Home Games Far Cry 6 ගැන අලුත් විස්තර
GamesTech News

Far Cry 6 ගැන අලුත් විස්තර

Share
blank
Share

Ubisoft කාලයක ඉඳන් tease කරපු Far Cry franchise එකේ අලුත්ම එකතුව Far Cry 6 ගැන අලුත් තොරතුරු මේ වෙද්දි release වෙලා තියනවා. ඒ අනුව ඔක්තෝබර් 7 මේ ගේම් එක PC, Xbox, Playstation වගේම Google Stadia කියන platforms වලට නිකුත් වෙන්න නියමිතයි. Far Cry 6 එලිදක්වන්න නියමිතව තිබුනෙ පසුගිය පෙබරවාරි මාසයේ උනත් වසංගත තත්වයත් එක්ක ඒ සැලසුම් කල් ගියා. කලින් release වෙච්ච තොරතුරු ගැන මීට කලින් ලිපියකින් අපි කතා කරා.

Far Cry 6 පාදක වෙලා තියෙන්නෙ Yara කියන මනක්කල්පිත රට ඇතුලෙ. මේ Yara දේශයට ආභාශය ඇරන් තියෙන්නෙ කියුබාව සහ අනිකුත් කැරිබියානු රටවල් වලින් කියලයි ගේම් එකේ Lead Gameplay Designer වෙන David Grivel නම් සඳහන් කරන්නේ. ක්‍රීඩකයා play කරන්නේ Dani Rojas කියන තරුණ නැගී එන කැරළි සමාජිකයෙක් විදිහටයි. Dani ගැහැණු චරිතයක්ද පිරිමි චරිතයක්ද කියල තෝරගන්න ගේම් එක play කරන ක්‍රීඩකයට අවස්ථාව දීල තියනවා. Far Cry 6 ක්‍රීඩාවේ main villain වෙන්නෙ Anton Castillo. මේ චරිතයට පණ පොවන්නෙ අපි කවුරුත් දන්න Breaking Bad වගේ series වලින් ජනප්‍රිය උන Giancarlo Esposito. ඉතින් Anton සූදානම් වෙන්නෙ තමන්ගෙ අවුරුදු 13ක් වුන පුතා Diego ට පාලන බලය ලබා දෙන්නයි.

අලුත් Far Cry 6 ගේම් එකේ ඉතා විශාල පරාසයක customization බලාගන්න හැකියාව ලැබෙනවා. මේ විදිහට customize කරන්න පුලුවන් දේවල් විදිහට ආයුධ, වාහන සහ costumes වගේ දේවල් බලාගන්න පුලුවන්. මේ අතර DIY ආකාරයට සකසන ලද විකාර රූපී ටින් වලින් පහර දෙන තුවක්කු සහ CD වලින් පහර දෙන ආයුධත් මේ ගේම් එකේ අපිට දකින්න ලැබෙනව කියල අලුත්ම trailer එකෙන් reveal කරනව. ඒ වගේම jetpack එකක් සහ missile launcher එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් backpack එකකුත් දකින්න ලැබෙනවා. මේ ක්‍රීඩාවේදි කිඹුලෙකුටත් අපිට සුරතල් සතෙක් විදිහට අණ දෙන්න පුලුවන්.

කලින් Far Cry 4 සහ 5 වලට වඩා හොඳ ප්‍රතිචාරයක් දැනටමත් මේ අලුත් Far Cry ගේම් එකට ලැබෙනවා. මේ ගේම් එක නිකන්ම survival game එකක් විතරක්ම නෙවේ. දේශපාලනික කරුණුත් මේකට සම්බන්ධ නිසා හුඟ දෙනෙක් මේක එනකන් බලාගෙනයි ඉන්නේ.

Share

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...