Home Tech News gadgets Cable නැති PC Building
gadgetsPC buildsTech News

Cable නැති PC Building

Share
blank
Share

Gigabyte ආයතනය පසුගිය වසරේ අගභාගයේ නිවේදනය කරපු හැටියට “Project Stealth” මගින් පරිගණකයක් එකලස් කරන අයට තියෙන ලොකුම ප්‍රශ්නයක් වෙන cable කළමණාකරණයට විසඳුමක් ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. මේ වෙනකොට ඒ ව්‍යාපෘතිය දියත් කරලයි තියෙන්නේ, ඒ අනුව custom motherboard එකක්, GPU එකක් සහ විශේෂයෙන් සකසන ලද casing එකක් Maingear කියන custom PC build කරන සමාගමත් එක්ක එකතු වෙලා Gigabyte විසින් හඳුන්වලා දීල තියනවා.

ඔයා කවදහරි පරිගණකයක් එකලස් කරල තියනවනම් දැනටමත් දන්නව ඇති එක් එක් කොටස් පරිස්සමට හරි විදිහට සම්බන්ධ කරන එක කොච්චර අමාරු වැඩක්ද කියන එක. Casing එකක තියන කුඩා ඉඩ භාවිතා කරල cable භාවිතයෙන් ඒක කරන එක තරමක් කරදරකාරී වැඩක්. ඉතින් මේ Project Stealth එකෙන් මේක විසඳන්න සියලුම connectors වල දිශාව විරුද්ධ අතර හරවල තියනවා. මේ විදිහට පරිගණකයේ කොටස් එකලස් කරනකොට motherboard එකේ සහ GPU එකේ සියලුම cable සම්බන්ධ වෙන්නෙ casing එකේ පිටුපසටයි. motherboard එකේ ඉදිරිපසට කිසිම cable එකක් සම්බන්ධ වෙන්නේ නෑ, ඒ අනුව cable සියල්ලක්ම පසුපසින් සැඟවිල තමයි තියෙන්නේ.

Project Stealth bundle එකක් ලෙස පැමිණෙන්නෙ Z690 Aorus Elite Stealth motherboard එකක්, RTX 3070 Gaming OC Stealth GPU එකක් සහ Aorus C300G Stealth case එකක් සමගයි. මේ තනි බණ්ඩලය අලෙවි කරන්නෙ Gigabyte මගින්, නමුත් වෙනත් සහය දක්වන කොටස් යොදාගෙනත් මේ Build එක කරන්න පුලුවන්. කොහොම උනත් Gigabyte ආයතනය නිර්දේශ කරන්නෙනම් Core i5 හෝ Core i7 CPU එකක් යොදාගන්න කියලයි, ඒ වුනත් ගැලපෙන cooler එකක් පාවිච්චි කරන්න පුලුවන්නම් Core i9-12900KS වගේ නවතම CPU එකක් වුනත් මේකෙදි පාවිච්චි කරන්න පුලුවන්.

Project Stealth bundle එක මේ වසරේ summer මුල් කාලයේ නිකුත් වෙන්න නියමිතයි, නමුත් Gigabyte ආයතනය විසින් හරියටම දිනයක් තවම ප්‍රකාශ කරල නෑ. මේ bundle එක ඇමරිකානු ඩොලර් 1200 කට අලෙවි වේවී, ඒක RTX 3070 card එකක්, Z690 motherboard එකක් සහ සම්පූර්ණ case එකක් මිලදී ගන්න යන මුදලට සමානයි.

Share

Leave a comment

Leave a Reply

Related Articles

අලුතෙන් ආපු ChatGPT Atlas AI Browser එක

OpenAI සමාගම විසින් පසුගියදා ChatGPT Atlas නමින් AI-powered web browser එකක් නිකුත්...

නවතම Galaxy XR Headset එක ගැන දැනගමු

Samsung සමාගම විසින් ඔවුන්ගේ නවතම Galaxy XR headset එක එලි දැක්වුවා. දැනටමත්...

Windows 10 ඇත්තටම ඉවරද, ඊලගට මොකද කරන්නෙ…?

ලොව පුරා මිලියන ගණනක් පරිශීලකයන් විසින් භාවිතා කරන ලද Windows 10 මෙහෙයුම්...

ලොව පළමු Robot Smartphone එක Honor වෙතින්

ජංගම දුරකථන ඉතිහාසයේ නව හැරවුම් ලක්ෂයක් එක් කරමින් Honor සමාගම නවතම සංකල්පයක්...