Home Tech News කොරෝනා ගැන නොදුටු පැත්ත
Tech News

කොරෝනා ගැන නොදුටු පැත්ත

Share
Share

මේ පුවත Tech සම්බන්ද දෙයක් නම් නෙමේ ඒත් අපි සමග රැදිසිටින සියලුම දෙනාව මේ සම්බන්දයෙන් දැනුවත් කිරිම අපගේ යුතුකමක් නිසා මේ ලිපිය පලකරන්න හිතුව. ඒ වගේම අනිත් අයව දැනුවත් කරන්න මෙය Share කරන්නත් අමතක කරන්න එපා.

කොරෝනා කිව්වම කවුරුත් දන්නවා මේ දවස් වෙනකොට මොකක්ද මේ කියලා ඉතින් අද මම ඔයාලා මේ ගැන නොදුටු පැත්තක් ගැන අනාවරණය කරන්න හිතුවා. කොරෝනා වයිරසය මේ වනවිටත් රටවල් රැසක් පුරාවට පැතිරිලා තිබෙනවා ඒ වගේම ශ්‍රී ලංකාවටත් මෙහි බලපැම ටිකෙන් ටික එන්න පටන් අරන් තිබෙනවා.

මේ වන විටත් කොරොනා ආසාදිතයෙක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වි තිබෙනවා, ඒ වගේම මේ වෙනකොටත් චීනයේ 43000 වයිරසය ආසාදිතයින් වාර්තා වී තිබෙනවා 420 දෙනෙක් මිය ගිහින් තිබෙනවා (දැනට එලියට දීපු දත්ත පමනයි මට නම් හිතෙන විදිහට මේ ගනන් මීට වඩා වැඩි වෙන්න පුලුවන්) ඉතින් මේ කියන ආසාදිතයන් ගෙන් තවත් අයට බෝවීමට තිබෙන ඉඩ ඉතාම වැඩි අවම වශයෙන් හතරදෙනෙකුටත් උපරිම වශයෙන් පහලොස් දෙනෙකුටත් මේ ආසාදිතයෙක් ගෙන් මේ වයිරසය බෝවිය හැකි වෙනවා. මෙහි තිබෙන භයානකම දේ තමා මේ වයිරසය වැලදුනත් දින කිහිපයක් යනකන් අපිට මෙය හදුනා ගැනීමට අපහසු වෙන එක.

ඉතින් මේ හේතුව නිසාම චීනයේ Wuhan කියන City එක සම්පූර්ණයෙන්ම Block කරලා දාන්න තිරනය කරලා තිබෙනවා. ඒ කියන්නේ මිලියන එකොලහක ජනතාවත් සමග මේ නගරය කොටු කරලා තැබීමට තීරණය කරලා තිබෙනවා. කොහොම උනත් මම කලින් සදහන් කරා වගේම මෙහි සැබැ තොරතුරු චීන රජය විසින් මාධ්‍යයට ලබාදෙන්නෙ වාරණයකට යටත් තිරීමෙන් පසුවයි. නමුත් Social Media හරහා මේ Wuhan කියන නගරයේ සිර වෙලා සිටින යම් යම් පිරිස් මේ කරුනු එලියට දෙන්න පටන් අරන් තිබෙනවා.

මේ වයිරසය නිසා ඇතිවන උණ තත්වය හදුනා ගැනීමට Airports වල දැනටමත් Thermal Cameras සවිකරලා තිබුනත් එය එතරම් සාර්ථක ක්‍රමයක් ලෙස දකින්න අමාරුයි මොකද කිව්වොත් මේ හරහා ඇගේ ඇති උශ්නත්වය මනින්න හැකියාව තිබුනත් කොරොනා රෝග කාරකයෙක් නිසිලෙස අදුරගැනීමේ හැකියාව නැති නිසා. තවමත් ශ්‍රී ලංකාවට මෙහි වැඩි බලපැමක් නැති උනත් මේ පිළිබදව අවධානයෙන් පසුවීම වැදගත්. ජනාකීර්ණ ප්රදේශයන් වලට යනවා නම් මුඛ ආවර්නයක් පලදින්න අමතක කරන්න එපා.

 

Share
Written by
Kaveesha_Heshan

FB - Samsung Galaxy Club මෙහෙයවන කවීශ Pcguidelk සදහා Smart Phones ගැන පැහැදිලි සහ නිවැරදි තොරතුරු ලබා දෙන ලිපි පල කිරීමෙන් දායකත්වය ලබාදෙනවා.

1 Comment

Leave a Reply to hasith lakshanCancel reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...