Home Tech News Huawei Mate 70 සඳහා 5nm Chipsets
Tech News

Huawei Mate 70 සඳහා 5nm Chipsets

Share
Share

2019දී පැනවූ ඇමරිකානු blacklisting සමගම Huawei Phones සඳහා උසස් මට්ටමේ chip නිර්මාණය කිරීම සඳහා SMIC සමාගම දිගු කාලයක් කටයුතු කරමින් සිටින බව සියළු දෙනා දන්නා කරුණක්. ඒ අනුව 2024 වනවිට ඉතා ඉහළ මට්ටමේ chipset එකක් නිපදවීමට නව නිෂ්පාදන ක්‍රියාවලීන් සඳහා අඩිතාලම දමා ඇත.

මේ වනවිට දැනට පවත්නා ඇමරිකානු තාක්ෂණය මත පදනම් වූ උසස් ම තාක්ෂණයෙන් යුක්ත මෙවලම් භාවිත නොකර 5nm නිෂ්පාදන ක්‍රියාවලිය දියුණු කර ඇති බව නවතම ආරංචි මාර්ග දක්වයි. ඒ අනුව බොහෝ විට Huawei Mate 70 ජංගම දුරකථන මාලාව තුළින් මෙම අපූර්ව තාක්ෂණයෙන් යුක්ත chipset දැකගැනීමට ලැබෙනු ඇත.

එසේ ම නවතම වාර්තාවකින් පෙන්වා දෙන්නේ ගෝලීය chip නිෂ්පාදන සමාගම් අතර චීනයේ SMIC සමාගම තෙවන ස්ථානයට පත් ව ඇති බවයි. ඒ අනුව තායිවානයේ TSMC සමාගම ප්‍රථම ස්ථානයටත්, කොරියාවේ Samsung සමාගම දෙවන ස්ථානයටත්, චීනයේ SMIC සමාගම තෙවන ස්ථානයටත් පැමිණ ඇත.

ඇමරිකානු සම්බාධක මත Huawei සමාගම සඳහා පෙර Chipset නිෂ්පාදන ක්‍රියාවලිය සිදුකළ TSMC සමාගම හරහා තව දුරටත් ඔවුන් සැලසුම් කළ Hisilicon Kirin chipset නිපදවා ගැනීමට නොහැකි වූ බැවින් කලක් Qualcomm සමාගමෙන් ඇමරිකානු සීමා කිරීම් සහිත ව 4G තාක්ෂණයෙන් යුක්ත chipset පමණක් ලබාගැනීමේ අවසරය Huawei සමාගමට හිමි විය. එබැවින් 2019න් පසු ව මෑතක් වනතුරු ම Huawei සමාගමට 5G සඳහා සහය දක්වන ජංගම දුරකථන එළිදැක්වීමට නොහැකි විය.

නමුත් ගිය වසරේ දී ඔවුන් තමන් ම සංවර්ධනය කළ kirin 9000s chipset එක හරහා නැවත වරක් 5G සහිත දුරකථන එළිදක්වන්නට විය. ඇමරිකාවට ද අභියෝගයක් වෙමින් මේ වනවිට ඇමරිකානු තාක්ෂණික ඒකාධිකාරය බිඳ දමමින් තමන්ගේ ම තාක්ෂණය පදනම් කරගත් උපකරණ නිර්මාණය කිරීමට Huawei සමාගම දැඩි උත්සහයක නිරත වේ.

Source :- Huaweicentral

Share

Leave a comment

Leave a Reply

Related Articles

මිනිසෙකු හා සමානව සංවාදයේ යෙදෙන ChatGPT 5.1

OpenAI විසින් නිකුත් කළ ChatGPT 5.1 මේ දිනවල ගොඩක් කතාබහට ලක්වෙන AI...

Chat Backup වලට අමතර ආරක්ශාවක් WhatsApp වෙතින්

WhatsApp වෙතින්, දැන් ඔයාලගේ chats ආරක්ශා කරගන්න තවත් විශේෂාංගයක් ලබාදීලා තියෙනවා. දැන්...

අලුතෙන් ආපු ChatGPT Atlas AI Browser එක

OpenAI සමාගම විසින් පසුගියදා ChatGPT Atlas නමින් AI-powered web browser එකක් නිකුත්...

නවතම Galaxy XR Headset එක ගැන දැනගමු

Samsung සමාගම විසින් ඔවුන්ගේ නවතම Galaxy XR headset එක එලි දැක්වුවා. දැනටමත්...