
පසුගිය කාලයේ, යුරෝපා සංගමය සියලුම ස්මාර්ට්ෆෝන් සඳහා සමාන්‍ය චාජර් පෝර්ට් එකක් හඳුන්වා දීමට නීතිමය පියවර ගත්තා. ඒ අනුව, 2024 අවසානයේ සිට යුරෝපා සංගමයේ විකිණෙන සියලුම ස්මාර්ට්ෆෝන්, ටැබ්ලට්, කැමරා හා අනෙක් උපාංග වල USB Type-C චාජින් පෝට් එකක් අනිවාර්යයෙන්ම තිබිය යුතු උනා. මේකේ ප්‍රධාන අරමුණ වුණේ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය අඩු කිරීම සහ පරිශීලකයින්ට පහසුවක් සැලසීමයි.
නමුත්, නවතම වාර්තා අනුව, යුරෝපා සංගමයේ නිලධාරීන් පවසන්නේ, චාජින් පෝට් නැති උපාංග මෙම නීතිගත අවශ්‍යතා වලට යටත් නොවන බවයි. එනම්, වයර් රහිතව පමණක් චාජ් කළ හැකි උපාංග සඳහා USB Type-C පෝට් එකක් තිබීම අනිවාර්ය නැහැ.
මේ අනුව, Apple ආයතනයට පෝට් රහිත iPhone model එකක් හඳුන්වා දීමට අවස්ථාව ලැබෙනවා. මෙවැනි උපාංග වයර් රහිත චාජින් තාක්ෂණයන්, උදාහරණයක් ලෙස MagSafe, භාවිතා කරමින් චාජ් කළ හැකි වෙනවා. ඒ නිසා, Apple ආයතනය ඉදිරියේදී පෝට් රහිත iPhone models හඳුන්වා දෙනු ඇතැයි අපේක්ෂා කරන්න පුලුවන්.
මේ තාක්ෂණය, ජංගම දුරකතන නිර්මාණයේ නව යුගයකට පියවරක් වෙනවා වගේම, පරිශීලකයන්ගෙ අත්දැකීම් තවත් පහසු වෙනවා.
Leave a Reply