Home Tech News ChatGPT හි සක්‍රීය පරිශීලකයින් සංඛ්‍යාව මිලියන 200 ඉක්මවයි
Tech News

ChatGPT හි සක්‍රීය පරිශීලකයින් සංඛ්‍යාව මිලියන 200 ඉක්මවයි

Share
blank
Share

OpenAI සමාගම පවසන්නේ මේවන විට ChatGPT හි සතිපතා සක්‍රීය පරිශීලකයින්ගේ සංඛ්‍යාව මිලියන 200ක් ඉක්මවා තිබෙන බවත් එය පසුගිය නොවැම්බර් මාසයට සාපේක්ෂව පරිශීලකයින් මිලියන 100ක වැඩිවීමක් බවත් ඔවුන් පෙන්වා දෙයි.තවද සමාගමේ නියෝජිතයෙකු පවසා තිබෙන්නෙ GPT-4o mini හි ජූලී මස නිකුතුවේ සිට API (application programming interface) භාවිතයද දෙගුණ වී තිබෙන බවයි.

OpenAI හි ප්‍රධාන විධායක නිලධාරී Sam Altman සේවකයින්ට පවසා තිබෙන්නේ 2023 වසර අවසානය වනවිට සමාගමේ වාර්ෂික ආදායම වූ ඩොලර් බිලියන 1.6 මේ වනවිට ඩොලර් බිලියන 3.4 දක්වා වර්ධනය වී ඇති බවයි.එය අධික වර්ධන වේගයකි.

තවද Apple, Nvidia සහ Microsoft යන ආයතන OpenAI හි ආයෝජනය කිරීමට සාකච්ඡා පවත්වමින් සිටින බව WallStreet ජර්නලය වාර්තාකර තිබේ.එම ආයෝජනයන්හි තක්සේරූ මුදල ඩොලර් බිලියන 100 ඉක්මවනු ඇතැයි අනුමාන කෙරේ.Microsoft සමාගම 2019 වනවිට Ai තාක්ෂණික කටයුතු සදහා ඩොලර් බිලියන 13ක් ආයෝජනය කර තිබේ.ඇපල් සමාගමද හෙලි කරන්නේ ඔවුන්ගේ ඉදිරියට එන Apple Intelligence හි විශාල කාර්ය භාරයක් ChatGPT මගින් සිදුකරනු ඇතිබවයි.

Sourceengadget

Share
Written by
Minidu Shashimal Aluthge

Tech Enthusiast Author

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...