Home Tech News PC builds Gaming PC build 2017
PC buildsTech News

Gaming PC build 2017

Share
gfaming pc build pcguide lk
Share

Gaming වලට හොද PC එකක් හදාගන්න එක ගැනයි මේ ලිපියෙන් කතා කරන්නෙ. මේකෙ Video set එක කරාට මේ ගැන ලියන එකත් හොදයි කියල හිතුන. ඒකෙන් Video එකේ කතා නොකරපු දේවල් ගැනත් කියන්න පුලුවන් වෙනව.

Personal Computer එකක් එහෙමත් නැත්නම් PC එකක් කියන්නෙ විවිධ දේවල් වලට පාවිච්චි කරන්න පුලුවන් Tool එකක්. කොටසක් මෙකෙන් Sales counter වල bill හදන වැඩ කරද්දි තවත් කොටසක් PC එක පාවිච්චි කරල Auto CAD drawing, 3D modeling, Video editing වගේ දේවලුත් කරනව. මේ වැඩවලින් අයින් වෙලා Games ගහන්න හදන Computer එකකට වඩාත්ම සුදුසු කොටස් ගැන කතා කරමු.

1 කොටස


  • Processor එක.

Computer Games හදන සමාගම් ඒවා හදන්නෙ දැනට market එකේ තියෙන ගොඩක් PC වල වැඩ කරන විදිහට. ඒ නිසා තමයි මේවල අපිට වෙනස් කරන්න පුලුවන් Settings එන්නෙ. වැඩි පහසුකම් තියෙන PC එකක්නම් වැඩි options එක්ක Play කරන්නත්, අඩු පහසුකම් තියෙන PC එකක්නම් options අඩු කරලත් ගහන්න පුලුවන් මේ නිසා. ඉතින් මේ හේතුව නිසාම වැඩිම දෙනෙක් පාව්ච්චි කරන Core i3  වගේ Dual core CPU වලට තමයි ගොඩක් Games optimize කරන්නෙ.

ඒ නිසා Gaming build එකකට යනවනම් අවම cores 2ක් තියෙන CPU එකක් ගන්න.  Core i5 , i7 යනවනම් වැඩි පහසුකම් ප්‍රමාණයක් on කරගන්න පුලුවන්. ඉතින් මේ Build එකට තෝරගත්තෙ core i3 එකක්.

  • Motherboard එක.

මෙතනදි අපි කතා කරන 7වෙනි පරම්පරාවෙ (7th Gen) intel CPU එකට ගැලපෙන Motherboard chipset වෙන්නෙ Z270, H270 සහ B250. මේ ගැන සහ Motherboard ගැන දැනගන්න පල්ලෙහා Video එක බලන්න.

ඉතින් මේ Build එකට තෝරගත්තෙ  H270 chipset එක තියෙන Asus PRIME H270 Plus Motherboard එක.

  • RAM එක.

2017 දි Games හොදට play කරන්න නම් 8GB RAM එකක් අවශ්‍ය වෙනව. මොකද දැන් එන Games වල ගොඩක් වෙලාවට අවම RAM ප්‍රමාණය විදිහට 8GB තමයි සදහන් කරල තියෙන්නෙ.

  • VGA card එක.

Gaming වලට හදන PC එකක් නිසා මෙතනදි ගත්තෙ Asus Geforce GTX 1060 6GB card එක. මෙතනදි බලන්න ඕන දේ තමයි Card එක CPU එක නිසා performance Bottleneck එකක් වෙනවද කියන එක. ඒ කියන්නෙ core i3 CPU එක නිසා Graphic card එකට සම්පූර්ණ වේගයෙන් වැඩ කරන්න බැරි වෙයිද කියන එක. Core i3 + GTX 1060 කියන්නෙ හොද Performance balance එකක්. හැබැයි GTX 1070  වගේ Card එකකට නම් Core i3 එක මදි. මේ ගැන තවත් තේරුම් ගන්න Graphic Card ගැන මේ පැහැදිලි කිරීමත් බලන්න

  • Power Supply එක

Computer එකේ වැදගත්ම කොටස මොකක්ද? ඒ ඔයා වැඩියෙන්ම වියදම් කරල ගන්න CPU, Motherboard Graphic card  වලට විදුලිය සපයන Power supply එක. මෙතනදි 500 watt Power supply එකක් හොදටම ඇති. Build එකට අරන් තියෙන්නෙ 600Watt Power supply එකක්. Power supply ගැන දැනගන්න මේ ලිපිය කියවන්න.

  • Hard Disk, SSD

මේ Build එකට මම ගත්තෙ 1TB  Hard drive එකක්. ඒ වගේම System එකේ Responsiveness එක බලන්නත් එක්ක  SSD එකකුත් ගත්ත. SSD එක අවශ්‍යම නැහැ.

Casing

මේ build එකේදි මම තෝරගත්ත Hectatron T3X Casing එකේ අලුත් SSD රැක් එක නිසා VGA එක දාගන්න බැරි උනා. ඊට පස්සෙ Deluxe Casing එකකට මාරු වෙන්නත් සිද්ද උනා.ඉතින් මේ ඊලග කොටස Gaming Build එක Assemble කරන හැටි. මේකෙදි එන ගැටලු, කල සහ නොකල යුතු දේවල් ගැනත් කතාකරනව.


මේ අවසාන කොටස මේකෙදි මම Benchmarking කරේ නැහැ. මොකද හැම Game එකක්ම  Full / ultra දාල 60FPS ගහන්න කිසිම කරදරයක් නොවුන නිසා. ඉතින් gaming build එකකට Core i3 CPU එකයි  GTX 1060 එකයි කියන්නෙ හොද සමබරතාවයක් තියෙන Component bundle එකක් කියන්න පුලුවන්.


මේ ගැන ඔයාලගෙ අදහස් Comment කරන්නත් අමතක කරන්නෙපා.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

4 Comments

  • Ayye Mata pluwannam kiyannako RS 50000 kata withara i5 7gen buld akak.open casing.moderbord red light silystem music walata support karana.prize akka video akak dannako.please

  • Samanyeyen game gahannath puluwan,anith wada karannath puluwan pc ekak hadanna awama kiyak yanawada kiyala reply ekak ewannako.man oyage videos balala eke thibba nambareta ada call ekak gaththa.ethakota eyala kiwwa 130,000 withara yawi kiyala.
    mata ona game gahannath puluwan anith wada karannath puluwan pc ekak hadaganna.mata 30,000kata 31,000 withara hoda performance thiyena pc game gahannath puluwan pc ekak hadaganna.please reply ekak danna.

Leave a Reply to AdminCancel reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...