Home Tech News RAZER වෙතින් එන Mask එක Project Hazel
Tech News

RAZER වෙතින් එන Mask එක Project Hazel

Share
blank
Share

සිංගප්පුරු ඇමරිකානු සමාගමක් වන Razer සමාගම යනු පරිගණක දෘඩාංග නිෂ්පාදන සමාගමකි.ඔවුන්ගේ බොහොමයක් නිෂ්පාදන gaming ක්ෂේත්‍රය සදහා නිකුත් කරන අතර ඒ අතර Gaming mouse , keyboard , headphones වැනි computer accessories පවතී.තවද ඔවුන් ඔවුන්ගේම Gaming Laptop පරිගණක මාදිලි කිහිපයක්ද පසුගිය කාලය තුල හදුන්වා දුන්නේය.කෙසේ නමුත් පවත්නා COVID-19 වසංගත තත්වය හමුවේ ඔවුන් සිය සමාගමේ මුහුණු ආවරණ (facemask) නිෂ්පාදනය ආරම්භ කල අතරම එම facemask සමහර රටවල් තුල නොමිලේ බෙදා දීමත් ඔවුන් සිදු කළහ.ඉන් නොනැවතුණු Razer සමගම ලොව පළමු smart facemask එක  නිපදවීම දැන් ආරම්භ කොට ඇත.

එම සමගම මෙම අලුත් ව්‍යාපෘතිය නම් කර ඇත්තේ Project Hazel නමිනි.මේ smart facemask එක SURGICAL N95 වර්ගයේ එකක් වන අතරම මෙහි විශේෂත්වය වන්නේ  එය විනිවිද පෙනෙන අමුද්‍රවයකින් නිෂ්පාදනය කර තිබීමත් එමගින් එම සමගම අපේක්ෂා කරන්නනේ එදිනෙද සංවාදයන් වලදී මුහුණ ආවරණය වීම නිසා හැගීම් ප්‍රකාශ කිරීම අපහසුව මගහැරවීම වේ.කෙසේ නමත් මෙය සාමාන්‍ය facemask එකක් නොවන අතර මෙයට Razer සමාගමේ Razer Chroma™ RGB light පද්දතියක් ඇත.මෙමගින් ඔබ අදුරු පරිසරයක සිටින විට එය හදුනාගෙන facemask එක මගින් මුහුණට ආලෝකයක් ලබාදීම සිදුකරන අතරම මුහුණු ආවරණය වටා RGB effect එකක් ඇති කිරීමත් සිදුවේ.

කෙසේ නමුත් මෙමගින් ඔබට සාමාන්‍ය N95 මුහුණු අවරනයක ලැබෙන ආරක්ෂවම ලැබෙන අතර මෙහි වාසිය වන්නේ මෙම facemask එක නැවත නැවත භාවිත කල හැකි එකක් වීමයි.මෙය සම්පුර්ණයෙන්ම waterproof උපාංගයක් බැවින් වැසි සහිත වෙලාවක වුවත් භාවිතා කල හැකි බව එම සමගම තව දුරටත් සදහන් කර ඇත.voiceamp technology නම් තාක්ෂණයක් මෙහි භාවිත වන අතර එමගින් ඔබගේ කටහඩ පරිසරය ගැලපෙන ලෙස වර්ධනය කර පිටතට ලබාදීම සිදු කරන්නේ මෙහි ඇති speakers මගිනි.මෙය අනිවාර්යෙන්ම battery එකක් මගින් ක්‍රියා කරන උපාංගයක් බැවින් මෙය recharge කල යුතු අතර එය ඉතාම පහසුවෙන් මේ සමග ලබාදෙන case එක හරහා කල හැක.මෙම නව smart facemask එක මේ වසරේදී නිකුත් වේ, සැබවින්ම එය නවතම අත්දැකීමක් වනු ඇත.

Share

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...