Home Tech News Explained FREE Coding Course – ලක්ෂ ගාණක් වටිනා කෝඩින් පාඨමාලාවක් නොමිලේ හදාරමුද?
ExplainedTech Newswebsites

FREE Coding Course – ලක්ෂ ගාණක් වටිනා කෝඩින් පාඨමාලාවක් නොමිලේ හදාරමුද?

Share
Programming code abstract technology background of software developer and Computer script
Share

ජංගම දුරකථන, පරිගණක ඇතුළු බොහෝ තාක්ෂණික උපාංගවල භාවිත කරන Apps, Games, Programs නිර්මාණය කිරීමට භාවිතා කරන්නේ කෝඩින් කියන විශේෂ පරිගණක භාෂාවයි. අද වන විට ලෝකයේ ඇති තාක්ෂණික දියුණුවත් සමඟ කෝඩින් භාෂාව ආශ්‍රිත රැකියාවන්ට ඉතා ඉහළ ඉල්ලුමක් ඇති වී තිබෙනවා වගේම මේ ක්ෂේත්‍රයේ රැකියාවන්වල නියැලෙන වෘත්තිකයන් ලෝකයේ ඉහළම වැටුප් ලබන පිරිසක් හැටියටත් සැලකෙනවා.

ඔබ පරිගණක විෂය ගැන උනන්දුවක් ඇති කෙනෙක් නම් සහ සාර්ථක අනාගතයක් ගැන සිහින දකින්නෙක් නම් කෝඩින් ක්ෂේත්‍රය ඔබට තෝරාගත හැකි හොඳම මාවතක්. වයස් සීමාවක් නොමැතිව හැදෑරිය හැකි විෂයක් නිසා කුඩා කල සිටම වුවත් මේ සඳහා යොමු වීමේ හැකියාව තිබෙනවා. බිල් ගේට්ස්, ස්ටිව් ජොබ්ස් වැනි පරිගණක සහ මෘදුකාංග ලෝකයේ දැවැන්ත චරිත බොහෝමයක් ලාබාල වියේදීම කෝඩින් විෂය හැදෑරූ අයයි.

කෝඩින් පාඨමාලාවක් හැදෑරීමට ඔබ දැනටමත් තීරණය කර ඇත්නම් ඔබට ඒ සඳහා වටිනා අවස්ථාවක් දැන් විවර වී තිබෙනවා.  DP Education coding පාසැල මඟින් කෝඩින් විෂය මුල සිට සරලව ඉගැන්වෙන පාඨමාලාවක් දැන් Online ක්‍රමවේදය හරහා හැදෑරීමට ඔබට පුළුවන්. ඉංග්‍රීසි හෝ වෙනත් කිසිදු මූලික දැනුමක් නොමැතිව වුවත් මේ පාඨමාලාව හැදෑරීමට හැකි වීමත් විශේෂත්වයක්. කුඩා දරුවන්ට පවා ඉතා පහසුවෙන් අවබෝධ කරගත හැකි අයුරින් මේ පාඨමාලාව නිර්මාණය වී තිබෙනවා.

වඩා වැදගත්ම කාරණය වන්නේ මිලියන 2.5ක් පමණ වටිනා මේ පාඨමාලාව සම්පූර්ණයෙන්ම ඔබට නොමිලේ හැදෑරීමට DP Education විසින් අවස්ථාව හිමි කර දී තිබීමයි. ලියාපදිංචි වීම සඳහා ඔබ කළ යුත්තේ www.dpcode.lk වෙබ් අඩවියට පිවිස ඔබේ තොරතුරු ඇතුළත් කිරීම පමණයි.

පරිගණක ඉංජිනේරුවෙකු ලෙස වෘත්තීය ක්ෂේත්‍රයේ ඉහළට යාමට කැමති අයට මෙන්ම නිවසේ සිටම අමතර ආදායමක් ඉපයීමට කැමති අයටත් මේ පාඨමාලාව එක සේ ප්‍රයෝජනවත්. ඔබ සම්පූර්ණ කරන සෑම ව්‍යාපෘති 8ක් සඳහාම නොමිලේ Online සහතිකයක් ද හිමි වනවා. එපමණක් නොව, පාඨමාලාව අවසානයේ මොරටුව විශ්වවිද්‍යාලය මඟින් නොමිලේ ලබා දෙන Trainee Full-stack Developer ඔන්ලයින් පාඨමාලාව හැදෑරීමේ අවස්ථාව ද ඔබට උදා වෙනවා.

මේ වටිනා අවස්ථාව මඟ නොහැර ප්‍රයෝජනයට ගන්න. ඔබේ ජීවිතයේ සාර්ථකත්වය වෙනුවෙන් ඔබට ගත හැකි බුද්ධිමත්ම තීරණය මේ මොහොතේම අරගන්න. www.dpcode.lk වෙබ් අඩවියට පිවිස දැන්ම ලියාපදිංචි වන්න.

Share

Leave a comment

Leave a Reply

Related Articles

Google Gboard නවීන AI විශේෂාංග

Google සමාගම Gboard keyboard එක සඳහා AI පදනම්වූ ලිවීමේ features කිහිපයක් නිල...

Samsung දුරකථනයෙන් ඇල්සයිමර් හඳුනාගැනීමට උපකාරයක්

Samsung සමාගම මෑතකදී නිවේදනය කළේ, ඉදිරියේදී එන Samsung දුරකථන සහ Galaxy Watch...

PC Manager එක්ක Storage Manage කරන්න දැන් ලේසි

ඔයාගේ PC එකේ storage එක Manage කරන්න දැන් ලේසිම ක්‍රමයක් තමයි PC...

Broadcom සහ OpenAI අතර AI චිප් ගනුදෙනුවක්

Broadcom සමාගම සහ OpenAI සමාගම අතර 2025 සැප්තැම්බර් මාසයේදී ආරම්භ කරන ලද...