Home Games Overwatch 2 Game Review
Games

Overwatch 2 Game Review

Share
blank
Share

Overwatch 2 යනු එකිනෙකට වෙනස් චරිත තිහකට වැඩි ප්‍රමානයක් මෙහෙයවමින් සටන්වල යෙදිය හැකි multiplayer පරිගණක ක්‍රීඩාවක්.

Story Line

මෙම ක්‍රීඩාවෙ ඇති චරිත ප්‍රධාන වශයෙන් කාන්ඩ තුනක් වශයෙන් වෙන් කර තිබෙනව. ඒ Tank, Damage සහ Support ලෙසයි. මෙහි Tank යටතේ ඇති චරිත වලට තමන් ආරක්ශා වෙන ගමන් සතුරන්ට පහර දෙන්න පුලුවන්. ඔවුන්ගේ ආරක්ශාවට පළිහ, වෙඩි නොවදින කබා වැනි ආරක්ශක උපකරන තිබෙනව. කන්ඩායමක් විදියට ක්‍රීඩා කරනකොට Tank යටතේ ඇති චරිත ඉදිරියෙන්ම ගමන් කරනව.

ඒවගේම Damage යටතේ ඇති චරිත මගින් සතුරු කන්ඩායම් වලට දැඩි ලෙස හානි කරන්න පුලුවන්. මොවුන්ට වාහන, රෝබෝවරු, ගොඩනැගිලි වැනි ඕනෑම දෙයක් විනාශ කරන්න පුලුවන්.

Support යටතේ ඇති චරිත වලට සතුරු කන්ඩායම් වලින් සිදුවන අනතුරුවලින් තමන්ගේ කන්ඩායම ආරක්ශා කරගන්න පුලුවන්. කන්ඩායමේ සාමාජිකයෙකුට තුවාල සිදු වූ විට ඔවුන්ට ප්‍රතිකාර කිරීම මෙම චරිත වල ප්‍රධාන කාර්යයයි. ඒවගේම සතුරු කන්ඩායමේ ක්‍රීඩකයන්ගේ හැකියාවන් කෙටි කාලයකට අක්‍රීය කර තබන්නත් මෙම Support චරිත වලට පුලුවන්.

Gameplay

මෙහි ආරම්බයෙදී ක්‍රීඩකයාට තෝරාගත හැක්කේ චරිත කිහිපයක් පමනයි. එම චරිත වලින් ක්‍රීඩා කර ක්‍රීඩාවේ ඉදිරියට යනවිට අලුත් චරිත අන්ලොක් වීම සිදුවෙනව. සියලුම චරිත අන්ලොක් කරගත් විට තමන්ට ලැබෙන කාර්යයට ගැලපෙනම චරිතය තෝරාගන්න පුලුවන්.

මෙම ක්‍රීඩාව කාන්ඩ කිහිපයකට බෙදා තිබෙනව. එයින් එකක් තෝරගත් විට එහි ඇති අනු ක්‍රීඩා තිබෙනව. ඒවාට අදාලව මෙහි සිතියම් තිබෙනව. මෙහි එකිනෙකට වෙනස් සිතියම් 21 තිබෙනව. මෙහි ඇති අනු ක්‍රීඩා වලින් එකක් තෝරාගත් විට එය සටනක්ද නැත්නම් යම් ස්තානයක් නිදහස් කරගැනීමක්ද වශයෙන් විස්තර පෙන්වනව. එවිට ඒ සදහා ගැලපෙන චරිතය ක්‍රීඩකයා තෝරාගත යුතු වෙනව.

මෙය free to play පරිගණක ක්‍රීඩාවක්. නමුත් මෙහි battle pass වැනි දේවල් සහ in-game purchase කිරීම් තිබෙනව. මෙම ක්‍රීඩාවේ සංවර්ධකයන් වෙන Blizzard Entertainment සමාගමේ online game platform එක වන Battle.net හරහා මෙය පරිගණක වලට ලබාගන්න පුලුවන්. ඒවගේම මෙය PlayStation 5, Nintendo Switch, PlayStation 4, Xbox One, Xbox Series X and Series S යන සියල්ලම සදහා සහය දක්වනව.

මෙම ක්‍රීඩාව පිලිබදව වැඩිදුර විස්තර https://overwatch.blizzard.com/en-us/ මෙමගින් ලබාගත හැක.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

අඩුවට Games ගන්න Steam Winter Sale ආරම්භ උනා

PC ක්‍රීඩකයන් බොහෝ දෙනා බලා සිටින Steam Winter Sale වට්ටම් කාලය Valve...

ලබන අවුරුද්දෙ එන අලුත්ම Control Game එක

Control Resonant යනු 2019 දී පළමු Control ක්‍රීඩාව නිර්මාණය කළ Remedy Entertainment...

Red Dead Redemption 1 මොබයිල් සදහා නිකුත් වෙයි.

Rockstar Games හි ජනප්‍රිය Red Dead Redemption ක්‍රීඩාව 2025 දෙසැම්බර් 2 වන...

නොමිලේ Play කරන්න පුලුවන් අලුත්ම Game එක

Where Winds Meet යනු පැරණි චීනය කෙන්ද්‍ර කරගෙන නිර්මාණය කර ඇති නව...