Home Tech News Explained Windows පරිගණක වලට දැන් ලබාගන්න පුලුවන් Google Nearby Share ඇප් එක
ExplainedsoftwareTech News

Windows පරිගණක වලට දැන් ලබාගන්න පුලුවන් Google Nearby Share ඇප් එක

Share
blank
Share

ළග තියන ඩිවයිස් එකකට ෆයිල්ස්, ෆොටෝස් වැනි දේවල් ශෙයා කරන්න මුල් කාලයේ තිබ්බෙ bluetooth සහ infrared තාක්ශනයන් විතරයි. ඒත් ඊටපස්සෙ ශෙයාරිං වැඩ පහසුකරගන්න third party ඇප්ස් වගේම එක් එක් දුරකතන සමාගම් මගින් ඔවුන්ටම ආවේනික ශෙයාරිං ඇප් සංවර්ධනය කරල එළිදැක්වූවා.

Google සමාගම සංවර්ධනය කරල එළිදක්වන ඔවුන්ගේ ශෙයාරිං ඇප් එක තමයි Nearby Share කියල කියන්නෙ. මෙතෙක් කල් ඇන්ඩ්‍රොයිඩ් දුරකතන සදහා විතරයි Nearby Share ඇප් එක සහය දැක්වුවෙ. Google සමාගම විසින් මේ ඇප් එක නිළ වශයෙන් දැන් Windows පරිගණක වලට නිකුත් කරල තියනව.

මේ ඇප් එක Windows පරිගණකයට ඉන්ස්ටෝල් කරගෙන ඇන්ඩ්‍රොයිඩ් දුරකතන හා Chromebook අතර වුනත් ෆයිල් ශෙයා කරන්න පුලුවන්.

මීට කලින් මේ ඇප් එකෙ beta සංස්කරණය Windows සදහා නිකුත් කර තිබුන. එය මිලියන 1.7 පමන පරිශීලකයන් ප්‍රමානයක් ඩවුන්ලෝඩ් කරගෙන ඒ හරහා ෆයිල්ස් මිලියන 50 පමන ශෙයා කර තිබෙන බව Google සමාගම පවසා තිබෙනව.

Windows වලට ලබාදුන්න මේ ඇප් එකට අලුත් විශේෂාංග කිහිපයකුත් එක්කර තිබෙනව. එකක් තමයි දැන් ෆයිල් ට්‍රාන්සර් වෙන්න ගතවෙන වෙලාව පෙන්වීම. ඒවගේම ෆොටෝස් වැනි දෙයක් ශෙයා කරනවනන් ඒ සදහා preview පහසුකමත් ලබාදී තිබෙනව.

මේ ඇප් එක Windows වල බාවිතා කරන්න මුලින්ම පරිගණකයෙ WiFi සහ Bluetooth ඔන් කරන්න ඕනෙ. ඊටපස්සෙ Nearby Share ඇප් එක ඕපෙන් කරල ශෙයා කරන්න අවශ්‍ය ෆයිල්ස් drag කිරීමෙන් හෝ සිලෙක්ට් කිරීමෙන් අනෙක් උපාංගයට යවන්න පුලුවන්.

මේ ඇප් එකෙන් ශෙයා කරන අනෙක් උපාංගයට ලොග් වෙල ඉන්නෙ එකම Google account එකකින් නම් ශෙයා කරන විට ලබාගන්නා උපාංගයෙන් ස්වයංක්‍රීයව transfer එක accept වීමක් සිදුවෙනව. කොහොමවුනත් මේ ආකාරයට ශෙයා කරන උපාංග දෙක අතර තියෙන්න පුලුවන් උපරිම දුර අඩි 16 පමනයි.

Google සමාගම වෙනත් පරිගණක නිශ්පාදකයන් වෙන HP සමාගම ඇතුලු සමාගම් කිහිපයක් සමග කටයුතු කරගෙන යන්නෙ ඔවුන්ගෙ පද්ධති වලටත් Nearby Share ඇප් එක එක්කිරීමටයි.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

1 Comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...