Home Tech News Ai Job description ලියන්න උදව් කරන LinkedIn AI-written suggestions
Aisocial mediaTech NewsUpdates

Job description ලියන්න උදව් කරන LinkedIn AI-written suggestions

Share
blank
Share

ලෝකයේ තියන බොහොමයක් සමාගම් AI තමන්ගේ සේවා සදහා යොදාගන්න පෙළබිලා තියනව. ඒ අතරට එක්වෙන අලුත්ම සමාගම තමයි LinkedIn කියන්නෙ. LinkedIn ගැන කියනව නම් මේක ව්‍යාපාර සම්බන්ධ සමාජ මාධ්‍ය ජාලයක්. බොහෝවිට රැකියා සොයන හෝ රැකියාවලට සේවකයන් සොයන සමාගම්, පුද්ගලයන් තමයි මේකෙ ගිණුම් පවත්වාගෙන යන්නෙ. මේක 2003 වසරෙදි ආරම්බ කරල තියෙන්නෙ. මේ වනවිට Microsoft සමාගම යටතේයි LinkedIn තිබෙන්නෙ.

ඉතින් LinkedIn වෙත එක්කර අලුත් AI එකෙන් වෙන්නෙ writing suggestions ලබාදීම. ඒ කියන්නෙ job descriptions එකක් හෝ profile bio එකක් වැනි කොටසක් ලිවීමේදී මෙමගින් suggestions ලබාදෙනව. මේ AI එකෙන් descriptions එකක් මෙහි Premium membership එකක් තියන පරිශීලකයන්ට generate කරගැනීමේ හැකියාව තියනව.

මෙහිත් බාවිතා කරන්නෙත් OpenAI සමාගමේ ChatGPT බළගන්වන මොඩ්ල්ස් සහිත AI එකමයි. දැනට LinkedIn සමාගමෙන් AI මගින් ලියන job descriptions පරීක්ශා කරන්න පටන් අරන් තියෙන්නෙ. මේ job description එකක් ලබාගන්න එය ලබාගන්න කලමනාකරුවන් විසින් job title, සමාගමේ නම සහ තවත් මූලික තොරතුරු කිහිපයක් පිරවීමට අවශ්‍ය වෙනව. ඉන්පසු එයට අදාලව draft එකක් LinkedIn මගින් generate කරල දෙනව.

කොහොමවුනත් LinkedIn සමාගම පවසන්නෙ මේ ලබාදෙන descriptions පරිශීලකයන් විසින් පරීක්ශා කර බලල එහි නිරවද්‍යතාව තහවුරු කරගෙන එය review හෝ edit කිරීමක් කලයුතු බවයි.

ඉදිරියේදී LinkedIn වෙතින් AI සම්බන්ධව උගන්වන online courses කිහිපයක්ද හදුන්වා දෙන්න සූදානම් වෙනව කියල දැනගන්න ලැබෙනව.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...