Home Tech News Events Amazon බඩු හොරකම් කල Manager
EventsTech News

Amazon බඩු හොරකම් කල Manager

Share
blank
Share

ඇමරිකාවේ උතුරු Carolina ප්‍රාන්තයේ Amazon ගබඩාවක සේවය කරපු මෙහෙයුම් කළමණාකරුවෙක් ඩොලර් 273,000 වටිනා පරිගණක කොටස් තමන් විසින් නැවත විකුණීම සඳහා සොරාගත් බවට වරද පිළිගෙන තියනවා. මේ සොරාගැනීම ඔහු විසින් එම භාණ්ඩ තැපැල් කිරීම කරන අතරතුර සිදු කරපු දෙයක් බවට මේ වෙද්දි අනාවරණය කරගෙනයි තියෙන්නෙ.

blank
AURORA, CO – MAY 03: A worker moves packed boxes at the Amazon fullfillment center May 3, 2018 in Aurora, Colorado. The million square foot facility, employing 1,000 fulltime employees, has over 2 million products ready to ship to customers globally. (Photo by Rick T. Wilking/Getty Images)

මේ සොරකම සිදු කරපු පුද්ගලයා 27 හැවිරිදි Douglas Wright Jr. නමැත්තෙක්. අධිකරණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරපු නිවේදනයකට අනුව Charlotte වල පිහිටි Amazon ගබඩාවකින් මේ වටිනා පරිගණක කොටස් තොගය කිහිප විටකදී මේ පුද්ගලයා විසින් සොරාගෙන තියනවා. 2020 ජූනි සහ 2021 සැප්තැම්බර් අතර කාලය තුලදී ඔහුගෙ තනතුරේ වරප්‍රසාද අවභාවිතා කරමින් hard drives, processors, සහ GPUs වැනි දේ මෙලෙස ඔහු සොරාගෙන ඇති බවයි වාර්තා වෙන්නේ. මෙලෙස සොරාගත් භාණ්ඩ ඔහු විසින් ගබඩාවේ සිට ඔහුගේ නිවසට යවා, එතන ඉඳන් California වල සිටින තොග වෙලෙන්ඳෙක්ට විකුණල තියෙනව කියලයි හෙලි වෙලා තියෙන්නෙ.

Chips ඇතුලු පරිගණක කොටස් වල හිඟයක් ලෝකය පුරා තියන අවස්ථාවක මේ වගේ සිදුවීම් සිදුවීම කණගාටුවට කරුණක්. Graphic cards වල අලුත් stocks පවා scalpers ල විසින් ඉක්මනින් මිලදී ගෙන වැඩි මිලට විකුණන පරිසරයක සොරකම් සිදුවීම මේ තත්වය තවත් බරපතල කරනවා.

ඉහත නම් කරන ලද වැරදි වලට Wright විසින් වරද පිළිගෙන තියනවා, ඒ අනුව දඬුවම් විදිහට වසර 20ක සිර දඬුවමක් සහ ඩොලර් 250,000 ක දඩයක් නියම වෙන්න පුළුවන්. නමුත් අධිකරණය තවමත් දඬුවම් නියම කරන දිනයක් නම් කරල නෑ.

Share
Written by
Pasindu Ruwandeniya

An internet kid who loves open-source software and new technologies.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...