Press ESC to close

Telegram වල ඇති ‘channels’ වැනි විශේෂාංගයක් දැන් Instagram වලත්

Meta සමාගම ඉදිරිපත් කල නවතම Instagram විශේෂාංගය මීටපෙර Telegram තුල දක්නට ලැබුන. ඒ තමයි broadcast channels. Telegram තුල පෙර සිටම පැවති මේ විශේෂාංගය තව කිහිප දිනකින් Instagram තුලත් දැකගත හැකිවනු ඇත.

මෙය one-way messaging ක්‍රමයක්. Mark Zuckerberg විසින් පසුගිය දිනෙක මෙහි ක්‍රියාකාරීත්වය පිලිබද වැඩිදුරටත් විස්තර කර තිබුන. Meta සමාගම තවත් Telegram විශේෂාංග කිහිපයක්ම Facebook සහ Messenger තුලට ගෙන ඒමට පරීක්ශන කටයුතු කරගෙන යමින් සිටිනව.

Get Your Site Up with A2 Hosting

මෙම Broadcast channels මගින් නිර්මානකරුවන්ට තමන්ගේ ෆලෝවර්ස්ල සදහා පණිවිඩ යැවීමට හැකි වෙනව. එම channels වලට සම්බන්ද වන පරිශීලකයන්ට මැසේජ් වලට react කිරීමට හා polls වලට vote කිරීමේ හැකියාව පවතින අතර ඔවුන්ට සෘජුව සංවාද සදහා සම්බන්ද වෙන්න බැහැ. මෙහි උදාහරණයක් පෙන්වමින් Mark Zuckerberg විසින් Meta Channel එක තුල පනිවිඩයක් නිකුත් කරමින් පවසා තිබුනේ මෙම චැනල් එක තුලින් ඔවුන්ගේ නවතම තාක්ශනය සම්බන්ද සියලුම තොරතුරු ප්‍රසිද්ධ කරන බවයි.

මෙමගින් නිර්මානකරුවන්ට පනිවිඩ වලට අමතරව  audio clips, photos ආදියත් ශෙයා කිරීමේ හැකියාව පවතිනව. මෙම නව විශේෂාංගය පිලිබදව උනන්දුවක් දක්වන අයට එහි early access ලබාගැනීම සදහා දැන් එයට ඉඩ ලබාදී තිබෙනව.

Meta සමාගම විසින් ඉදිරියේදී මෙම විශේෂාංගය Facebook සහ Messenger වලටත් නිකුත් කරන බව වැඩි දුරටත් පවසා තිබුනා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *