Home Tech News අවසන් ගමන් යන MS paint
Tech News

අවසන් ගමන් යන MS paint

Share
blank
Share

Microsoft සමාගම එයාලගෙ Windows OS එකත් එක්ක 1985 ඉදන් අවුරුදු 32ක් පුරාවට අන්තර්ගත කරපු අපි කවුරුත් දන්න MS paint App එක Windows 10 වලින් ඉවත් කරන්න යනව කියල වාර්තා උනා.

මේ එක්කම අන්තර්ජාලය තුල මේ ගැන ලොකු විරෝධතාවක් පටන් ගත්ත. මේ ඉවත් කිරීම යෝජනා උනේ Micorosft සමාගම Windows creators update එකත් එක්ක හදුන්වල දීපු Microsoft Paint 3D කියන App එකට වැඩි අවධානයක් යොමු කරන්නයි. කාලයට ගැලපෙන විදිහට ත්‍රිමාණ තාක්ෂණය එක්ක වැඩිදුයුණු කරල තියෙන Paint 3D App එකට වඩා පරණ MS paint එකට ගොඩක් අය කැමති බව මේකෙන් පේන බවත්, MS paint එක මින් ඉදිරියට Windows store එකේ Free Download එකක් විදිහට ගන්න තියෙනව කියලත් Microsoft සමාගම තමන්ගෙ online Article එකේ ලියල තියෙනව.

Microsoft Paint 3D කියන්නෙ Microsoft Hololens, Virtual Reality, 3D printing වගේ දේවල් වලට පාවිච්චි කරන්න පුලුවන් විදිහට වැඩිදියුණු කරල තියෙන සහ සෑහෙන  ලොකු Online 3D model data base එකක් තියෙන දවසින් දවස වැඩි දියුණු වෙන App එකක්. මේක සරල 3D වැඩ කරගන්නත් පුලුවන් තරමට දියුණු වෙලා තියෙනව.

ඉදිරියෙදි නිකුත් කරන Windows fall Creators update එකේදි පරණ App ගොඩක් භාවිතාවෙන් ඉවත් කරල ඒ වෙනුවට අලුත් App හදුන්වා දීමක් බලාගන්න පුලුවන්.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

Google සහ Apple සමාගම් වලින් විශේෂ Security patches නිකුත් කරයි

තාක්ෂණ ලෝකයේ විශාලම සමාගම් දෙකක් වන Google සහ Apple, දැනටමත් සිදුවෙමින් පවතින...

Real Time පරිවර්තන ලාබාදෙන Google Translate

Google Translate app එකට අලුත් real-time පරිවර්තන හැකියාවක් එකතු කරලා තියෙනවා. මේකෙන්...

DaVinci Resolve අලුත් Update එක

Blackmagic Design විසින් ෙම් මස DaVinci Resolve 20.3 යාවත්කාලීනය නිකුත් කළේය. මෙම...

Chrome Tab Pin කිරීමේ පහසුකම දැන් Android වලටත්

Google Chrome for Android browser එකට 2025 දෙසැම්බර් මාසයේ දී බොහෝ කලක්...