Home Tech News ඩ්‍රෝන් මගින් ඔත්තු බලපු කැනඩා කන්ඩායම
Tech News

ඩ්‍රෝන් මගින් ඔත්තු බලපු කැනඩා කන්ඩායම

Share
blank
Share

අද කියන්න යන්නෙ වෙනස්ම විදියෙ පුවතක් ගැන. ඒ තමයි තාක්ශනය අවභාවිතා කරල චංචා කරපු අවස්තාවක් ගැන. මේ පුවත සම්බන්ධ වෙන්නෙ ක්‍රීඩා ක්ශේත්‍රයට. පසුගිය දිනක අනාවරණය උනු ආකාරයට කැනඩාවේ පිරිමි සහ කාන්තා ෆුට්බෝල් කන්ඩායම් වලින් අනෙක් ප්‍රතිවාදී රටවල් වල කන්ඩායම් ගැන ඩ්‍රෝන් මගින් ඔත්තු බලා තිබෙනවා. මෙය ඔවුන් අවුරුදු ගණනක් තිස්සෙ සිදුකර තිබෙන බව අනාවරණය වී තිබෙනවා.

මෙය අනාවරණය කරගෙන තිබෙන්නෙ පසුගිය දිනක කැනේඩියානු කාන්තා කන්ඩායම සහ නවසීලන්ත කාන්තා කන්ඩායම අතර තරගයකට පෙර නවසීලන්ත කන්ඩායමේ පුහුනු සැසියක් අතරතුර ඔවුන්ගේ ක්‍රීඩාංගනය අසලින් ගමන් කර තිබූ ඩ්‍රෝන යානාවක් පිලිබදව ඔවුන් ප්‍රංශ බලධාරීන්ට පැමිනිලි කර ඒ පිලිබදව සොයා බැලීමෙන් පසුවයි. එහිදී සොයාගෙන තිබෙන ආකාරයට ඩ්‍රෝන ක්‍රියාකරු Joseph Lombardi නමැත්තෙකු වන අතර ඔහු කැනේඩියානු කන්ඩායමේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු ලෙස සොයාගෙන තිබෙනවා.

මෙම අනාවරණයෙන් පස්සෙ එම පුද්ගලයාව සහ කන්ඩායමේ සහයක පුහුනුකරු ඉවත් කර තිබෙන අතර ප්‍රදාන පුහුනුකරු විසින් පැවැත්වීමට නියමිතව තිබුනු තරගය අවලංගු කරන ලෙස ඉල්ලා තිබෙනවා. ඉන්පසුව එම ප්‍රධාන පුහුනුකරුව සම්පූර්න තරග තහනමකට ලක්කර තිබෙනවා.

කැනේඩියානු කන්ඩායම මේ ආකාරයට ඔත්තු බැලීම් සිදුකර තිබෙන්නෙ පළමු වතාවට නෙමේ. මීටපෙර 2021 ටෝකියෝහි පැවැත්වුනු ඔලිම්පික් තරග වලදී මෙන්ම 2022 පැනමා වලදි පැවැත්වුනු Women’s World Cup qualifier තරගවලත් මේ ආකාරයට ඔවුන් ඩ්‍රෝන් වලින් ඔත්තු බලා තිබෙනවා. ඒවගේම පිරිමි කන්ඩායම විසින් 2021 හොන්ඩුරාස් වල පැවැත්වුනු World Cup qualifier තරග වලට පෙරත් මෙයම සිදුකර තිබෙනවා.

කැනේඩියානු කන්ඩායම් වල කාර්ය මන්ඩලයෙන් මේ පිලිබදව ප්‍රශ්න කිරීම් කිරීමෙන් පසුව අනාවරණ කරගෙන තිබෙන්නෙ ඔවුන්ගෙ රැකියාවේ එක් කොටසක් බවයි මේ ආකාරයට ඔත්තු බැලීමට සහය දැක්වීම. එහෙම සහය දක්වන්නැති පුද්ගලයන්ව කාර්ය මන්ඩලයෙන් ඉවත් කර තිබෙනවා. තවත් හිටපු කාර්ය මන්ඩල සාමාජිකයන් පිරිසක් පවසා තිබෙන්නෙ 2023 පැවැත්වුනු Women’s World Cup තරගාවලියෙදි මෙසේ ඔත්තු බැලීමට ඔවුන් සහය නොදක්වපු නිසා ඔවුන්ව රැකියාවෙන් ඉවත් කර ඇතිබවයි.

කැනඩා ෆුට්බෝල් සම්මේලනයේ CEO විසින් ඉල්ලීමක් කර තිබෙන්නෙ කන්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේ පිලිබදව කිසිවක් නොදන්න බැවින් වෙනත් නීතිමය ක්‍රියාමාර්ග නොගන්න ලෙසයි. නමුත් FIFA සම්මේලනය මේ වනවිට මේ සිද්දිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්බ කර තිබෙනවා.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...