Home Tech News පෝට් නැති iPhone එකක් ?
Tech News

පෝට් නැති iPhone එකක් ?

Share
blank
Share

පසුගිය කාලයේ, යුරෝපා සංගමය සියලුම ස්මාර්ට්ෆෝන් සඳහා සමාන්‍ය චාජර් පෝර්ට් එකක් හඳුන්වා දීමට නීතිමය පියවර ගත්තා. ඒ අනුව, 2024 අවසානයේ සිට යුරෝපා සංගමයේ විකිණෙන සියලුම ස්මාර්ට්ෆෝන්, ටැබ්ලට්, කැමරා හා අනෙක් උපාංග වල USB Type-C චාජින් පෝට් එකක් අනිවාර්යයෙන්ම තිබිය යුතු උනා. මේකේ ප්‍රධාන අරමුණ වුණේ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය අඩු කිරීම සහ පරිශීලකයින්ට පහසුවක් සැලසීමයි.

නමුත්, නවතම වාර්තා අනුව, යුරෝපා සංගමයේ නිලධාරීන් පවසන්නේ, චාජින් පෝට් නැති උපාංග මෙම නීතිගත අවශ්‍යතා වලට යටත් නොවන බවයි. එනම්, වයර් රහිතව පමණක් චාජ් කළ හැකි උපාංග සඳහා USB Type-C පෝට් එකක් තිබීම අනිවාර්ය නැහැ.

මේ අනුව, Apple ආයතනයට පෝට් රහිත iPhone model එකක් හඳුන්වා දීමට අවස්ථාව ලැබෙනවා. මෙවැනි උපාංග වයර් රහිත චාජින් තාක්ෂණයන්, උදාහරණයක් ලෙස MagSafe, භාවිතා කරමින් චාජ් කළ හැකි වෙනවා. ඒ නිසා, Apple ආයතනය ඉදිරියේදී පෝට් රහිත iPhone models හඳුන්වා දෙනු ඇතැයි අපේක්ෂා කරන්න පුලුවන්.

මේ තාක්ෂණය, ජංගම දුරකතන නිර්මාණයේ නව යුගයකට පියවරක් වෙනවා වගේම, පරිශීලකයන්ගෙ අත්දැකීම් තවත් පහසු වෙනවා.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

නවතම Galaxy XR Headset එක ගැන දැනගමු

Samsung සමාගම විසින් ඔවුන්ගේ නවතම Galaxy XR headset එක එලි දැක්වුවා. දැනටමත්...

Windows 10 ඇත්තටම ඉවරද, ඊලගට මොකද කරන්නෙ…?

ලොව පුරා මිලියන ගණනක් පරිශීලකයන් විසින් භාවිතා කරන ලද Windows 10 මෙහෙයුම්...

ලොව පළමු Robot Smartphone එක Honor වෙතින්

ජංගම දුරකථන ඉතිහාසයේ නව හැරවුම් ලක්ෂයක් එක් කරමින් Honor සමාගම නවතම සංකල්පයක්...

අලුතෙන් Redesign උනු YouTube

Google විසින් YouTube video player එකට අලුත්ම redesign එකක් නිකුත් කරලා තියෙනවා....