Home Tech News ඔයාගෙ PC එකට ගැලපෙනම OS එක තෝරගමු
Tech News

ඔයාගෙ PC එකට ගැලපෙනම OS එක තෝරගමු

Share
blank
Share

ඔබගේ පරිගණකයේ කාර්යසාධනය(Performance), ආරක්ෂාව(Security) සහ පහසුව තීරණය කරන මූලිකම සාධකය වන්නේ ඔබ භාවිතා කරන මෙහෙයුම් පද්ධතියයි. මෙම ලිපියෙන්, ඔබගේ පරිගණකයට සරිලන හොඳම OS එක තෝරාගැනීම සඳහා සවිස්තරාත්මක උපදේශයක් ලබා දෙනු ඇත.

1. MacOS

ඉස්සල්ලම අපි Mac OS ගැන කතා කරමු. MacOS යනු Apple සමාගම විසින් ඔවුන්ගේ MacBook, iMac, Mac Mini වැනි පරිගණක සඳහා විශේෂයෙන් සකස් කරන ලද මෙහෙයුම් පද්ධතියයි. මෙය Apple උපාංග මිලදී ගැනීමේදීම පූර්ව ස්ථාපිතව ලැබේ

වාසි:

  • දෘඩාංග සහ මෘදුකාංග අතර උපරිම සුසංයෝගීතාවය
  • උසස් සුරක්ෂිතතාව (වෛරස්/මැල්වෙයාර් අවදානම අවම වීම)
  • Final Cut Pro, Xcode වැනි Apple විශේෂ මෘදුකාංග සඳහා සහය වීම
  • ස්ථාවර සහ දුර්වල නොවන කාර්යසාධනයක් තිබීම

අවාසි:

  • Apple උපාංග සඳහා පමණක් සීමා වීම
  • අධික මිල (Apple උපාංග මිලදී ගැනීම අත්යවශ්යයි)
  • M1/M2 වැනි චිප් සහිත පරිගණකවල Windows/Linux ස්ථාපනය කිරීමට අදහස් කරන්නෙ නම් එය අපහසු වීම.

සුදුසු අය:

  • Apple Eco System එකට කැමති අය
  • සුරක්ෂිතතාව සහ ස්ථාවරත්වයට ප්රමුඛතාවය දෙන්නන්
  • තැන තැන අරන් යන්න සැහැල්ලු බලවත් පරිගණක අවශ්‍ය අයට

2. Windows

Microsoft විසින් සංවර්ධනය කරන ලද Windows OS එක ලොව ප්රචලිතතම පරිගණක මෙහෙයුම් පද්ධතියයි. වර්තමානයේ Windows 10 සහ 11 යන අනුවාද ප්රචලිත වේ.

වාසි:

  • මෘදුකාංග සහ ගේමින්ග් සඳහා විශාලතම සහය ලැබීම (DirectX, Steam, Microsoft Store)
  • හොද පරිශීලක-මිත්‍ර අතුරුමුහුණතක් තිබීම (GUI)
  • බහුලව භාවිතා වන මෘදුකාංග (MS Office, Adobe, AutoCAD) සඳහා සහය තිබීම

අවාසි:

  • මෙහෙයුම් පද්ධතිය මිලදී ගත යුතුය (මිලදී නොගතහොත් සීමා සහිතව භාවිත කල හැක)
  • පරිශීලකයන් වැඩි නිසා වෛරස් / මැල්වෙයාර් අවදානම ඉහළයි
  • පැරණි දෘඩාංග සඳහා නව Windows 11 වැනි අනුවාද සහය නොදක්වයි

සුදුසු අය:

  • Gaming, office වැඩ සඳහා භාවිත කරන්නට
  • පොදු පරිශීලකයින් සහ බහුලව භාවිතා වන මෘදුකාංග අවශ්ය අයට

3. Linux

Linux යනු විවෘත මූලාශ්ර (open-source) මෙහෙයුම් පද්ධතියකි. Ubuntu, Fedora, Linux Mint වැනි ජනප්රිය ඩිස්ට්රෝ (distros) දක්නට ඇත.

වාසි:

  • නිදහස් වීම (මුළුමනින්ම නොමිලේ ලබා ගත හැකිය.)
  • පරිශීලකයාට අභිරුචිකරණය කිරීමේ පුළුල් අවකාශය
  • වෛරස් තර්ජන අවම වීම
  • පැරණි/අඩු දෘඩාංග ඇති පරිඝනක වලදීත් හොදට ක්රියා කිරීම (2GB RAM , Hard disk ඇති පරිගණකත් ප්‍රමාණවත්වේ)

අවාසි:

  • සමහර proprietary මෘදුකාංග (Photoshop, MS Office) සහ ගේම් සඳහා සහය නැති වීම.
  • සමහර අවස්ථාවලදී command line (CLI) භාවිතය අවශ්ය විම.
  • අතුරු මුහුණත ඇතැම් විට සංකීර්ණ වීම

සුදුසු අය:

  • තාක්ෂණික පරිශීලකයින් , Hackers සහ developers ලාට.
  • පැරණි පරිගණක භාවිත කරන්නන්ට හා මූූූල්‍්‍ය ගැටළු ඇතිඅයට
  • සුරක්ෂණය සහ පෞද්ගලිකත්වයට ප්රමුඛතාවය දෙන්නට

ඔබගේ පරිගණකයට සරිලන OS තෝරාගැනීමේ උපදෙස්

  • RAM: 4GB ට වැඩි නම් Windows 10/11 වැනි මෙහෙයුම් පද්ධතියක් ද ඊට අඩු නම් Linux හෝ වෙනත් පරන Windows OS එකක් තෝරගන්න.
  • Storage: Windows 10/11 මෙහෙයුම් පද්ධති වලට SSD ඉතා වැදගත් වේ

විශේෂ උපදෙස්

  • පැරණි පරිගණක (RAM <4GB): Linux Mint XFCE හෝ Lubuntu හෝ පරණ Windows මෙහෙයුම් පද්ධතියක් සුදුසු වේ.
  • Gaming සදහා Windows 10/11 වැනි මෙහෙයුම් පද්ධතියක් නිර්දේශ කල හැකී.
  • Mac OS එක Apple පරිගණකයකට හැර වෙනත් පරිගණකයකට ස්ථාපනය කල නොහැකි අතර Windows / Linux මෙහෙයුම් පද්ධති Apple පරිගණකයකටද ස්ථාපනය කල නොහැකී (වෙනත් ක්‍රම ඔස්සෙ පුලුවන්)

ඔබගේ පරිගණකයේ specifications සහ අවශ්යතා අනුව ඉහත මාර්ගෝපදේශ භාවිතා කර හොඳම OS එක තෝරාගන්න. නවතම දෘඩාංග සහ මෘදුකාංග සහය ලබා ගැනීමට නම්, නවතම OS අනුවාද භාවිතා කිරීම සැමවිටම වාසිදායකයි! Crack OS භාවිතා නොකරන්න. ඔබට හැකි නම් එකම මෙහෙයුම් පද්ධතියක් භාවිතා කරමින් නොසිට වෙනත් මෙහෙයුම් පද්ධතිත් උත්සහ කර බලන්න.ඒ සදහා වෙනත් අමතර පරිගණක නැතිනම් VirtualBox වැනි මෘදුකාංග භාවිතයෙන් උත්සහ කර බලන්න.

Share
Written by
Nadun nethmalaka herath

I am an ICT student (after A/L) and a small YouTuber. I enjoy video editing and graphic designing. I have some knowledge about modern technology, and I know tips and tricks for laptops, desktops, and mobile phones. I hope to help you with my knowledge.

Leave a comment

Leave a Reply

Related Articles

Google Gboard නවීන AI විශේෂාංග

Google සමාගම Gboard keyboard එක සඳහා AI පදනම්වූ ලිවීමේ features කිහිපයක් නිල...

Samsung දුරකථනයෙන් ඇල්සයිමර් හඳුනාගැනීමට උපකාරයක්

Samsung සමාගම මෑතකදී නිවේදනය කළේ, ඉදිරියේදී එන Samsung දුරකථන සහ Galaxy Watch...

PC Manager එක්ක Storage Manage කරන්න දැන් ලේසි

ඔයාගේ PC එකේ storage එක Manage කරන්න දැන් ලේසිම ක්‍රමයක් තමයි PC...

Broadcom සහ OpenAI අතර AI චිප් ගනුදෙනුවක්

Broadcom සමාගම සහ OpenAI සමාගම අතර 2025 සැප්තැම්බර් මාසයේදී ආරම්භ කරන ලද...