Google Chrome for Android browser එකට 2025 දෙසැම්බර් මාසයේ දී බොහෝ කලක් බලා සිටි tab pinning විශේෂාංගය එකතු කරල තියෙනවා. Desktop Chrome එකේ වසර ගණනාවක් පැවති මෙම විශේෂාංගය දැන් Android users වෙත ද ලබා දී ඇති අතර, වැදගත් web pages tab list එකේ ඉහළින් ස්ථිරව තබා ගැනීමට හැකියාව සපයයි.
Tab එකක් pin කිරීම සඳහා tab එක long-press කර “Pin tab” විකල්පය තෝරා ගැනීම පමණි. Pin කළ tabs tab grid එකේ ඉහළින් වෙන් වී පෙනෙන අතර, අනෙක් tabs scroll කරන විට තිරයේ ඉහළින්ම පවතී. මෙම tabs වලින් close button එක ඉවත් කර ඇති නිසා අහම්බෙන් වසා දැමීමේ අවදානම නැති වෙනවා. unpin කිරීමට නැවත long-press කර “Unpin tab” තෝරා ගත හැක.
නූතනයේදී phones එකක් මගින් web browsing කිරීම වඩාත් ප්‍රචලිත සහ ප්‍රායෝගික වී තිබෙන අතර, බොහෝ අය tabs සියගණනක් විවෘතව තබා ගනී. Pinned tabs මෙම අවුල් තත්ත්වය මගහරවා ගැනීමට සුවිශේෂී විසඳුමක් සපයයි. Email accounts, work dashboards, shopping sites වැනි නිතර භාවිතා කරන web pages pin කිරීම මගින් ඒවා නැවත නැවත සොයා යෑමේ අවශ්‍යතාවය අඩු වේ. මෙම feature එක Beta සහ Canary builds වල සමහර users වෙත දැනටමත් ලබා ගත හැකි වුවත්, chrome://flags තුළ “Android Pinned Tabs” enable කිරීමෙන් සියලු දෙනාටම භාවිතා කළ හැක.















Leave a comment