Home Tech News Computers විදුලිය අපතේ යවන Standby Mode
ComputersExplainedTech News

විදුලිය අපතේ යවන Standby Mode

Share
blank
Share

පරිගණක යන්ත්‍ර භාවිතා කරන්නන් හිතා මතා නොවුණත්, ඉතා විශාල වශයෙන් විදුලිබලය නාස්ති කරන බව මහා බ්‍රිතාන්‍යයේ බලශක්ති සංරක්ෂණ ආයතනයක් වෙන එනර්ජි සේවිං ට්‍රස්ට් (energysavingtrust.org.uk) ආයතනය පවසා තිබෙනව. එසේ වෙන්නේ පරිගණක යන්ත්‍ර ඇතුළු වෙනත් ගෘහස්ථ විදුලි උපාංග ක්‍රියාත්මක නොවෙන විටත් එයට විදුලි බලය ලබාදී සූදානම් කොට තැබීමේ (standby mode) ක්‍රමය නිසයි.

සාමාන්‍යයෙන් ගත් විට පරිගණක යන්ත්‍රයට සම්බන්ධ කොට තිබෙන යූ එස් බී ෆ්ලෑෂ් ඩ්‍රයිව් වැනි එක්ස්ටනල් ඩ්‍රයිව් පාවිච්චි නොකළත් ඒවා යම් බලශක්ති ප්‍රමාණයක් උරා ගන්නව. ප්‍රින්ටර්, ස්කෑනර් වැනි උපාංග පරිගණකයට සම්බන්ධ කළ විටත් නාස්තිය මේවගේමයි. සූදානම් කොට තැබීම හෙවත් ස්ටෑඩ්බයි මෝඩ් එකෙන් පරිගණක උපාංගයක් තබා ඇති විට වොට් 10ත් 15 ත් අතර විදුලි ක්ෂමතාවක් වැය වෙනව. එනම් පරිගණකයක් එහි අවශේෂ උපාංග (peripherals) සමඟ ස්ටෑන්බයි ක්‍රමයට තැබුවාය කියන්නේ වොට් 60ක බල්බයක් දල්වා තැබුවාක් වැනි වැඩක්.

ස්ටෑන්ඩ්බයි මෝඩ් එකෙන් පරිගණක උපාංග තබා ගැනීම නිසා ලොව පුරා සෑම තැනකදීම නාස්ති වෙන විදුලිය ගැන දැන් තක්සේරුවක් කර තිබෙනව. එයට අනුව පරිගණක යන්ත්‍රයක් වසරක් පුරා ස්ටෑන්ඩ්බයි මෝඩ් එකෙන් තැබූවොත් එවිට වැයවෙන විදුලිය නිපදවන්නට ඉන්ධන ලීටර් 25ක් ඕනෑ කෙරෙනව. දැන් තක්සේරු කර ඇති විදියට අද ලොව ඇති පරිගණක ගණන බිලියන 2 පමණ වෙනව. ඒ අනුව නාස්තිය සුලුපටු නැහැ.

බ්‍රිතාන්‍යයේ සිට ක්‍රියාත්මක වෙන එනර්ජි සේවිං ට්‍රස්ට් ආයතනය, බ්‍රිතාන්‍ය වැසියන් පරිගණක සහ උපාංග ස්ටෑඩ්බයි මෝඩ් එකෙන් තැබීම නිසා අපතේ යන විදුලි ප්‍රමාණය ගණන් බලා තිබෙනව. ඒ අනුව සෑම අවුරුද්දකම බ්‍රිතාන්‍යයේ අපතේ යවන විදුලි ප්‍රමාණය විදුලි බලාගාර දෙකක් නිපදවන බල ශක්තියට සමානයි. වැඩියෙන්ම විදුලිය වැය වේන්නේ වයර්ලස් රවුටරයක් ස්ටෑන්බයි මෝඩ් එකෙන් තැබීම නිසා. ඒ වෙනුවෙන් බ්‍රිතාන්‍ය වැසියෙක් ගෙවිය යුතු විදුලි බිල පවුම් 22 වෙනව. එනම් කිට්ටු වශයෙන් රුපියල් 9000ක්. ඒ ගණන් බැලීමට අනුව ලේසර් ප්‍රින්ටරයකට වැඩිපුර ගෙවිය යුතු විදුලි බිල රුපියල් 8000ක්. අයිපෑඩ් චාජරයකට රුපියල් 6500ක්. මොඩෙමයකට රුපියල් 5500ක්. ඉන්ක්ජෙට් ප්‍රින්ටරයකට රුපියල් 5000ක්. බ්‍රිතාන්‍යයේ විදුලි මිල අපේ රටට වඩා අඩුයි. එනම් අපේ රටේ දී නම් මේ මුදල ඉතාම විශාලයි.

විදුලි උපකරන ස්ටෑන්ඩ්බයි මෝඩ් එකෙන් තබා ඇතිවිට හානි වෙන බලශක්තිය අඩු කිරීමට උපක්‍රම යෙදීම කල යුතු දෙයයි. ඒ සදහා වන වොට් ප්ලෑන් (One Watt Initiative) යන නමින් යුත් වැඩ සටහනක් ඉදිරිපත් කර තිබෙනව.

එය, පරිගණක යන්ත්‍ර සහ ඊට සම්බන්ධ වෙනත් උපාංග ස්ටෑන්ඩ්බයි මෝඩ් එකෙන් තබා ඇති විට අපතේ යන විදුලිය අඩු කිරීමට නිෂ්පාදකයින්ට බල කිරීමේ වෑයමක්. මෙම බල කිරීම ස්ටෑන්ඩ්බයි මෝඩ් එකේදී වැය වෙන විදුලිය වොට් 10 ත් 15 ත් අතර නොව, වොට් එකකට වඩා අඩුව තැබීමට අවශ්‍ය තාක්ෂණික උපක්‍රම යෙදීමටයි. එය ආරම්භක ඉලක්කයයි. එහි අවසන් අරමුණ ස්ටෑන්ඩ්බයි මෝඩ් එකේදී වැය වෙන විදුලිය වොට් 0.5 දක්වා අඩු කිරීමයි.

මෙය දැන් යුරෝපා කවුන්සිලය නීතියක් ලෙසම ක්‍රියාත්මක කරයි. දකුණු කොරියා, චීනය, ඔස්ට්‍රේලියාව මෙන්ම ජපානයත් මේ ප්‍රමිතියට අනුව පරිගණක සහ වෙනත් ඉලෙක්ට්‍රොනික උපාංග නිපදවනව. මූලික වශයෙන් ඔවුන් කරන්නේ ස්ටෑඩ්බයි මෝඩ් එක නිසා අපතේ යන විදුලිය වොට් 0.2 දක්වා අඩු කිරීමට උත්සහ කිරීමයි.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

3 Comments

    • ඔව් පවර් එක වැඩියෙන් යනව… හැබැයි PC එකට connect කරල තියෙන අනික් components වලට තරන් යන්නැ

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...