Home Tech News Ai Photoshop මරා දමන DALL E
AiTech News

Photoshop මරා දමන DALL E

Share
blank
Share

Photo edit කිරීමට ලොව ඇත ප්‍රමුඛ මෙන්ම  ප්‍රචලිතම මෘදුකාංගය Adobe Photoshop බව අප කවුරුත් දන්නා කරුණකි.නමුත් OpenAi නැමැති ව්‍යාපෘතිය ඔස්සේ 2022 එලිදැක්වූ Dall.E 2 මගින් Photo edit කිරීමේ කලාව උඩු යටිකුරු කරමින් පවතී.

මෙම වැඩසටහන සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන්නේ AI මගිනි.සරලව කිවහොත් කෙටි විදානයක් පමණක් ලබා දී අපට අවශ්‍ය ඡායාරූප පහසුවෙන්ම සංස්කරණය කරගත හැක.උදාහරණයක් ලෙස ඔබට ඔබගේ පින්තූරයකට තොප්පියක් පැලදවීමට අවශ්‍ය නම් ඔබ කල යුත්තේ එය පැලදවීමට අවශ්‍ය තැන select කර එය මූල පද මාලාවක් ලෙස විස්තර කර Generate button එක Click කිරීම පමණි.

කෙසේ වෙතත් මෙය තවමත් මුල් අවදියේ පසු වේ.එනම් මෙහි දෝෂ(Bugs) ගනනාවක් දැක ගත හැකි වේ. එලෙසින්ම මෙය පරිශීලකයන්ට නොමිලේ භාවිත කල හැකි වුවද යම් සීමාවක් පවතී. සෑම පරිශීලකයකුටම මාසිකව සීමිත Credits සංක්‍යාවක් ලබා දේ. එම Credits අවසන් වූ විට තවදුරටත් පාවිච්චි කිරීමට අවශ්‍ය නම් Credits Buy කිරීමක් සිදු කල යුතු වේ.

කෙසේවෙතත් Photoshop තුලද AI මගින් ක්‍රියාත්මක වන tool කිහිපයක් තිබේ. උදාහරණ ලෙස Object Selection, Content Aware fill, Neural Filters යනාදිය දැක්විය හැක.නමුත් Dall.E 2 තරම් සංකීර්ණ තාක්ෂණයක් ඒ තුල නොමැත. එබැවින් ඔවුන් Dall.E 2 ට සමාන විශේෂාංග නිකුත් නොකලහොත් ග්‍රැපික් නිර්මාණ ක්ෂේත්‍රයේ Adobe හි ඇති වටිනාකම අඩු වීමට ඉඩතිබේ. එසේම මෙමගින් Photoshop හෝ Illustrator වැනි මෘදුකාංග මත යැපෙන කලාකරුවන්ට විශාල බලපෑමක් ඇති කල හැක.

Share

1 Comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...