Home Tech News Phones OTP ස්වයංක්‍රීයව මකන Google Messages
PhonessoftwareTech News

OTP ස්වයංක්‍රීයව මකන Google Messages

Share
Share

බැංකුවෙන් Gmail වලින් එහෙමත් නැත්නම් Facebook එකෙන් එන OTP වලින් SMS inbox එක පිරිල තියෙනවනම් මේක හොද ආරංචියක් වේවි.

OTP එහෙමත් නැත්නම් One Time Passwords කියන්නේ අපේ Facebook, Gmail, Bank Accounts වගේ හැම දෙයකම ආරක්ෂාව වැඩි කරන්න භාවිතා වෙන සරල උපක්‍රමයක්. යම් කිසි Online ගිණුමකට Log වෙන්නෙ අපිමද කියල සැකහැර දැනගන්න අපේ Mobile Phone එකට එවන සීමිත කාලයකට විතරක් Active වෙලා තියෙන Random Codes නිසා අපට තවදුරටත් Passwords මතක තියාගන්න වගේම කාලෙන් කාලයට මේව update කරන්න අවශ්‍ය වෙන්නෙ නැහැ.

මේ OTP ක්‍රමය කොතරම් සාර්ථකද කියනවනම් මේ වනවිට Online Banking වගේ සංකීර්ණ දේවල් වලින් ආරම්භ වෙලා Game Account වලට පවා මේ OTP ක්‍රමය භාවිතා වෙනව. මේ සාර්ථකත්වයත් එක්කම මේ OTP Messages විශාල ගණනින් අපේ දුරකථන වල පිරෙන්න ගන්නව. මේක දැන් තිබෙන Storage එක්ක ලොකු ගැටළුවක් නොවුනට කාලයත් එක්කම මේ එකතුවීම කරදරයක් වෙන්න පුළුවන්.

Google සමාගම තමන්ගෙ Google Messages සේවාවට OTP Auto Delete හැකියාව එකතු කරන්න මේ වනවිට කටයුතු කරගෙන යන බව Google Messages 6.7.067 Package APK එක විශ්ලේෂණය හරහා දැනගන්නට ලැබිල. මේ නව සංස්කරණය තුල පහත කේතය අඩංගු වෙනව

<string name="otp_auto_deletion_promo_banner_body_text">Auto-delete OTPs after 24hrs</string>
<string name="otp_auto_deletion_promo_banner_negative_button_text">No thanks</string>
<string name="otp_auto_deletion_promo_banner_positive_button_text">Continues</string>
<string name="otp_content_description">This message is categorized as a one-time password</string>

මේ කේතයන් Codes අනුව Google Messages තමන් වෙත ලැබෙන OTP Codes පැය 24කින් පසු Auto Delete කර දැමීමේ පහසුකමක් හදුන්වා දෙන්න බලාපොරොත්තු වෙනව. විනාඩි 10ක් විනාඩි 30ක් වගේ කාලයක් පමණක් Active වෙන මේ OTP බොහෝ දෙනෙකුට Delete කර දමන්නට අමතක වීම නිසා මෙය ඉතා හොද පිළියමක් වෙනවා.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

මිනිසෙකු හා සමානව සංවාදයේ යෙදෙන ChatGPT 5.1

OpenAI විසින් නිකුත් කළ ChatGPT 5.1 මේ දිනවල ගොඩක් කතාබහට ලක්වෙන AI...

Chat Backup වලට අමතර ආරක්ශාවක් WhatsApp වෙතින්

WhatsApp වෙතින්, දැන් ඔයාලගේ chats ආරක්ශා කරගන්න තවත් විශේෂාංගයක් ලබාදීලා තියෙනවා. දැන්...

අලුතෙන් ආපු ChatGPT Atlas AI Browser එක

OpenAI සමාගම විසින් පසුගියදා ChatGPT Atlas නමින් AI-powered web browser එකක් නිකුත්...

නවතම Galaxy XR Headset එක ගැන දැනගමු

Samsung සමාගම විසින් ඔවුන්ගේ නවතම Galaxy XR headset එක එලි දැක්වුවා. දැනටමත්...