Home Tech News Delete කරපු දේවල් අමතක නොකරන Apple iCloud
Tech News

Delete කරපු දේවල් අමතක නොකරන Apple iCloud

Share
blank
Share

Apple iPhone, iPad පාවිච්චි කරන ඔබට නොමිලේ ලැබෙන iCloud service එකේ තිබෙන දුර්වලතාවයක් හොයාගන්න රුසියානු Elcomsoft සමාගමට හැකිවුනා. User කෙනෙක්ගෙ Browsing history එක අවුරුද්දක් තරම් පසුපසට වෙන්නට මේ iCloud servers වල ගබඩා වෙලා තියෙන බව සොයාගැනීමත් එක්කම, තමන්ට අනවශ්‍ය තොරතුරු පවා user ගෙ දැනුමකින් සහ පාලනයකින් තොරව Apple සමාගම තබාගැනීම ගැන ප්‍රශ්න කෙරුනා.

මේතරම් දිග browser history එකක් අධ්‍යයනය කරාම අදාල user ගෙ හැසිරීම්, දුර්වලතා වගේම ඔහුගේ හෝ ඇයගේ මානසික තත්වයන් පවා පහසුවෙන් දැනගෙන ඒ හරහා වෙනත් ප්‍රෙයා්ජන ගැනීමේ විශාල අවධානමක් පවතිනව. සියලුම devices වල Call history, browser history, image library වගේ දේවල් iCloud එකට sync වෙන්න සලස්වල තියෙන්නෙ අදාල Account එකේ user ට පහසු වෙන්නයි.

සාමාන්‍යෙයන් තමන්ගෙ Safari  browsing history එක delete කරාම එය iCloud  එකෙන් ඉවත් උනත් hidden file format එකක් විදිහට මෙය ගබඩා වෙලා තිබුන. මේ හෙලිදරව්වත් එක්කම Apple සමාගම එම files ඉවත් කරන්න පටන් ගෙන තිබුනත් ඒවා ඇත්තටම delete වෙනවද නැත්නම් වෙනත් servers වලට ගෙනියනවද කියන එක සැකසහිත බවත් Elcomsoft සමාගම පවසනවා. මේ වගේම iPhone වල Call History එක sync වීම පාලනය කරන්න බැරිවීම ගැනත් කරුණු හෙලි කරාම Apple සමාගම කිව්වෙ එය user ගෙ පහසුවට සිදුකරපු දෙයක් බවයි.

 

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

1 Comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...