Home Tech News Android වලින් එන NuAns Neo Reloaded
Tech News

Android වලින් එන NuAns Neo Reloaded

Share
blank
Share

NuAns Neo කියන්නෙ ජපානයෙන් Windows platform එකට නිකුත් කරපු ටිකක් අමුතු Smart phone එකක්. අරමුදල් රැස්කරන kick starter project එකක් විදිහටත් fail වෙච්ච මේ phone එක ජනප්‍රිය උනේ ඒකෙ වෙනස් design එක නිසයි. උඩ සහ යට කොටස් මාරු කරන්න පුලුවන් විදිහට හදපු මේක මුලින්ම නිකුත් උනේ ජපානෙට විතරයි.

ගොඩක් බලාපොරොත්තු එක්ක වෙනස්ම විදිහකට phone එකේ කවර තමන්ට කැමත් විදිහට තෝරගෙන වෙනස්ම smart phone customization අත්දැකීමකට ලෝකය යොමුකල NuAns Neo කරපු ලොකුම වැරැද්ද තමයි තාමත් market එකේ ජනප්‍රිය නැති windows mobile එක තමන්ගෙ OS එක විදිහට පාවිච්චි කරපු එක. ඉතින් තමන්ගෙ වැරැද්ද නිවැරදි කරගෙන ඒගොල්ලො  NuAns Neo reloaded smart phone එක පහුගිය පෙබරවාරි 20 වෙනිද නිකුත් කරා. මේ සැරේ phone OS එක විදිහට එන්නෙ අපි කවුරුත් දන්න Android 7.1 Nougat.

NuAns Neo relaoded විස්තර

  • අගල් 5.2 1,920 x 1,080 resolution IPS තිරය
  • 3GB RAM
  • 3,350mAh battery එක
  • Qualcomm Snapdragon 625 CPU එක

 

 

මේ වෙනසත් එක්ක උපතින්ම ගොඩක් වෙනස් Neo Smart phone එක ලෝකයෙම ජනප්‍රිය වෙන්න කියල අපිත් සුභ පතනව. මේ වෙනසින් තේරුම් ගතයුතු කාරනය තමයි Windows mobile OS එක තාමත් phone users ල අතර හිතන තරම් ජනප්‍රිය නොවීම. මේ හින්දම තමයි Microsoft සමාගම එයාලගෙ අලුත් Surface phone එක ලොකු වෙනසක් එක්ක වෙළදපලට නිකුත් කරන්න ඉන්නෙ. (ලිපිය මෙතනින් කියවන්න)

 

 

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...