Home Tech News අලුත්ම intel 8th generation CPU Leak එක
Tech News

අලුත්ම intel 8th generation CPU Leak එක

Share
intel 8th gen leak
Share

2017 කියන්නෙ intel සමාගමට ඒතරම් හොද අවුරුද්දක් නෙමෙයි. AMD සමාගම තමන්ගෙ RYZEN වගේම Threadripper CPU වලින් intel සමාගමට සෑහෙන අභියෝගයක් එල්ල කරල ඉවරයි. ඉතින් මේ තරගයට intel සමාගමේ පිළිතුර තමයි 8th generation core processor series එක.

ජර්මනියෙ Online shopping site එකකින් Leak වෙච්ච මේ තොරතුරු ඇත්ත නම් අලුත් intel 8th gen CPU වල cores ගාන වැඩි වෙලා තියෙනව හැබැයි ගාන වෙනස් වෙලා නැහැ. මේ විදිහට Core lineup එකේ i3 CPU එකක Core s 2 – 4 ක් වෙලා, Core i5 එකේ Cores 4 – 6 ක් වෙලා වගේම I7 CPU වල Cores 6 threads 12 ක් විදිහට වෙනස් වීමක් තියෙනව.

Cores / ThreadsBase Clock (GHz)Turbo Clock (GHz)L3 CacheTDP
i3 - 81004/44-8MB65W
i3 - 83004/44-8MB65W
i3 - 8350K4/44-8MB91W
i5 - 84006/62.83.89MB65W
i5 - 86006/63.64.19MB95W
i7 - 87006/123.24.312MB65W
i7 - 8700K6/123.74.312MB95W

ඉතින් මේක Workstation / productivity වලට intel විතරක්ම හොයන අයට සෑහෙන හොද ආරංචියක් වෙනව. හැබැයි මෙච්චර කල් පාරිභෝගිකයො වෙන අපිට මේ වාසිය intel සමාගම දුන්නෙ නැත්තෙ ඇයි කියන ප්‍රශ්නෙත් මෙතනදි අහන්න වෙනව. AMD සමාගම තමන්ගෙ RYZEN CPU launch එකත් එක්කම intel සමාගමේ ඒකාධිකාරිත්වය නැතිකරන්න සෑහෙන බලපෑමක් කරල තියෙනව කියල මේකෙන් පැහැදිලි වෙනව.

intel 8th generation CPU leak

මේ news එකෙන් පස්සෙ intel 8th gen වලට upgrade කරන්න හිතන් ඉන්න අයට මේ අලුත් CPU වලට intel 300 series motherboard ගන්න වෙනව කියලත් මතක් කරන්න වෙනව. ඉතින් ගිය අවුරුද්දෙ ආපු intel 200 series motherboard අලුත් 8th gen CPU වලට හරියන්නෙ නැහැ.

මේ සේරම විස්තර පදනම් වෙලා තියෙන්නෙ දැනට Leak වෙලා තියෙන දේවල් අනුවයි. ඉතින් මේ ගැන අලුත්ම තොරතුරු ආපු ගමන්ම අපේ website එකට දාන්නම්.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...