Home Tech News පෝට් නැති iPhone එකක් ?
Tech News

පෝට් නැති iPhone එකක් ?

Share
blank
Share

පසුගිය කාලයේ, යුරෝපා සංගමය සියලුම ස්මාර්ට්ෆෝන් සඳහා සමාන්‍ය චාජර් පෝර්ට් එකක් හඳුන්වා දීමට නීතිමය පියවර ගත්තා. ඒ අනුව, 2024 අවසානයේ සිට යුරෝපා සංගමයේ විකිණෙන සියලුම ස්මාර්ට්ෆෝන්, ටැබ්ලට්, කැමරා හා අනෙක් උපාංග වල USB Type-C චාජින් පෝට් එකක් අනිවාර්යයෙන්ම තිබිය යුතු උනා. මේකේ ප්‍රධාන අරමුණ වුණේ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය අඩු කිරීම සහ පරිශීලකයින්ට පහසුවක් සැලසීමයි.

නමුත්, නවතම වාර්තා අනුව, යුරෝපා සංගමයේ නිලධාරීන් පවසන්නේ, චාජින් පෝට් නැති උපාංග මෙම නීතිගත අවශ්‍යතා වලට යටත් නොවන බවයි. එනම්, වයර් රහිතව පමණක් චාජ් කළ හැකි උපාංග සඳහා USB Type-C පෝට් එකක් තිබීම අනිවාර්ය නැහැ.

මේ අනුව, Apple ආයතනයට පෝට් රහිත iPhone model එකක් හඳුන්වා දීමට අවස්ථාව ලැබෙනවා. මෙවැනි උපාංග වයර් රහිත චාජින් තාක්ෂණයන්, උදාහරණයක් ලෙස MagSafe, භාවිතා කරමින් චාජ් කළ හැකි වෙනවා. ඒ නිසා, Apple ආයතනය ඉදිරියේදී පෝට් රහිත iPhone models හඳුන්වා දෙනු ඇතැයි අපේක්ෂා කරන්න පුලුවන්.

මේ තාක්ෂණය, ජංගම දුරකතන නිර්මාණයේ නව යුගයකට පියවරක් වෙනවා වගේම, පරිශීලකයන්ගෙ අත්දැකීම් තවත් පහසු වෙනවා.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...