Home Reviews VR Box unboxing
Reviews

VR Box unboxing

Share
blank
Share

Virtual Reality කියන්නෙ පරිගණකය හරහා නිර්මාණය කල පරිසරයක් (emulated world) තුල සැබෑ ලෝකයේ වගේම 360 view එකක් එක්ක interact කරන්න පුලුවන් සිත් බැදගන්නා තාක්ෂණයක්. ඔයා ගාව තියෙන Android හෝ Apple phone එකත් එක්ක පාවිච්චි කරන්න පුලුවන් VR BOX එක තමයි අද අපි unbox කරේ.

Unboxing package එක

Box එකේ තියෙන්නෙ VR Headset එකයි bluetooth remote එකයි manual එකයි විතරයි. remote එකට AAA battery වෙනම ගන්න වෙනව.

Design එක

අපි ගත්ත මේ VR BOX කියන headset එක ඔලුවට දාන්න පහසු විදිහට නිපදවල තියෙනව. Head set එකේ lenses වෙන වෙනම adjust කරන්න පුලුවන් වගේම Straps සුත් adjust කරන්න පුලුවන් නිසා ඕනම කෙනෙකුට පහසුවෙන් පලදින්න පුලුවන්. phone holder එක slide කරන විදිහට තියෙන නිසා ගොඩක්කල් පාවිච්චි කරන්න පුලුවන්. මේකත් එක්ක ලබාදෙන remote එක thumb stick එකක් සහ buttons එක්ක තියෙන නිසා head set එක පාවිච්චි කරන ගමන් controls හොයාගන්න ලේසියි.

කණ්නාඩි දාන අයට නම් මේක පාවිච්චි කරන්න වෙන්නෙ කණ්නාඩි නැතුවයි. මොකද headset එකටයි strap එකටයි spects තද උනාම අපහසු නිසා. 

Build quality

Head Set එක සැහැල්ලු නිසා පොඩි ළමයෙකුට උනත් දාගෙන ඉන්න පුලුවන්. මූණට ගෑවෙන padding කොටස හුලං එන්න පුලුවන් breathable cushion material එකකින් හදල තියෙනව. ගොඩක් වෙලා දාගෙන ඉන්නකොට මූණට තදවෙන කොටස් රිදෙන්නෙ, කසන්න ගන්නෙත් නැහැ. සම්පූර්ණ headset එකම plastic නිසා එහාට මෙහාට වැදුනට ලොකු damage එකක් නැහැ.

මිල සහ අත්දැකීම (Experience)

දැනට Market එකේ රු 1500 ඉදල 3000 වගේ මුදලකට මේ වගේ VR Headset එකක් ගන්න පුලුවන්.  ඉස්සරහින් flap එක open කරන විදිහට වඩා මේ sliding mechanism එක කල්පැවැත්ම අතින් හොද අංගයක්. මේකෙ අත්දැකීමට නම් 50%ක්ම බලපාන්නෙ ඔයාගෙ phone එකේ VR support එක තමයි. youtube එකේ තියෙන VR videoත් මේකෙ හොදටම වැඩ කරනව.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

Business වැඩට High Security – Tough Design එකක් එක්ක asus P5

Gaming වලින් Business වැඩ වෙනස් වෙන්නෙ අතිශය සංවේදී business details ආරක්ෂිතව තියාගන්න...

Professional වැඩවලට Asus ProArt Displays

Real world Colors ඒ වගේම පෙන්වන්න පුළුවන් ΔE<2අගයක් තියෙන Asus ProArt series...

MSI Pro Series MP223 Monitor Review

MSI Pro Series එකේ අගල් 22 Monitor එක දැන් ලංකාව පුරාම Computer...