Press ESC to close

Email ඔත්තු බලන Spy Pixels

යම් වෙළෙඳාමක් හෝ ව්‍යාපාරයක් හෝ ප්‍රවර්ධනය කරනු පිණිස දියත් කරන ඊමේල් පණිවුඩ ව්‍යාපෘති තිබෙනව. වෙළෙඳ ප්‍රචාරණ ආයතන විසින් එවනු ලබන ඊමේල් සැබැවින්ම විවෘත කරන්නේද, ඒවා කියවන්නේද, හුවමාරු කර ගන්නේද යනාදී තොරතුරු දැන ගැනීම පිණිස මෙම ඊමේල් සමඟ pixel 1( 1×1) තරමේ හතරැස් ඉමේජ් එකක් අමුණා එවනු ලබනව. මෙය හඳුන්වන්නේ tracking pixel වශයෙන්.

Email එකක ඇති සාමාන්‍ය tracking pixel එකක් විනිවිද පෙනෙන සුලුයි. එනිසා Email පණිවුඩය කියවන්නා එය දකින්නෙ නැහැ. අනෙක් අතට එය පණිවුඩයේ ඉහළ (header) හෝ පහළ (footer) හෝ තැනක පිහිටුවනව. එවිටද එය ඇස ගැටෙන්නේ නැහැ. ඒ සියල්ල අත්හළත්, 1 pixel image එකක් යනු ඇසට තරම් නොපෙනෙන කුඩා එකක්.

Get Your Site Up with A2 Hosting

මෙසේ Email සමඟ tracking pixel අමුණා එවීම, කරදරයක් වෙන තරමට දැන් නරක අතට ගොසින්. යම් කෙනෙක්ට නිතිපතා මෙවැනි Email ගණනාවක් ලැබෙනවාක් මෙන්ම ඒවා විවෘත කිරීම නිසා ඒ පුද්ගලයාගේ වෙබ් හැසිරීම, රුචි අරුචිකම් මෙන්ම හේ සිටින තැන පවා අන් අයට නිරාවරණය වෙනව.

මෙසේ පුද්ගලයින්ට නොදන්වා ඔවුන්ගේ තොරතුරු රැස් කිරීමට යොදා ගන්නේය යන තේරුමින් දැන් මෙම tracking pixel, spy pixel ලෙසද හඳුන්වනව. මෙම හැඳින්වීම කෙතරම් ගැළපෙන්නේදැයි යන්න පෙනෙන්නේ, එම pixel image එකක් ඔස්සේ එය එවන්නා වෙත ලැබෙන තොරතුරු මොනවාදැයි විමසා බැලූ විටයි.

Tracking pixels සහිත email පණිවුඩය, විවෘත කර කියවා බලන්නේද නැද්ද යන්න දැන ගත හැක. ඒ සමඟම email එක විවෘත කරන වේලාව, එය කියවමින් රැදී සිටි කාලය මෙන් ම එය අන් අය සමඟ හුවමාරු කර ගෙන තිබේද යන්නත් දැන ගන්න පුලුවන්.

එය විවෘත කරන්නේ කවර ස්ථානයකදීද යන්න දැන ගත හැක. හොඳින් දියුණු කළ සිතියම් ඇති ප්‍රදේශයකදී නම් email කියවන්නා සිටින වීදිය පවා දැනගත හැක. එසේ Email කියවනු පිණිස ඒ තැනැත්තා භාවිතා කරන්නේ පරිගණකයක්ද නැතහොත් මොබයිල් උපාංගයක්ද යන්නත් බලාගන්න පුලුවන්.

Email පණිවුඩය කී වාරයක් විවෘත කර බලන්නේද යන්නත් දැන ගත හැක. ඉන් පෙන්වන්නේ Email පණිවුඩය ලත් තැනැත්තා, ඉන් විස්තර කෙරෙන දේ ගැන කෙතරම් උනන්දුවක් දක්වන්නේද යන්නයි.

මෙවැනි Spying Pixels ඇතුළු කර ඊමේල් ප්‍රචාරක ව්‍යාපාරයක් ගෙන යන තැනැත්තා, Email දහස් ගණනක් යවා, ඒවාට ලැබෙන ප්‍රතිචාර මොනවාදැයි විග්‍රහ කර ගන්නේ, Spy Pixels ඔස්සේ ලැබෙන මෙම දත්ත විශ්ලේෂණය කිරීමෙන්.

මුල් කාලයේ මෙම Spying pixels කරදරකාරී වූයේ නැහැ. එහෙත් එය ප්‍රතිඵලදායක යෙඳුමක් ලෙස හඳුනාගත් පසුව බොහෝ ප්‍රචාරකයෝ එය භාවිතා කිරීමට පෙළඹුනා. එහි ප්‍රතිඵලය විදියට දැන් Spy Pixel ඇති Email තොග පිටින් විත් කලින් තිබුණාක් වැනි ස්පෑම් කරදරය නැවත මතුව තිබෙනව.

How to Stay Away

මින් මිදෙන්නට අනුගමනය කළ හැකි ක්‍රම කීපයක් තිබෙනව. නොදන්නා මූලාශ්‍ර වෙතින් පැමිණෙන Email පණිවුඩ විවෘත නොකර සිටීම පහසුම ක්‍රමයයි. විවෘත කළ Email එක විචක්ෂණව නිරීක්ෂණය Spying Pixels වෙතොත් හඳුනා ගැනීම අපහසුම ක්‍රමයයි. ඒ අතර මැද ක්‍රමයක් ලෙස Spying Pixels හඳුනා ගන්නා පරිගණක යෙඳුම් භාවිතා කරන්න පුලුවන්. අග්ලි ඊමේල් (uglyemail.com) යනු එවැනි browser Plugin එකක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *