Home Tech News Ai Whatsapp වලින් සමුගන්නා Copilot!
AiTech News

Whatsapp වලින් සමුගන්නා Copilot!

Share
blank
Share

Microsoft සමාගමේ කෘතිම බුද්ධි සහයක (Ai chatbot) වන “Copilot” එළඹෙන 2026 ජනවාරි 15 දින සිට Whatsapp හරහා භාවිතා කිරීම නොහැකි බව එම සමාගම මේ වන විට නිල වශය‍ෙන් නිවේදනය කර ඇත.

මේ වන විට බොහෝ දෙනෙකු Whatsapp යෙදවුම හරහා පහසුවෙන් Copilot සමග Chat කිරීමට සහ තොරතුරු ගැනීමට පුරුදු වී සිටියද, 2026 ජනවාරි 15 දිනෙන් පසු එම පහසුකම අත්හිටුවීමට තීරණය කර ඇත. මෙය Microsoft විසින් ගනු ලබන තීරණයක් නොවන අතර Whatsapp යෙදවුමේ සිදුවන Policy update එකක් නිසා සිදු වූවක් බව Microsoft ආයතනය සදහන් කර ඇත. මෙහිදී Whatsapp යෙදවුමේ මව් සමාගම වන Meta සමාගම විසින් තෙවැනි පාර්ශවීය (Third party) Ai chatbot සේවාවන් (Eg: ChatGPT, Perplexity) ඔවුන්ගේ Whatsapp යෙදවුම තුළ භාවිතා කිරිම සීමා කර ඇත.

මෙහි අනෙකුත් කණගාටුදායක සිදු වීම නම් ඔබ විසින් මෙතෙක් සිදු කළ සංවාද (chat history) Microsoft හි වෙනත් යෙදවුම් හෝ වෙබ් අඩවි වලට ස්වයංක්‍රීයව මාරු නොවීමයි. එනමුත් ඔබගේ පැරණි සංවාද (chat history) සුරකීමට (Save) අවශ්‍ය නම්, ජනවාරි 15 දිනට පෙර Whatsapp හි පවතින “Export chat” පහසුකම භාවිතා කර ඒවා Backup කර ගැනීමට ඔබට හැකියාව ඇත.

කෙසේ වෙතත් Whatsapp හරහා Copilot සේවාව නැවතුනද Copilot ජංගම දුරකථන යෙදවුම, වෙබ් අඩවිය හා Windows පරිගනකයක් නම් (Windows 10,11) ඇති Copilot පහසුකම හරහා ඔබට ඉදිරියටත් Microsoft Copilot නොමිලේ භාවිතා කල හැක.

මේ පිළිබද වැඩිදුර තොරතුරු දැන ගැනීමට පහත වෙබ් අඩවි භාවිතා කරන්න, https://www.microsoft.com/en-us/microsoft-copilot/blog/2025/11/24/copilot-is-leaving-whatsapp-whats-next/

Share

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...