Facebook වනසන Trash Dove උන්මාදය
facebook එකට නිකුත් කරපු sticker pack එකක් උන්මාදයක් බවට පත්වෙලා දැන් සමහර තැන්වල වදයක් වෙන තරමටම පැතිරිලා කියල විශ්වාස කරනවද? Facebook එකේ chat වලට imoji, smileys, stickers යවන්න පුලුවන් බව ඔයාල දන්නව, මේ වගේ sticker pack එකක් තමයි Trash Dove කියන්නෙ.
2017 ජනවාරි මාසෙ නිකුත් වෙච්ච මේ pack එක facebook එකේ බොහො දෙනෙක් පාවිච්චි කරාට තායිලන්තයෙ facebook useres ල තමයි මේක මේ තරම් ජනප්‍රිය වෙන්න මූලික වෙලා තියෙන්නෙ. පෙබරවාරි මාසෙ මුලදි මේක උන්මාදයක් තරමට පැතිරෙන්න ගත්තෙ facebook comments වල එකදිගට මේ trash dove pack එකේ animated stickers පාවිච්චියත් එක්කයි.
මේ පැක් එකෙන් වැඩියෙන්ම ජනප්‍රිය උනේ මෙන්න මේ නටන පරෙවියාගෙ animation clip එකයි. මේ sticker pack එක නිර්මාණය කරේ Syd Weiler කියන Artist කෙනෙක්. මේ pack එකේ popularity එකත් එක්ක එයා තායිලන්තයට ගැලපෙන trash dove stickers set එකක් නිර්මාණය කරා. එයාගෙ website එකට ගියොත් මේ වගේ තවත් නිර්මාණ බලන්න පුලුවන්.
මෙතනින් Trash Dove facebook පිටුවට යන්න.
1 Comment