Home Tech News Google Photos unlimited free storage නවතින ලකුණු
Tech News

Google Photos unlimited free storage නවතින ලකුණු

Share
Share

පසුගිය නොවැම්බරයේ Google ආයතනය නිවේදනයකින් දැනුම් දුන්නා 2021 ජූනි 1 දා සිට High quality photos සඳහා නොමිලේ ලබාදෙන Google Photos unlimited storage පහසුකම තමන් නැවැත්වීමට තීරණය කරල තියනව කියල.

ඒ කියන්නෙ free google account එකකට ලබාදෙන 15GB storage එක ජූනි 1 දාට පසුව upload කරන photos සහ videos සඳහා වැය වෙනව කියලයි, ඒ වගේම වැඩි storage ප්‍රමාණයක් අවශ්‍යයි නම් මාසිකව මුදලක් ගෙවල Google One Subscription එකක් මිලදී ගන්න වෙනවා. මේ කාලසීමාවට කලින් upload කරපු photos හෝ videos මේ 15GB limit එකට අයිති වෙන්නෙ නෑ කියලයි Google ආයතනය ප්‍රකාශ කරන්නේ. ඒ නිසා තමන්ට වැදගත් වටින මොනවහරි photos හරි videos හරි තියේනම් ජූනි 1 වෙනිද වෙන්න කලින් Google Photos වලට upload කරන එක හොඳයි.

Google ආයතනය සඳහන් කරන විදිහට මේ විදිහට limit එකක් දැම්මත් Google Photos පාවිච්චි කරන අයගෙන් 80%ක් පිරිසකට මේ 15GB ප්‍රමාණය අවුරුදු 3කට ප්‍රමාණවත්. තව දැනගන්න ඕන දෙයක් තමයි මේ policy එක Google Pixel දුරකථන සඳහා වෙනස් විදිහකට තමයි වැඩ කරන්නේ, Pixel 1 users ලට “original quality” photos සහ videos සඳහා unlimited free storage එක දිගටම ලැබෙනවා, ඒ වගේම Pixel 2 වලින් පස්සෙ ආව Pixel දුරකථන සඳහා ජූනි 1 වෙනිදායින් පස්සෙත් දිගටම “high quality” එකෙන් photos සහ videos upload කරන්න unlimited free storage පහසුකම ලැබේවි. ඒ පිලිබඳ සම්පූර්ණ විස්තරය මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න පුලුවන්.

Pixel දුරකථනයක් නොමැතිව වැඩි storage එකක් ලබාගන්න අවශ්‍යයිනම් 100GB ප්‍රමාණයක් මාසෙකට රුපියල් 300කින් පටන් ගන්න Google One subscription එකක් මිලදී ගන්න වෙනවා. කාටහරි හිතෙනවනම් නොමිලේ ලැබෙන 15GB ඉඩ ප්‍රමාණය මදි කියල, එයාලට පුලුවන් මේ ලින්ක් එකෙන් ගිහින් දැනට තියෙන Google One plans ටික බලන්න. ඒ වගේම Google ආයතන හඳුන්වලා දීල තියනව අලුත් tool එකක්, ඒකෙන් දැන් ඔයා upload කරන rate එකට තව කොච්චර කාලයක් account එකේ තියන storage එක ප්‍රමාණවත්ද  කියල බලාගන්නත් පුලුවන්. ඒ tool එකට මේ ලින්ක් එකෙන් යන්න පුලුවන්.

Share

2 Comments

Leave a Reply to NisilaCancel reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...