තාක්ෂණික ලෝකයේ නව පෙරළියක් ඇති කරමින් Google සමාගම විසින් ඔවුන්ගේ නවතම සහ දියුණුතම Ai මාදිලිය වන Gemini 3 නිල වශයෙන් එළිදක්වා ඇත. 2025 නොවැම්බර් මස නිකුත් කරන ලද මෙම නව සංස්කරණය මීට පෙර පැවති Gemini 2.5 මාදිලියට වඩා විශාල පිම්මක් ඉදිරියට තබා ඇති බව Google සමාගම සදහන් කර ඇත. මෙම නව Gemini 3 හි ප්‍රධාන හැකියාවන් (Core capabilities) කිහිපයක් පහත දැක්වෙ.
Learn Anything (ඕනෑම දෙයක් සරලව ඉගෙනීමෙ හැකියාව)
මෙහිදි සංකීර්ණ කරුණු ඉතා පහසුවෙන් ඔබට අවබෝධ කර ගත හැකි ආකාරයට පැහැදිලිව හා සංෂිප්ත ලෙස ඉදිරිපත් කිරීම මෙම නව සංස්කරණයේ ඇති සුවිශේෂි හැකියාවකි.
Build Anything (ඕනෑම දෙයක් නිර්මාණය කිරීමේ හැකියාව)
මෙමගින් ඇද ඇති රූප සටහන් (sketches) සහ සරල විමසුම් (prompt) වලින් ඔබගේ අදහස් නිර්මාණය කරගත හැක.
Plan Anything (ඕනෑම දෙයක් සැළසුම් කිරීමේ හැකියාව)
මෙහිදී කාර්යයන් (Task) සහ බහු පියවර ව්‍යාපෘති (multi-step projects) නිියෝජනය කිරීමේ හැකියාව උපයෝගී කර ගනිමින්, පෙරට වඩා වේගවත් දෑ නිම කිරීමට ඉඩ සලසා ඇත.
එමෙන්ම Gemini 3 හි තවත් එක් ලක්ෂණයක් වන්නේ බහුමාදිලි (multimodal) හැකියාවයි. මෙයින් අදහස් කරන්නේ මෙම ආකෘතියට එකවර විවිධ දත්ත වර්ග තේරුම් ගැනීමට හා සැකසීමට හැකි වීමයි. එනම් පහත පරිදි වේ.
- Text
- Images
- Video
- Audio
- Code
එමෙන්ම Google ආයතනය විසින් ඉදිරියේදි නිකුත් කිරීමට නියමිත Gemini 3 Deep Think නම් විශේෂිත ආකෘතියක්ද හදුන්වා දීමට නියමිතය. මෙමගින් විවිධ සංකීර්ණ ගැටළු විසදීම වැනි කාර්යන් සිදු කිරීමට විශේෂයෙන් නිර්මාණය කර ඇති බව ඔවුන් විසින් සදහන් කර ඇත.
Performance (කාර්ය සාධනය)
Gemini 3 pro, නව Ai ආකෘතියහි, කාර්ය සාධනය (Performance) මැනීමේ විවිධ Benchmarks ඔස්සේ ඉහල ස්ථානයක් ලබා ගෙන ඇත. එය පහත පරිදි වේ.
එබැවින්, Gemini 3 යනු සරල පිළිතුරු දීමෙන් ඉදිරියට ගොස්, ගැඹුරු අවබෝධයකින් හා ඉහල නිරවද්‍යතාවක් සහිත විවිධ ක්ෂේත්‍ර වල නව පෙරලියක් කිරීමට සමත් Ai ආකෘතියක් වනු බව නිසැකයකි.
මේ පිළිබද වැඩිදුර තොරතුරු දැක ගැනීමට පහත වෙබ් අඩවිය යොදා ගත හැක.














Leave a comment