Home Tech News Phones Instagram Lite රටවල් 170ට ශ්‍රී ලංකාවත් ඇතුලත්
Phonessocial mediasoftwareTech News

Instagram Lite රටවල් 170ට ශ්‍රී ලංකාවත් ඇතුලත්

Share
blank
Share

Facebook ආයතනයට එන traffic එකෙන් බහුතරයක් එන්නෙ ආසියාව වගේ දියුණු වෙමින් පවතින රටවල් වලින්. ඒ රටවල් වල user base එකට හොඳ experience එකක් දෙන්න මේ වෙද්දි Facebook ආයතනය අවුරුදු 3ක් තිස්සෙ develop කරපු Instagram Lite හඳුන්වල දීල තියනවා.

මේ Lite version එක 2MB විතර size එකක් තමා වෙන්නෙ. ඒ වගේම storage සහ data අඩුවෙන් වැය වෙන විදිහට තමා design කරල තියෙන්නෙ. Instagram app එකේ මූලික දේවල් වෙච්ච photos, videos බලන feed එක, ඒව edit කිරීමේ හැකියාව, Stories බැලීමේ සහ edit කිරීමේ හැකියාව, IGTV, Explore සහ Recommendation පවා බලාගන්න මේ Lite ඇප් එකේ පුලුවන් වෙනවා.

Original Instagram ඇප් එකේ තියන නමුත් Lite ඇප් එකේ බලාගන්න වෙන්නෙ නැති features කිහිපයකුත් තියනවා. දැනට ඇප් එකේ Ads සහ dark mode එකක් අපිට බලාගන්න වෙන්නෙ නෑ. ඒ වගේම අලුතෙන් හඳුන්වාදුන්න Instagram Reels බලන්න Lite ඇප් එකේ පුලුවන් උනත් ඒව හදන්න හැකියාව දීල නෑ. තව Shopping සහ End-to-end encryption පහසුකමත් Lite ඇප් එකේ දකින්න ලැබෙන්නෙ නෑ. නමුත් developersල කියන විදිහට ඉක්මනිම ඇප් එකට dark mode සහ Ads පෙන්වීමේ හැකියාව ලබා දෙනව කියලයි සඳහන් කරන්නේ.

Instagram Lite ඇප් එක iOS සඳහා නිකුත් කරන්න සැලසුමක් නෑ කියල තමා developersල කියන්නෙ. ඉස්සරහට මේක globally launch කරන්නත් Facebook ආයතන සූදානම් වෙනවා. ඔයාලටත් Instagram Lite දැන් Google Play Store එකෙන් download කරගන්න පුළුවන්.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...