Press ESC to close

Dying Light Review

Overview

අත්භූත වෛරසයක් පැතිරීමේ ව්‍යසනයකින් තුර්කියේ මනඃකල්පිත Harran නගරයේ මිනිසුන් මිනීමස් කන zombies වැනි ජීවීන් බවට පත්වීම ආරම්භ වී ඇත. “Infected” යන නමින් හඳුන්වන මොවුන් සිටින Harran නගරය වෛරසයේ ආරම්භක ස්ථානය නිසා මෙම වෛරසය “Harran virus” ලෙස හැඳින්වේ.

Get Your Site Up with A2 Hosting

Global Relief Effort නොහොත් GRE සංවිධානයේ undercover agent කෙනෙකු වන අපගේ චරිතය Kyle Crane, Harran වෙත පැමිණෙන්නේ Kadir Suleiman නොහොත් “Rais” නමැති පුද්ගලයාව සොයාගෙනය. GRE වලින්ම සොරකම් කරනලද වෛරසය පිළිබඳව හා එයට ප්‍රතිඖෂධයක් පිළිබඳ තොරතුරු රැසක් සහිත file එකක් සතු Rais, තම සොහොයුරාගේ මරණයට GRE සංවිධානය වගකිවයුතු බව විස්වාස කරමින් file එක මගින් GRE සංවිධානය blackmail කිරීමෙහි නිරතවෙයි. අපගේ චරිතය Kyle Crane ගේ අරමුණ Harran හි dangerous environment එකට මුහුණදෙමින් Rais ගෙන් පෙර සඳහන් කළ file එක ලබාගැනීමයි.

Plot

GRE helicopter එකක් මගින් airdrop කිරීමෙන් පසුව පැරෂූටයක් ආධාරයෙන් Harran වෙත පැමිණෙන අපගේ චරිතය bandits ලා කිහිපදෙනෙකුට හසුවේ.පහරදීමට සැරසෙන ඔවුන්ව තම pistol එකෙන් වෙඩිතබා බියගන්වා පලවාහැරීමට ඔහු සමත්වුවත් gunfire sound එක නිසා අසල සිටි zombie කෙනෙකුගේ අවධානය ඔහු වෙතට යොමුවේ.මේ වනවිට බිමවැටී සිටි Crane ගේ අත එම zombie විසින් සපාකන අතර ඒ මොහොතේම Jade Aldemir නම් survivor කෙනෙකු ඔහුව බේරාගෙන “The Tower” නමින් හඳුන්වන survivors ලාගේ building එකට රැගෙන යයි.දවස් 3කට පසුව සිහියට එලඹෙන Crane ට Rahim Aldemir එනම් Jade ගේ බාල සොහොයුරු මුණගැසෙයි. Rahim විසින් ඔහුට basic parkour skills පුරුදුකරන අතර මෙහිදී zombie සපාකෑමෙන් පසු වෛරසය ආසාදනය වූ බවට signs ඔහුට මුල්වරට අත්විඳීමට ලැබෙන අතර ඉතා අපහසුවෙන් ඔහු එය එම මොහොතේදී overcome කිරීමට සමත්වේ. ඉන්පසු Rahim පවසන්නේ Imran Zere නම් වෛද්‍යවරයාව හමුවන ලෙසයි.

වෛද්‍ය Zere හමුවීමෙන් පසු ඔහු Crane ට “Antizin” නමින් හඳුන්වන වෛරස ආසාදනය slow කරන මර්දකයක් එන්නත් කරයි.වෛද්‍යවරයා වෛරසයට ප්‍රතිඖෂධයක් නිපදවීම පිළිබඳ පර්යේෂණ සිදුකරමින් සිටින බවත් ඒ සඳහා තවත් antizin අවශ්‍ය බවත් මෙහිදී ඔහුට දැනගැනීමට ලැබේ.පිටතට පැමිණි පසු වෛද්‍ය Zere ගේ ආරක්ෂක Spike ගෙන් ඔහුට දැනගැනීමට ලැබෙන්නේ Rais විසින් GRE airdrop මගින් නොමිලේ Harran වෙත ලබාදෙන antizin crates සොරාගන්නා බවත් ඉන්පසු ඒවා නැවත ජනතාවට විකුණන බවත්ය.රාත්‍රියේදී තවත් antizin airdrop එකක් සිදුවෙන බවත් tower එකේ leader, Breakenට ඒවා ගැනීමට පහසුවීම සඳහා traps කිහිපයක් arm කරන ලෙසත් Spike විසින් Crane ට තවදුරටත් පවසයි(රාත්‍රියේදී වඩාත් powerful zombies ලා සැරිසැරීම Spike මෙසේ පැවසීමට හේතුවයි).

