුව.

Meta (WhatsApp app එකේ parent company එක) මේ තීන්දුවට එකඟ නෑ. ඔවුන් පවසන්නේ WhatsApp එක තියෙන්නේ ඒකේම approved app list එකේ තියෙන තවත් apps වලට වඩාත් secure app එකක් බවයි. Meta සමාගමේ Andy Stone නම් කියන්නේ, WhatsApp හි security features හොඳින් වැඩ කරන බවත්, end-to-end encryption තමන්ට ඉතාම විශ්වාසනීය බවත්.

ඒ වුනත්, House of Representatives විසින් June 30 වනදාට පෙර සියළුම WhatsApp ඇප් රාජ්‍ය උපාංගවලින් අයින් කරන්න කියලා නිවේදනයක් නිකුත් කරලා. මෙයට අමතරව, Signal, iMessage, Microsoft Teams, Wickr, FaceTime වගේ apps භාවිතා කරන්න කියලා කාර්යමන්ඩලයට උපදෙස් දීලා තියෙනවා.

දැනට TikTok, ChatGPT වගේ apps වලටත් government-level restrictions දාලා තියෙන බව අපි දැක්කා. WhatsApp එකත් දැන් ඒ ලැයිස්තුවට එකතු වුනා කියන්න පුළුවන්.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...