Home Games Facebook ආයතනය Facebook Gaming App එක ඉවත් කරගන්නා බවට දැනුම් දේ
Gamessocial mediaTech News

Facebook ආයතනය Facebook Gaming App එක ඉවත් කරගන්නා බවට දැනුම් දේ

Share
blank
Share

Facebook Gaming App එක නිකුත් කරල වසර දෙකකට විතර පස්සෙ Android සහ iOS මෙහෙයුම් පද්ධති සඳහා මේ App එකට සහය දැක්වීම නවත්වන බවට මේ වෙනකොට Facebook ආයතනය ප්‍රකාශ කරල තියනවා. දැනටම App එක තුල දර්ශනය වෙන බැනරයකින් මේ අවුරුද්දෙ ඔක්තෝබර් 28 සිට App එක ක්‍රියාත්මක නොවෙන බව දැනුම් දෙනවා, ඒත් සමගම Google Play Store සහ Apple App Store වලිනුත් Facebook Gaming App එක download කරගැනීමට හැකිවෙන්නෙ නෑ.

Facebook Gaming ආරම්භ කරල අවුරුදු දෙකකට පසුව තමයි වෙනම Facebook Gaming App එකක් මුලින්ම Android සඳහා නිකුත් කරනු ලැබුවෙ. මේ App එකෙන් පහසුවෙන්ම තමන් ක්‍රීඩා කරන mobile games stream කිරීමට වගේම වෙනත් අය කරන streams නැරඹීමටත් අවස්ථාව ලබා දුන්නා. ඒ වගේම දුරකථනයට download නොකර Facebook Gaming app එකේදිම ක්‍රීඩා කරන්න පුලුවන් instant games රාශියකටත් මේ app එක සහය ලබාදුන්නා. App එක Facebook විසින් නවත්වලා දැම්මත් ඒකෙ තිබුන සමහර විශේෂාංග ඉදිරියටත් ප්‍රධාන Facebook app එකේ අපිට දැකගන්න හැකි වේවී.

Facebook සමාගම මේ ගැන පලකරපු නිවේදනයෙ විදිහට Gaming වලට ආයතනය දක්වන සහය ඉදිරියටත් ඒ විදිහටම තියනව කියල සඳහන් වෙනවා. ඒ වගේම users ල කැමති ක්‍රීඩාවන්, streamers ල සහ groups තවමත් ලේසියෙන්ම ප්‍රධාන Facebook app එකේ Gaming section එකට පිවිසීමෙන් සොයාගන්න පුලුවන් කියල Facebook ආයතනය තවදුරටත් ප්‍රකාශ කරල තියනවා.

Facebook Gaming app එකේ තිබුන සමහර පහසුකම් ප්‍රධාන Facebook app එකේ තිබුනත් සියලු පහසුකම් දකින්න ලැබෙන්නෙ නෑ, උදාහරණයක් විදිහට mobile games livestream කිරීමේ පහසුකම මේ ලිපිය ලියන වෙලාව වෙනකොට Facebook app එකේ දකින්න ලැබෙන්නෙ නෑ. මේ පහසුකම Gaming app එකේදි භාවිතා කරපු users ල මේ හේතුවෙන් Facebook Gaming වලින් ඈත් වෙන්න ඉඩ තියනවා. කොහොම උනත් Facebook Gaming app එක ඉවත් කරන්න කලින් මේ පහසුකම් ප්‍රධාන Facebook app එකට එකතු කරන්නත් ඉඩ තියනවා.

Facebook ආයතනය Gaming app එකට සහය දැක්වීම නැවැත්වීමට හේතුවනම් තවම පැහැදිලි කරල නෑ. සමහරවිට ඔක්තෝබර් 28 ලං වෙනකොට ඒ ගැන තව විස්තර අපිට දැනගන්න පුලුවන් වේවී.

Share
Written by
Pasindu Ruwandeniya

An internet kid who loves open-source software and new technologies.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...