පසුවදා උදේ Crane ට දැනගැනීමට ලැබෙන්නේ Breaken ගේ මෙහෙයුම අසාර්ථක වූ බවයි. Rais ගේ කල්ලියෙන් කළ ප්‍රහාරයක් නිසා Breaken ගේ හිසට දැඩි ලෙස හානි වී තිබෙනු tower එකට නැවත පැමිණි පසු Crane ට දක්නට ලැබේ.තවද antizin airdrop එක bandits ලා විසින් සොරකම්කර තිබුනි.මෙහිදී Crane ස්වේච්ඡාවෙන් මීළඟ airdrop එක retrieve කර tower එකට රැගෙන ඒමට කැමැත්ත පළකරයි.ඉන්පසු පළමු airdrop එක වෙත පැමිණෙන ඔහුට දක්නට ලැබෙන්නේ bandits ලා ජයගෙන ඇති බවයි.නමුත් දෙවන airdrop එක bandits ලාට ප්‍රථම,ඉරබැසීමට කලින් සොයාගැනීමට සමත්වෙන ඔහු GRE සංවිධානය සම්බන්ධ කරගනී.එහිදී ඔවුන් විසින් bandit නායක Rais නමැත්තා ඔවුන් සොයන Suleiman ලෙස සැකකරන අතර සොයාගත් antizin crates විනාශකර Rais ගේ සැබෑ identity එක හඳුනාගැනීම සඳහා ඔහුගෙන්ම antizin මිලදීගන්නා ලෙස GRE සංවිධානය Crane ට උපදෙස් දෙයි.අකමැත්තෙන් වුවද මෙය සිදුකරන Crane, tower එකට දැනුම්දෙන්නේ එම airdrop එකද bandits ලා loot කර අවසන් වී තිබූ බවයි. Crane නැවත tower එකට පැමිණි පසු සියලුදෙනාගේ සාකච්ඡාවකින් අනතුරුව Rais ව හමුවී antizin ඔහුගෙන් ලබාගැනීමට සියලුදෙනා එකඟවන්නේ වෙනත් විකල්පයක් නොමැතිවය.

Rais ගේ garrison එකේදී ඔහුව මුණගැසුනු පසු Rais යනු Kadir Suleiman බව Crane තහවුරු කරගනී. Antizin crates 2ක් ලබාදීමේ පොරොන්දුව මත Rais විසින් Crane ව ඔහුගේ වැඩකටයුතු කිහිපයක් සිදුකරගැනීම සඳහා යොදවන්නේ එම process එකෙදී Crane ගේ මරණය බලාපොරොත්තුවෙනි. නමුත් සියලු tasks complete කිරීමට Crane සමත්වේ.ඉන් අනතුරුව පොරොන්දු වූ පරිදි antizin crates 2ක් ලබාගැනීමට නැවත Rais වෙත යන Crane ට ලැබෙන්නේ antizin කුප්පි 5ක් පමණි.ඉන්පසු Crane දෙසට තම තුවක්කුව එල්ලකර Rais පවසන්නේ full payment එක ලැබීමට නම් ඔහුගේ arena එකේ fight කිරීමට සැලැස්වීම මගින් ඔවුන්ට විනෝදය පිණිස Jade ව ඔහුට භාරදෙන ලෙසයි. Crane මෙය ප්‍රතික්ෂේප කරන අතර Rais ඔහුට තවත් හොඳින් සිතාබලන ලෙස පවසා එතනින් නික්ම යයි. Garrison එකෙන් පිටතට ඇදදැමීමෙන් පසු ඔහු නැවත GRE සම්බන්ධ කරගනී. Crane ගේ mission එක අනුව ඔහු වැඩකළයුතු බවත් mission එක complete කිරීම සඳහා Jade ව Rais ට භාරදෙන ලෙසත් ඔවුන් පවසයි. මෙයින් කෝපයට පත්වන Crane,GRE සමග කටයුතුකිරීම නවතාදමයි.

Tower එකේදී Jade ට සිදුවූ සිදුවීම් Crane පවසන නමුත් Rais ගේ offer එක ගැන ඔහු ඇයට නොපවසයි. GRE විසින් antizin airdrops නැවැත්වූ බව දැනගැනීමෙන් පසු Breaken ද මේ වනවිට සිටියේ දැඩි කෝපයෙනි. Antizin වල දැඩි අවශ්‍යතාව මත Crane හා Jade, Rais ගේ storage facility එකකින් antizin සොරකම් කිරීමට තීරණය කරයි.

ඉතින් එතනින් පසු කුමක් සිදුවේවිද? Antizin ලබාගැනීමට Crane ඇතුළු tower එකේ survivors ලාට හැකිවේවිද? Crane ගේ infection එක සුවවේවිද? Rais සතුව ඇති වැදගත් file එක ලබාගැනීමට හා ඔහුව takedown කිරීමට Crane ට හැකිවේවිද? වෛරසයට ප්‍රතිඖෂධයක් සොයාගැනීමට හැකිවේවිද?මේ ප්‍රශ්නවලට පිළිතුරු සොයාගැනීම ක්‍රීඩක ඔබට භාරයි.

