Home Tech News OS Google මෙහෙයුම් පද්ධතියේ අලුත්ම සංස්කරණය Fuchsia
OSsoftwareTech News

Google මෙහෙයුම් පද්ධතියේ අලුත්ම සංස්කරණය Fuchsia

Share
blank
Share

Google සමාගම විසින් ඔවුන්ගේ Android සහ ChromeOS මෙහෙ‍යුම් පද්ධතීන් දෙකට අමතරව තවත් මෙහෙයුම් පද්ධතියක් තනා දියුණු කර තිබෙනව. එය නමින් fuchsia. මෙය දුරකතන වල සහ ස්තිර පරිගණක උපාංගවල බාවිතා කරන්න පුලුවන් මෙහෙයුම් පද්ධතියක්. මෙහි අලුත්ම සංස්කරණය 2023 ජනවාරි 10 වැනි දින නිකුත් කරා.

මෙම fuchsia මෙහෙයුම් පද්ධතිය ඕනෑම පරිගණක උපාංගයක බාවිතා කලහැකි නම්‍යශීලී පද්ධතියක්. මෙය වාහනවල ඇති පරිගණක උපාංග වල සහ මාර්ග සංඥා පුවරු පාලනයටද යොදාගන්න පුලුවන්. ඒවගේම මෙය Google smart home උපාංග පාලනයටත් යොදාගන්නව.

Fuchsia හි ඇත්තෙ Zircon නම් මයික්‍රොකර්නලයයි. මෙම මයික්‍රොකර්නලය ඇසුරෙන් NewsOs සහ HaikuOs වැනි මෙහෙයුම් පද්ධති නිපදවා තිබෙනව. එය කාටත් දියුනු කල හැකි ලෙස ඇති open source මාදිලියේ කර්නලයක්. කර්නලය යනු මෙහෙයුම් පද්ධතියක හරය වශයෙන් ඇති කේත සටහනයි.

මෙම Fuchsia මෙහෙයුම් පද්ධතිය පිලිබදව මුලින්ම කතාබහට ලක්වුනේ 2017 වසරේදී සිටයි. ඒ Fuchsia සහිත ඩෙස්ක්ටොප් පරිගණකයක අතුරුමුහුනතක් ප්‍රසිද්ධ කරාට පසුවයි.

Google සමාගම මෙම මෙහෙයුම් පද්ධතිය ප්‍රධාන වශයෙන් වැඩිදියුනු කිරීම ආරම්බ කලේ 2020 සිටයි. Chrome මෙහෙයුම් පද්ධතියට වඩා වෙනස් අලුත් මෙහෙයුම් පද්ධතියක් නිර්මානය කිරීම ඔවුන්ගේ බලාපොරොත්තුව බව Google සමාගම වැඩිදුරටත් පවසා තිබුනා.

මෙසේ දියුනු කරමින් තිබූ Fuchsia මෙහෙයුම් පද්ධතිය 2021 මැයි මාසයේ සිට Google nest hub උපාංග වල යොදාගැනුන. ඒ ඊටපෙර ඒවායේ බාවිතා කල Chromecast වෙනුවට යොදාගනිමින්ය.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...