Home Tech News 8th Build එකට ගැලපෙන Motherboard chipset එක තෝරන හැටි
Tech News

8th Build එකට ගැලපෙන Motherboard chipset එක තෝරන හැටි

Share
blank
Share

intel සමාගම එයාලගෙ 8th gen motherboard chipset series එකම මේ වෙනකොට නිකුත් කරල තියෙනව. 8th gen build එකක් කරද්දි තිබුන එකම option එක වෙච්ච Z370 කියන Chipset එකට එකතුවෙන මේ අලුත් chipsets, එක එක build කරන අයට ගැලපෙන විදිහට විවිධ features සහ මිල ගණන් වලින් ගන්න දැන් පහසුකම් තියෙනව.

අලුතින් නිකුත් කරල තියෙන Chipset වෙන H370 / B360 සහ H310 එක්ක සම්පූර්ණ 8th gen chipsets ගණන 4ක් වෙනව. මෙතනදි අපිට දකින්න ලැබෙන විශේෂත්වය තමයි මීට කලින් ආපු 7th gen series එකේ තිබුනෙ නැති (හැබැයි 6th gen එකේ තිබුන) H310 කියන budget category එක නැවත හදුන්වා දී තිබීම.

පහත වගුවෙන් මේ එක එක chipsets වල ගුණාංග ගැන පැහැදිලිව බලාගන්න පුලුවන්.

featureZ 370H 370B360H 310
OverclockingYesNoNoNo
PCI E Configuration1x16 | 2x18
1x8 + 2x4
1x161x161x16
PCI E 3 lanes2420126 (PCI E 2)
independant Display ports3/33/33/33/2
Memory Channels2/22/22/22/1
intel Wireless AC (CNVi)NoYesYesYes
intel optane memory supportYesYesYesNo
High Speed I/O Llanes30302414
USB / USB 3.114 / 1014 / 812 / 610 / 4
SATA ports6664
intel Rapid StorageYesXYesYesNo
intel SATA RAIDYesYesNoNo
Poll not found

Z370 chipsets

මේ chipset එක තමයි Overclocking සහ වැඩි PCI E Lanes, USB ports වගේ හැම Feature එකක්ම උපරිමව තියෙන premium එහෙමත් නැත්නම් Gold standard chipset එක. ඒ වගේම Dual graphic Cards / SLI කරන්න පුලුවන් native support තියෙන එකම Chipset එකත් මේකයි. හැබැයි දැන් එන්න එන්නම Dual  විශේෂයෙන්ම Overcloking support කරන k series CPU එකක් එක්ක build එකක් කරනවනම් මේ Board එක තමයි ගන්න සුදුසුම.

H370

Overclocking පහසුකම සහ Dual graphic card support එක chipset එකෙන්ම එකතු කරල නැති උනාට Video editing, Gaming, Professional setup වලට ගන්න සුදුසු board එකක්. මෙතනදි නැති වෙන එකම දේ Overclokcing support එකයි.

B360

හැම කෙනෙකුටම වගේ ගැලපෙන Overclocking නැති Chipset එකක් විදිහට B360 series එක හදුන්වන්න පුලුවන්.

H310

office එහෙමත් නැත්නම් Basic builds වලට විතරක් ගන්න ගැලපෙන Board එකක් තමයි H310 කියන්නෙ. මේකෙදි නැතිවෙන features අතරට

  • අනික් chipsets වල තියෙන PCI E 3 lanes වෙනුවට PCI E 2 lanes 6ක් විතරක් තිබීම
  • optane memory support එක නැතිවීම
  • USB ports ගණන අඩුවීම
  • SATA ports ගණන 4ක් වීම
  • සහ තවත් intel options ගණනක් නැතිවීම පෙන්වන්න පුලුවන්.

මේ Chipsets තියෙන motherboards Asus | Gygabyte | MSI වගේ හැම brand එකකින්ම ලගදිම ලංකාවෙදි ලබාගන්න පුලුවන් වෙයි.

Poll not found
Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

5 Comments

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...