Gameplay

  • අපගේ Harran map එක කොටස් 2කට බෙදා ඇත. Slums හා Old town වන මෙම ප්‍රදේශ දෙක හරහා යෑමට sewers පද්ධතිය යොදාගත හැකිය. Map එක පුරාම infected zombies ලාගෙන් පිරී ඇති අතර map එක explore කිරීමට සුදුසුම ක්‍රමය Dying light ක්‍රීඩාවටම ආවේණික වූ අපගේ ක්‍රීඩකයාගේ parkour skills ය.
  • Zombies හා bandits ලාට මුහුණදීමට නම් weapons අත්‍යවශ්‍ය වේ. ක්‍රීඩාවේදී බහුලවම දක්නට ලැබෙන්නේ melee weapons ය.මෙම melee weapons භාවිතයත් සමග damage වන අතර ඒවා metal parts මගින් repair කළහැක.කෙසේනමුත් repair කිරීමද කළහැක්කේ කිහිපවරක් පමණි.ඉන්පසු weapon එකේ effectiveness එක නැතිව යයි.නව weapon, craft කිරීම සඳහා blueprints ක්‍රීඩකයාට සොයාගතහැකි අතර ඒ සඳහා අවශ්‍ය crafting components ද map එක explore කර සොයාගත හැක. Crafting components, throwables හා weapons වැනි දේ විවිධ locked boxes තුළදීද සොයාගත හැකි අතර ඒ සඳහා එම boxes වල locks, pick කළයුතුය. Police vehicles lockpick කිරීම මගින් ammo ආදිය සොයාගත හැක. ක්‍රීඩාවේදී ඔබට විවිධ bow ammo types ද craft කළහැකි අතර guns දක්නට ලැබෙන්නේ සාපේක්ෂව අඩුවෙනි. Damage වූ පසු heal වීම සඳහා med kits තිබෙන අතර ඒවාද craft කිරීමට alcohol හා gauze වැනි components සොයාගත යුතුය. Safe zones වල සිටින quartermasters ලාගෙන්ද මෙම items හා ammo ලබාගැනීමේ පහසුකම ඔබට ක්‍රීඩාවෙන් ලබාදී ඇත.
  • Human enemies ලා හැරුනුකොට zombie enemies ලා විවිධ types වලින් මෙම ක්‍රීඩාවේදී හමුවන අතර සමහර zombies ලා අපට වඩා ඉතා powerful ය. රාත්‍රී කාලයේදී ඉතාමත් ශක්තිමත් හා වේගවත් “Volatiles” නම් zombie වර්ගයට මුහුණදීමට ඔබට සිදුවන අතර ඔවුන්ට අනෙකුත් zombies ලා මෙන් නොව buildings උඩට පවා නැගීමට හැකිය.මේ හේතුව නිසා රාත්‍රී කාලයේදී safe zone එකකට වී පසුවදා උදාවනතුරු නිදාගැනීම වඩාත් සුදුසුය.
  • Level up වීමෙන් පසු ක්‍රීඩකයාගේ improvement එක survivor, agility හා power ලෙස category 3ක් යටතේ ඇති skill trees 3ක් මගින් improve කළහැකිය.

System Requirements

Dying Light ඔබගේ පරිගණකයේ play කිරීමට අවශ්‍ය minimum හා recommended requirements පහත සඳහන්ය……

SystemMinimumRecommended
CPUIntel Core i5-2500 @3.3 GHz / AMD FX-8320 @3.5 GHzIntel Core i5-4670K @3.4 GHz / AMD FX-8350 @4.0 GHz
GPUNVIDIA GeForce GTX 560 / AMD Radeon HD 6870 (1GB VRAM)NVIDIA GeForce GTX 780 / AMD Radeon R9 290 (2GB VRAM)
VRAM1GB2GB
RAM4GB8GB
Storage40GB40GB
OSWindows 7 64-bit / Windows 8 64-bit / Windows 8.1 64-bitWindows 7 64-bit / Windows 8 64-bit / Windows 8.1 64-bit

2015දී නිකුත්වූ ඉතාමත් හොඳ story එකක් සහිත 1st person open world survival horror පරිගණක ක්‍රීඩාවක් වන Dying Light හි ඇති ආවේණික gameplay mechanics නිසා ක්‍රීඩකයාට සැබෑ survival අත්දැකීමක් ලබාගත හැකිය.

Eshan Amarasinghe

Eshan Loves Gaming and also writes about them, This will help you understand the game better and have an overall good experience.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *