Home Tech News දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතා කිරීම තහනම් කරයි
Tech News

දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතා කිරීම තහනම් කරයි

Share
blank
Share

දරුවන්ගේ මානසික සහ සෞඛ්‍ය තත්වය යහපත් අතට හරවා ගැනීමේ අරමුණින්, ඔස්ට්‍රේලියානු රජය සමාජ මාධ්‍ය පරිහරණය කිරීමේ වයස් සීමාවක් නීතිගත කිරීමට තීන්දු කර තිබෙනවා. එරට අගමැති ඇන්තනී ඇල්බනීස්, ‘දරුවන් තාක්ෂණික උපකරණ පැත්තකට දාලා සෙල්ලම් පිට්ටනිවල, පිහිනුම් තටාගවල කල ගෙවනවා දකින්න මං ආසයි’ යැයි ඔස්ට්‍රේලියානු ගුවන් විදුලි සේවයට කියා සිටියේ, පසුගිය 2024 සැප්තැම්බර් මස 10 වැනිදායි. ‘දරුවන් ඇත්ත මිනිස්සුත් එක්ක ගැවසිලා ඇත්ත අත්දැකීම් ලබා ගන්න ඕනෑ. සමාජ මාධ්‍ය සමාජයට කරන හානිය ගැන අපි දන්නවනේ.’ හේ තවදුරටත් කියා තිබුණි.

මෙම තේරුමින් ගෙන, මෙම වසර අවසන් වෙන්නට කලින්, එරට දරුවන් සමාජ මාධ්‍ය වෙතින් ඈත් කර තැබීමට ඔස්ට්‍රේලියානු බලධාරිහු දැන් ලහිලහියේ වැඩ කරනවා. ඒ සමඟම දරුවන්ට සමාජ මාධ්‍ය සම්පූර්ණයෙන්ම තහනම් කළ ලොව පළමු රට බවට ඔස්ට්‍රේලියාව පත් වෙනු ඇති. එවිට පනවන වයස් සීමාව අවුරුදු 14ත් 16ත් අතර වෙනු ඇතැයි අපේක්ෂා කරනවා.

සමාජ මාධ්‍ය භාවිතා කරන විට දරුවන්ගේ වයස විමසා බලා ඊට අවසර දෙන්නේද නැද්ද යන්න තීරණය කළ හැකි නවීන තාක්ෂණික යෙඳුමක් අත්හදා බැලීම දැන් ඔස්ට්‍රේලියාවේ ක්‍රියාත්මකයි.

මෙය වෙනුවෙන් ඔස්ට්‍රේලියානු රජය එරට ඩොලර් මිලියන 6.5ක් වියදම් කරනවා. සමාජ මාධ්‍ය සේවයක ගිණුමක් සාදා ගන්නට උත්සාහ දරන විට ක්‍රියාත්මක වෙන මෙම තාක්ෂණික යෙඳුම, හුදෙක් සමාජ මාධ්‍ය ගිණුමක් වෙත පිවිසෙන්නට උත්සාහ කරන්නාගෙන් තොරතුරු ඉල්ලා සිට, එය මත පිහිටා සිට තීරණයකට එන්නක් පමණක් නොවෙයි. විස්තර සපයන තැනැත්තාගේ වයස ජීවමිතික ක්‍රම ඇසුරෙන් තීරණය කිරීම, ඊමේල් සහ ස්මාට්ෆෝන් මඟින් තහවුරු ලබා ගැනීම යනාදී ක්‍රමවේද ගණනාවකින් යුක්ත එකක්. මෙම ආරක්ෂණ ක්‍රමය මඟ හැරීම පිණිස, වීපීඑන්(VPN) ජාල ඔස්සේ පිවිසීම වැනි උපාද භාවිතා කිරීම අසීරුයි.

මෙසේ අත්හදා බැලෙන තාක්ෂණික යෙඳුමේ දෝෂ හඳුනා ගෙන සමනය කිරීමෙන් අනතුරුව, යෝජිත නීතිය ක්‍රියාත්මක කරන බව එරට රජය පවසා තිබෙනවා. එය කඩ කරන්නන්ට දැඩි දඬුවම් පැනවීමට නියමිතය.

පසුගිය 2023 ඔක්තෝබර් මාසයේ සිට ඔස්ට්‍රේලියාවේ පාසැල් වලදී ස්මාට්ෆෝන් භාවිතා කිරීමද තහනම් තහනම් කොට තිබෙනවා. මෙසේ ඩිජිටල් උපාංග සහ භාවිත තහනමට එරට මහජනයා ලොකු අකමැත්තක් දක්වන්නේ නැහැ. පසුගිය 2024 අගෝස්තු මාසයේ කළ සමාජ සමීක්ෂණයකින් පෙනී ගොස් තිබෙන්නේ, අවුරුදු 17ට අඩු අයට සමාජ මාධ්‍ය වාරණයක් පැනවීම හොඳ බව, ඔස්ට්‍රේලියානුවන් අතරින් 61% ක් දෙනා සිතන බවය.

ඔස්ට්‍රේලියාව, ලොව වැඩිම අන්තර්ජාල භාවිතයක් ඇති රටවල් අතරින් එකකි. එරට වාසය කරන අවුරුදු 12ත් 17ත් අතර වයසේ පසුවෙන්නන් අතරින් සෑම තුන් දෙනෙක්ගෙන්ම අයෙක්, සමාජ ජාල ගිණුම් පවත්වා ගෙන යන බව, 2023 සැප්තැම්බර් මාසයේ සිඩ්නි විශ්ව විද්‍යාලය මඟින් මෙහෙයවූ සමාජ සමීක්ෂණයකින් එළිවී තිබෙනවා.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...