Home Games Devil May Cry 5 Quick Review
GamesTech News

Devil May Cry 5 Quick Review

Share
blank
Share

2019/2020 වසර වලදි සුවිශේෂි සම්මාන දෙකක්ද ලබාගත්ත,Release එකෙන් සති දෙකක් තුල Game Copies මිලියන 2ක් අලෙවි වෙච්ච Action Games වලට කැමති අයට ගැලපෙන Devil May Cry 5 ගැන විස්තරයක් තමයි මේ post එකෙන් ඉදිරිපත් කරන්නෙ.

Devil May Cry 5 ගැන සදහන් කරොත් මේ Game එක Hack And Slash කියන Video Games වලට අයිති වෙන Game එකක් ටිකක් BrutalFighting (Combat Based) එහෙම තියෙන සුපිරිම Action Game එකක්.

Game එක Developed And Published කරන්නේ අපි කවුරුත් දන්න CAPCOM ලා. ඉතින් මේ Series එකේ එන 5 වෙනි Edition එක තමා මේ DMC 5 කියන්නේ, දැනට අවුරුදු පහකට කලින් Devil May Cry 4 Release උනා ඒකත් සුපිරිම Story එකක් තියෙන Game එකක්.

DMC 5 Game එකේ Main Characters 3ක් ඉන්නවා Dante, Nero, V ,යනුවෙන්, Story එක යන්නේ Demons ලත් එක්ක. මෙයාලගෙත් Main Villain Character එක තමා Demon King Urizen කියන්නේ, ඉතින් මේ Urizen ඇතුලු Demons ලගෙන් Human World එක බේර ගන්න එක තමා Main Missions 19 බෙදිලා Story එකක් විදිහට යන්නේ Game එකේදි.

මේ Missions 19 ම ඉහත සදහන් කර Characters 3න් ම අපිට සෙල්ලම් කරන්න අවස්තාව ලැබෙනවා එක එක Missions වලදි. හැම Mission එකක් පටන් ගැන්මෙදිම මෙයාලාගේ Skills Customize කරන්නත් අපට හැකියාව ලැබෙනව.  (අනිවාරෙන් මේ Skills Upgrade කර ගන්න වෙනවා Game එකේ ඉස්සරහට යනකොට නැත්තං ලෝක ආමරුවක වැටෙනවා)

මේ Character තුන් දෙනාට තියෙන්නෙ එයාලාටම ආවේනික උන විවිධාකාරයේ Fighting Skills, එක එක missions වලදි ඒවට වඩාත් සුදුසු කෙනාව තෝරගන්නත් පුළුවන්. මේ Story එක පුරාවටම V කියන Character එක ටිකක් Mystery Character එකක් විදිහට අරන් යනවා. Game එක End එකට ලංවෙනකොට වගේ දැනගන්න පුලුවන් වෙයි  මොකක්ද මේ V කියන Character එකේ Mystery Connection එක කියලා ( මේක පොඩි Hint එක්ක Game එකේ End එක Spoil නොකර දුන්න )

ඒ වගේම Devil May Cry 5 Game එකට ගොඩක් Positive Reviews ලැබුන. IGN එක 9.5 Rating එකක් මෙයට ලබාදුන්න. පුලුවන් නම් සෙල්ලම් කරලා බලන්න සුපිරි Game එකක්. ඉතින් තවත් මේ වගේ අලුත් Game එකක් ගැන Post එකක් අරන් එන්නම් එතකන් හැමෝටම ජය.

Share
Written by
Kaveesha_Heshan

FB - Samsung Galaxy Club මෙහෙයවන කවීශ Pcguidelk සදහා Smart Phones ගැන පැහැදිලි සහ නිවැරදි තොරතුරු ලබා දෙන ලිපි පල කිරීමෙන් දායකත්වය ලබාදෙනවා.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...