Home Tech News අවසන් ගමන් ගිය පවර්පොයින්ට් වැඩසටහනේ නිර්මාතෘවරයා
Tech News

අවසන් ගමන් ගිය පවර්පොයින්ට් වැඩසටහනේ නිර්මාතෘවරයා

Share
blank
Share

මයික්‍රොසොෆ්ට් පවර්පොයින්ට් වැඩසටහන නිර්මාණය කළ මෘදුකාංග ඉංජිනේරුවා ඇමෙරිකානු ජාතික ඩෙනිස් ඔස්ටින්ය. පසුගිය සැප්තැම්බර් 01 වැනිදා, වයස අවුරුදු 76ක්ව සිටියදී, පෙනහළු පිළිකාවක් උත්සන්නවී, කැලිෆෝනියා ජනපදයේ ලොස් ඇල්ටෝස්හිදී හේ අභාවප්‍රාප්ත උනා.

යම් දේශනයක් පවත්වන විට ඊට අදාළ රූප පෙන්වනු පිණිස අසූව දශකයේත් භාවිතා කළේ, Overhead ප්‍රොජෙක්ටර්වල භාවිතා කළ තිර රූප හෙවත් ස්ලයිඩ්ය. මෙම තිර රූප සැකසීම වෙනම වෘත්තියක් වුනා. ඒ ඡායාරූප සකසන්නාක් මෙන් ඒවා සැකසිය යුතු වූ නිසා.

එසේ කරනු වෙනුවට, එවකට ප්‍රකටව තිබූ ඇපල් මැකින්ටොෂ් පරිගණක භාවිතා කරන ඕනෑම අයෙක්ට තමාට අවශ්‍ය ස්ලයිඩ් සැලසුම් කළ හැකි පරිගණක වැඩසටහනක්, තවත් ඇමෙරිකානු මෘදුකාංග ඉංජිනේරුවෙක් වූ රොබට් ගැස්කින්ස් සමඟ එක්වූ ඩෙනිස් ඔස්ටින් සැකසුව. ඒ 1983දී පිහිටුවනු ලැබූ Forethought ඉන්කෝපරේෂන් නම් සමාගම වෙනුවෙන්.

මුලින් Presenter වශයෙන් හැඳින් වූ මෙම වැඩසටහන, පවර්පොයින්ට් 1.0 වශයෙන් 1987දී ඉදිරිපත් කරා. මෙම වැඩසටහනේ අගය වටහාගත් මයික්‍රොසොෆ්ට් සමාගම, Forethought සමාගම සමඟ පවර්පොයින්ට් වැඩසටහනත්, ඩොලර් මිලියන 14කට මිලදී ගත්ත. ඉන්පසුව 1993 වෙන විට පවර්පොයින්ට් වැඩසටහනෙන් ඩොලර් මිලියන 100 කට වඩා උපයා ගන්නට මයික්‍රොසොෆ්ට් සමාගම සමත්වුනා.

වර්ෂ 1990දී වින්ඩෝස් 3.0 මෙහෙයුම් පද්ධතිය සමඟ ඉදිරිපත් කළ මයික්‍රොසොෆ්ට් ඔෆීස් පැකේජයේ පවර්පොයින්ට් වැඩසටහන ඇතුළත් කර තිබුන. එය එකල තිබූ ලොව වැඩිම දෙනෙක් භාවිතා කළ සමර්පණ හෙවත් ප්‍රසන්ටේෂන් ඉදිරිපත් කරන වැඩසටහනවූවාක් සේම අදටත් මයික්‍රොසොෆ්ට් ඔෆීස්හි එය අඩංගුයි.

එසේම එය අදටත් හඳුන්වන්නේ, ස්ලයිඩ් ඉදිරිපත් කිරීමේ වැඩසටහන වශයෙන්. මෙසේ ස්ලයිඩ් ඉදිරිපත් කිරීමේ වැඩසටහනක් වශයෙන් පවර් පොයින්ට් වැඩසටහන අදියර තුනකින් දියුණු කරන්නට ඩෙනිස් ඔස්ටින් වැඩ කර තිබෙනව. මුලින්ම, 1987දී, මැකින්ටොෂ් පරිගණක වෙනුවෙන් පාරදෘශ්‍ය ස්ලයිඩ් හෙවත් transparencies සකසා ගත හැකි සේ වැඩසටහන සැකසුව. දෙවැනි අදියර වශයෙන් 1992දී, වැඩසටහන දියුණු කළේ, මැකින්ටොෂ් මෙන්ම වින්ඩෝස් පරිගණකවලදීත් මිලිමීටර් 35 ස්ලයිඩ් සැකසිය හැකි සේ. ඉන්පසුව ට්‍රාස්පේරන්සීස් භාවිතා නොකර, පරිගණකයේ සකසන ස්ලයිඩ් කෙළින්ම ප්‍රොජෙක්ටර් ඔස්සේ පෙන්විය හැකි සේ දියුණු කර තිබෙනව.

පරිගණක යන්ත්‍රය, සාමාන්‍ය කාර්යාල උපකරණයක් සේ භාවිතයට ගැනීමට උපකාර කළ වැඩසටහන් අතරින් පවර්පොයින්ට් වැඩසටහන මුල් තැනේ සිටිනව. ඩෙනිස් ඔස්ටින්, පවර්පොයින්ට් වැඩසටහන දියුණු කළේ, ස්ලයිඩ්වලින් ඉවත්ව, විවිධ වෘත්තිකයින්ට එම වෘත්තියට ඔබින සේ ඉදිරිපත්කිරීම් කළ හැකි සේය.

වෙනත් වැඩසටහන් ඇසුරෙන් කළ වැඩ පවර්පොයින්ට් වැඩසටහන වෙත ගෙනැවිත් ස්ලයිඩ් සාදා ගන්නට පුළුවන් සේ එය දියුණු කළ යුතුය යන්න ඩෙනිස් ඔස්ටින්ගේ අදහසක්. පවර්පොයින්ට් වැඩසටහන, පසුගිය දශක තුනක පමණ කාලයක් තිස්සේම නොනැසී පැවතීමට හේතුවූ ජීව ගුණය එයයි.

වර්ෂ 1947 මැයි 28 වැනිදා ඇමෙරිකාවේ පිට්ස්බර්ග් නුවරදී උපන් ඩෙනිස් ඔස්ටින්, වර්ජිනියා විශ්ව විද්‍යාලයෙන් ඉංජිනේරු උපාධිය ලබා ගත් අයෙක්. එයින් නොනැවතුනු හේ, ඇරිසෝනා විශ්ව විද්‍යාලයෙන්, මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනයෙන් මෙන්ම කැලිෆෝනියා විශ්ව විද්‍යාලයෙන් ද උපාධි ලබා ගෙන තිබෙනව. ඉන්පසුව, ජෙනරල් ඉලෙක්ට්‍රික් සමාගමේ මෘදුකාංග ඉංජිනේරුවෙක් ලෙස සේවය කරමින් සිට, එතැනින් ඉවත්ව ගැවියන් කොම්පියුටර් සමාගමේද සේවය කර තිබෙනව. ෆෝතෝට් සමාගමට පැමිණියේ ඉන්පසුවයි.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...