Home Tech News Leak වෙච්ච iPhone 8 තොරතුරු
Tech News

Leak වෙච්ච iPhone 8 තොරතුරු

Share
blank
Share

හැම අවුරුද්දකම  අලුත් iPhone එකක් නිකුත් කරන apple සමාගම මේ අවුරුද්දෙ තමන්ගෙ iPhone 8 එක නිකුත් කරන්න සැරසෙමින් ඉන්නෙ. ඒ launch එකට කලින් iPhone 8 ගැන leak වෙච්ච තොරතුරු තමයි මේ.

KGI Securities හි Ming-Chi Kuo කියන්නෙ මීට පෙරත් apple නිෂ්පාදන ගැන එන්න කලින්ම තොරතුරු හෙලිකරපු කෙනෙක්. මේ පාරත් එයා හෙලිකරපු තොරතුරු අනුව iphone 8 එක එන්නෙ අනෙක් top end mobile phone එක්ක කරට කර තරග කරන්න පුලුවන් features ගොඩක් අරගෙනයි.

Edge to Edge screen

iPhone 8 එකේ අගල් 5 screen එක මුලු front face එකේම පැතිරෙයි කියල ආරංචියි, ඒත් ඒක සම්පූර්න front plate එකටමද නැත්නම් ear piece එකයි home button එකයි නැතුවද කියල තාම පැහැදිලි නැහැ. ඒ වගේම apple සමාගම පලමුවරට AMOLED screen එකක් පාවිච්චි කරන්නෙ iPhone 8 එකෙයි.

Battery

iPhone 8 එකේ logic board එක stacked (එක මත එක පිහිටවූ කොටස් කිහිපයකින්) නිර්මාණය කරල එයින් ඉතුරු වෙන ඉඩේ කලින් iPhone වලට වඩා 30%ක් විශාල 2700mAh battery එකක් ඇතුලත් කරල තියෙනව. අනෙක් තරගකාරී phone වල 3000mAh වගේ battery සාමාන්‍ය උනත් power එක අරපිරිමැස්මෙන් පාවිච්චි කරන iOS එකට මේ battery එක දින කිහිපයක operating time එකක් දෙනව.

Form Factor

අගල් 5ක screen එකක් තිබුනත් iPhone8 එකේ size එක අගල් 4.7කට වඩා වැඩි වෙන්නෙ නැතිවෙයි. මේ නිසා iPhone 8 එක පහසුවෙන් තනි අතින් පාවිච්චි කරන්න පුලුවන් වෙනව. මේ විදිහට ඉඩ ඉතුරු කරගන්න නම් iPhone එකේ home button එක touch විදිහට වෙනස් කරල touch ID sensor එක screen එකටම ඇතුලත් කරල නිපදවන්න වෙයි කියලයි කියන්නෙ.

screen එකක size එක මනින්නෙ විරුද්ධ කොන් 2ක් අතර, ඒ නිසා තමයි දිග අගල් 4.7ක් උනත් Screen එක අගල් 5ක් වෙන්නෙ.

iPhone X

මේ iPhone එකේ 10වෙනි සංවත්සරයයි. බොහෝවිට මේ iPhone එක iPhone X කියල නම් කරන්නත් ඉඩ තියෙනව කියල ආරංචියි. කොහොම උනත් ලගදීම නිකුත් වෙන්න නියමිත නිසා මේ තොරතුරු ඇත්තද කියල හැමෝටම බලන්න පුලුවන් වේවි.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

1 Comment

Leave a Reply

Related Articles

නවතම Galaxy XR Headset එක ගැන දැනගමු

Samsung සමාගම විසින් ඔවුන්ගේ නවතම Galaxy XR headset එක එලි දැක්වුවා. දැනටමත්...

Windows 10 ඇත්තටම ඉවරද, ඊලගට මොකද කරන්නෙ…?

ලොව පුරා මිලියන ගණනක් පරිශීලකයන් විසින් භාවිතා කරන ලද Windows 10 මෙහෙයුම්...

ලොව පළමු Robot Smartphone එක Honor වෙතින්

ජංගම දුරකථන ඉතිහාසයේ නව හැරවුම් ලක්ෂයක් එක් කරමින් Honor සමාගම නවතම සංකල්පයක්...

අලුතෙන් Redesign උනු YouTube

Google විසින් YouTube video player එකට අලුත්ම redesign එකක් නිකුත් කරලා තියෙනවා....